Little Mom [E06] Sinhala Subtitles 2021 වර්ෂයේදී ඉන්දුනීසියාව තුල විකාශනය වූ Little Mom කතාමාලාව අග්නිදිග ආසියාව පුරා මහත් ජනප්‍රියතාවයක් අත්කරගැනීමට සමත්වූ අතර IMDB 7.5 ක අගයක් වාර්තා කිරීමටද සමත්වූ කතාමාලාවකි.. Little Mom [E06] Sinhala Subtitles අද අප රට තුල පවතින ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී සිදු…
Little Mom Sinhala Subtitles
2021 වර්ෂයේදී ඉන්දුනීසියාව තුල විකාශනය වූ Little Mom කතාමාලාව අග්නිදිග ආසියාව පුරා මහත් ජනප්‍රියතාවයක් අත්කරගැනීමට සමත්වූ අතර IMDB 7.5 ක අගයක් වාර්තා කිරීමටද සමත්වූ කතාමාලාවකි..
Little Mom Sinhala Subtitlesඅද අප රට තුල පවතින ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී සිදුවන දරුණු අඩුලුහුඩුකම් නිසා වයස අවුරුදු 15/16 වයසේ පසුවන නවයොවුන් දැරියන් ගැබ් ගැනීම් වලට ලක්වන සිදුවීම් බහුලව අසන්නට දකින්නට ලැබෙන අතර මේ නිසාවෙන් ඔවුන් හා ඔවුන්ගේ පවුල් වල උදවියද දැඩි මානසික ව්‍යාකූලතාවයකට පත්වෙයි. ඉතින් මෙම කතාවෙ ප්‍රධාන හරය දිවයන්නේත් එවැනි සිදුවීමකට මුහුන දීමට සිදුවූ නවයොවුන් වියේ දරුවන් දෙදෙනෙකු වටායි..
එහිදී ඔවුන් සමාජයට, තමාගේ පාසලට හා දෙමව්පියන්ට මුහුන දීමේදී මුහුණපාන ගැටළු කතාව තුල විද්‍යාමාන කිරීමට Little Mom නිර්මාපකයින් හරිම අපුරුවට සමත්වී ඇතිබව මාගේ හැඟීමයි. ඒ වාගේම දරුවන් පාසලේදී මෙන්ම තමන්ගෙ නිවසේදීත් විවිධ හිරහැරයන්ට භාජනය වීම හා එහි ප්‍රතිපලයක් ලෙස දරුවන්ගේ ක්‍රියාකාරකම් තුල සිදුවන වෙනස් වීම් මෙහිදී ඉතා සියුම්ව පෙන්වා දී තිබෙනවා. ඉතින් දරුවන් සිටින දෙමව්පියන්, නවයොවුන් වියේ පසුවන දරුවන් මෙම කථාමාලාව නරඹා එමගින් දැනුමට යමක් එකතු කරගනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.
Little Mom Sinhala Subtitlesඑහෙනම් අපි Little Mom කතා මාලාවෙ පස්වෙනි කොටසේ සිදුවීම් මතක් කරගමු..
Little Mom Sinhala Subtitlesදකින්න ඇතිනෙ යූද් ගෙ කටින් පිටවුනු වචනය නිසා සිදුවුනු අලකලංචිය.. යූද් මේක නිසා නවුරාගෙන් නොසෑහෙන්න බැනුම් අහනවා. ඉතින් කසාදය ගැන කුතුහලයෙන් ඉන්න නවුරා මංගල ඇදුම් ප්‍රදර්ශනයට
තියෙන කඩේකට ගොඩවෙනවා. එහිදී දකින මංගල ගවුමකට හිතයන නවුරා එය ඇදලා බලන්නෙ එය තමන්ට කොතරම් ලස්සනද කියලා බලන්නයි. හැබැයි මේක දකින එම කඩයේම පුද්ගලයෙක් නවුරව
හදුනගන්නවා. වීඩී ගෙ මිත්‍රයෙක් වන ඔහු ඇයගේ ඡායාරුවක් වීඩ්ට යොමු කරනවා. වීඩ් මෙය සෙලීන්ට පෙන්වන අතර සෙලීන් එය ඔවුන්ගේ පන්තියේ ඔන්ලයින් ගෲප් එකක් වෙතයොමු කරනවා.
මෙය දැක කලබලයට පත්වන ළමුන් නවුරාගෙන් ප්‍රශ්න කරනවා. මේ ප්‍රශ්න කිරීම් හමුවේ නිරුත්තර වන නවුරා අවසානයේ තමන් ප්‍රෙග්නන්ට් නැති බවත් එය ඔප්පු කිරීමට ඔවුන් ලබා දෙන ඕනෑම අභියෝගයක් ඉටුකිරීමට සූදානම් බවත් පවසනවා. ඉතින් ඇයට අභියෝගය ලෙස ලැබෙන්නේ බිත්ති දිගේ ඉහලට නගින wall climbing අභියෝගයයි. අභියෝගය පිළිගෙන wall climbing අභියෝගය සාර්ථකව නිමකිරීමට නවුරා සමත් වුවත් ඉහලදී ඇයට සිහිය නැතිවෙනවා. නවුරා, යූද් සමග බිත්තිය දිගේ පහලට එන අතර කීනන් ඒ ස්ථානයට පැමිණෙනවා. එය දැක දැඩිව කෝපයට පත්වන කීනන් ඒ ස්ථානයේ සිටි සියළු දෙනාට දොස් පවරනවා.
මේ අතර අභියෝගය ජයගෙන සතුටින් නිවසට යන නවුරා තමාගේ බෑගයේ තිබූ දිනපොත නැතිවී ඇති බව දකිනවා. යූද් සමග එය සෙවීමට wall climbing කල තැනට ගියත් එය සොයාගත නොහැකි වෙනවා. කීනන් හා යූද් අතර ගුටි බැට හුවමාරුවක් සිදුවන අතර නවුරාව කාමරයක සිරකර සෙලීන් , කිකී, වීඩී එතැනින් පැනයනවා. එහෙත් කිකී එතැනට පැමිණ නවුරාව සිරවී සිටි කාමරයෙන් ගලවා ගන්නවා. ඒ ඇය ඒවන විටත් නවුරාගේ දිනපොත කියවා ඇති නිසයි. කිකීගේ සිතේ නවුරා ගැන අනුකම්පාවක් ඇතිවෙනවා.
මේ අතර දිනපොත ඇතුලේ තිබූ නවුරාගෙ කලලයේ Ultra Sound ඡායාරූපය කිකීගේ අතින් අස්තාන ගත වනවා. දකින්න ඇතිනෙ සෙලීන් එය සොයා ගත් අයුරුත් කිකීගේ නුවනක්කාර වැඩේ නිසා එය නවුරාගේ බව ඔප්පු කිරීමට නොහැකිවූ අයුරුත්. මේ අතර කීනන් විසින් නවුරාට ගිනි කෙළි සංදරශනයක් බැලීමට ආරාධනා කරනවා. ඒ කීනන්ගේ ආදරය ගැන ඇයට පැවසීමටයි. මේ ගැන නොදත් නවුරා ඒ ස්ථානයට යන අතර ඒ ස්ථානයට යූඩත් පැමිණෙනවා. මෙහිදීත් යූද් සහ කීනන් අතර සංවාදයක් ඇතිවන අතර කීනන් විසින් නවුරාට තමාගේ ආදරය ප්‍රකාශ කරනවා. ඒත් සමග පස්වන කොටස අවසන් වනවා..
අද කොටසෙන්,
කීනන් ආදරය ප්‍රකාශ කල පසු නවුරා දැක්වූ ප්‍රතිචාරය බලාගන්න පුලුවන්.. ඒ වගේම කීනන්ගේ සහ යූද්ගේ කණ්ඩායම් අතර අවසාන තරගයත් තියෙන්නෙ අද කොටසෙ. යූද් හා නවුරා ඇතිවන ඇතිවන මත ගැටුමක් නිසා නවුරා නැවතත් දැඩි ලෙස අසරන වන ආකාරය බලන්න අද කොටස නරබන්නම වෙනවා.
එහෙනම් අපි හත්වෙනි කොටසෙන් නැවත හමුවෙමු.. එතෙක් ඔබට සුභ දවසක්..
Little Mom Sinhala SubtitlesDue to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
486 downloadsDownload Little-Mom-E06-Sinhala-Subtitles.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Little Mom Sinhala Subtitles
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
- #Al Ghazali
- #Elina Joerg
- #Little Mom
- #Little Mom [E06]
- #Little Mom [E06] Sinhala Sub
- #Little Mom [E06] Sinhala Subtitles
- #MaxxA
- #Mira Asmara
- #Natasha Wilona
- #Raisya Bawazier
- #Rhani
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Teuku Rasya
- #TV
- #ඉෂාන් මධුෂංක(ඉෂූ)
- #උපසිරැසි
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika Lakmal
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series





...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..