Watch Trailer

Lost in Space (2018) [S01 : E01] Sinhala Subtitles | නව ලෝකයකට පිය මැනීම… [සිංහල උපසිරසි සමඟ]

යම් තැනක අතරමන් වීම තරම් බයානක දෙයක් ලොව කොහෙත් නැතුව ඇති, ඔබ දන්නේ නැහැ ඔබ දිවි ගලවා ගනී දැයි කියා, මේ වගේ වෙලාවක තමුන් ආදරය කරන උදවිය ගැන, මෙතෙක් ගතකල ජීවිතය ගැන මොන තරම් නම් දේ මතක් වෙනවා ඇති ද? නමුත් හිතන්න මේ වෙලේ තමුන් ඉන්නේ තමුන්ගේ ආදරණිය පවුල එක්ක කියල… විශ්වාසයි අර කලින් කිව්ව බයානක […]

යම් තැනක අතරමන් වීම තරම් බයානක දෙයක් ලොව කොහෙත් නැතුව ඇති, ඔබ දන්නේ නැහැ ඔබ දිවි ගලවා ගනී දැයි කියා, මේ වගේ වෙලාවක තමුන් ආදරය කරන උදවිය ගැන, මෙතෙක් ගතකල ජීවිතය ගැන මොන තරම් නම් දේ මතක් වෙනවා ඇති ද? නමුත් හිතන්න මේ වෙලේ තමුන් ඉන්නේ තමුන්ගේ ආදරණිය පවුල එක්ක කියල… විශ්වාසයි අර කලින් කිව්ව බයානක හැඟීම වගේ කිහිප ගුණයක් බයානක හැඟීමක් ඇති වේවි ඔබේ සිතට, මොකද තනියම නැති වෙන තමුන්ගේ ජීවිතය වගේ නෙමෙයි දැන් තමුන්ගේ ජිවිතයේ ආදරණීයම මිනිසුන් තමුන් එක්ක අතරමන් වෙලා ඔවුනට මොනවා වේවි ද? නමුත් මේ බයානක කමම විටෙක අස්වැසිල්ලක් වෙන්නට හැකි. ඉතින් මේ සුදානම එහෙම ගමනක නිරතවෙන පවුලක් හා බැදුන අතිවිශිෂ්ඨ ටෙලි කතා මාලාවක් ඔබ වෙත තිලින කිරීමටයි…

කතා මාලාව ගැන හාර අවුස්සනට පෙර මම හිතුවා මේ කතා මාලාව ඔබ වෙත අරගෙන එන්නට මුලික වුන තැනැත්තා මුහුණු පොතේ මේ ගැන සඳහන් කරපු දේ ඔබ වෙත අරගෙන එන්නට… නමින් අශාන් විමුක්ති නැතහොත් විමා වන ඔහු කිව්වේ මෙහෙම දෙයක්…

The 100 + Terra Nova වගේ කතා සංකල්ප දෙකක එකතුවකුයි. වොකින් ඩේඩ් එකේ ශේන් වගේ තමන්ගේ ලඟම ඉන්න මිතුරෙක් වෙච්ච බොරුකාර හතුරෙකුයිි, අල්ට්‍රෝන් වගේ ශක්තියක් තියෙන එලියන් රොබෝ කෙනෙකුයි. ඔය කියපු මරු බඩු සෙට් එකක් එක කතාවක ඉන්නවා කියල.. අනිවා කට්ටිය ඇබ්බැහිවෙන කතාවක්…❤ කාලෙකින් දුෂ්ඨ චරිතෙකට වෛර කරනවා… නොදකින් ඒ ගෑනි 😏

ඉතින් ඔබ දකිනා ආරම්භය නමුත් මේ ටෙලි කතා මාලාවේ මුල් පුර්ව ප්‍රචාරක පටයත් එක්ක තමයි මොහුගේ මේ නොමද ආශාව ආරම්භ වෙන්නේ කොහොම නමුත් ඉතින් ඔන්න දැන් ඒ සිහිනය සැබෑ වෙන්න මුල්ගල තියන්නයි මම මේ සුදානම් වෙන්නේ.

ඔබත් 1990 ගණන් 2000 ගණන්වල මුල ජාතික රුපවාහිනිය නැරඹු දරුවෙකු නම් මතක ඇති අපි බොහොම අසාවෙන් බලා උන්න The Adventures of Swiss Family Robinson එහෙමත් නැත්නම් අපි දන්නා නමින් “රොබිසන් අන්දරය” නම් පවුලේ කතාව මතක ඇතුවාට සැකයක් නැහැ, සිංහල උපසිරසකරණය වගේම සිංහල හඬ මුසුවේ මහා දැවැන්තයෙක් වුන අතුල රන්සිරිලාල් මාමාගේ මුලිකත්වයෙන් අපි වෙත ආව ඒ සුන්දර කතා එකක් අපි බැදිලා හිටියේ ඒ තුල අපි දැක්ක ඒ සුන්දර පවුල නිසාවෙන් කියන එකයි මම හිතන්නේ. පවුලක් හරියට තමුන්ගේ ළමයින් වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්නට සුදානම් මවක්, පියෙක්. තමුන්ගේ සහෝදරයා, සහෝදරිය වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්නට සුදානම් මේ පවුල මගේ හිතේ නම් සදා රැදෙනවා විශ්වාසයි ඉතින් මේ කතාවේ මුලික වෙන්නෙත් ඒ වගේම රොබින්සන් පවුලක්…

මේ රොබින්සන් පවුල රේසලුට් නම් අභ්‍යවකාශ යානයේ ගමන් ගන්නා 24 වැනි කොලනියට අයත් කණ්ඩායමට තමයි අයත් වෙන්නේ. නමුත් මග දී ඇති වූ බාධකයක් හේතුවෙන් රේසලුට් මව් යානයට සිදු වෙනවා තමුන්ගේ කුඩා ජුපිටර් යානා මව් යානයෙන් මුදා හරින්නටා ඉතින් මෙහෙම යන රොබින්සන් පවුලේ යානය කඩා වැටෙන්නේ පෘථිවියට ආසන්න වායු ගෝලයක්, වායු පීඩනයක්, ගුරුත්වාකර්ෂණයක් ඇති ලෝකයක, ඒ තමයි ඔවුන්ට අත්විදින්නට ලැබෙන ප්‍රථම සුභ ආරංචිය හා එහි අවසානය මොකද මේ යානය කඩා වැටෙන්නේ අයිස් මිදෙන විලකට කිව්වොත් ඔබ හිතාවි මොනතරම් අවාසනාවක්ද කියල නමුත් එතනින් එය නතර වෙන්නේ නැහැ, ඒ විතරක්නම් මැදෑ… තමන්ගෙ දුවක් අයිස් අතර හිරවුණා. කොරේ පිටට මරේ කියන්නහේ ඒකට විසදුමක් හොයාගන්න ගිය වෙලෙ තමන්ගෙ බාල පුතත් අනතුරක් හේතුවෙන් මග හැරෙනවා. හැබයි ඉතිං පුතාව මගහැරෙන එකෙන් තමයි කතාව වෙනස් වෙන්නෙ ගන්නෙ මොකද ඒ අනතුරින් පස්සෙ ඔහුට හමුවන පිටසක්වල තාක්ශණයෙන් යුතු රොබෝවා නොහිටින්න.. කොටින්ම කිව්වොත් පුතාට වෙන ඒ හදිසි අනතුර නොවෙන්න මුලු රොබින්සන් පවුලම විතරක් නෙමෙ. මෙ වෙනකොට ඉතුරුවෙලා ඉන්න සමස්ත මානව වර්ගයාගෙම ඉරණම ඛේදාන්තයකින් නිම වෙනවා. ඉතිං අද පටං මෙලෙසින් දිග හැරෙන්නේ පිටසක්වල ලොවක අනතුරකට ලක්ව අසීරුවෙන් දිවි ගලවාගන්නා රොබින්සන් පවුල එම ග්‍රහ ලොවෙ වෙසෙන අරුම පුදුම දැවැන්‍ත සත්වයින්ගේත්, අරුම පුදුම ස්භාවික ව්‍යාසනයන්ගේත් අභියෝගයන්ට මුහුන දී සමස්ථ මිනිස් වර්ගයාවම ගලවාගැනීමේ අරුම පුදුම අන්දරයයි..

එහෙනම් මීලග කොටසින් ඔබ හමුවෙන්නම් ඉක්මනින්, අතරමන් වෙන්න කැමති ඔබත් ඔබේ අදහස් දක්වා යන්න මේ Adventure, Drama, Sci-Fi කාණ්ඩ නියෝජනය කරනා Netflix ආයතනයේ අලුත්ම ටෙලි කතා මාලාවට. ඔබ සැමට ජය වේවා !!

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

83 comments

  1. sashika7788

    ela..... thank you........................................

  2. Thisal

    thanks ;)

  3. විදුෂාන් සජිත්

    :-) බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට. බලාගෙන හිටියේ මේකට උපසිරසිය දෙනකන්.. දිගටම යමු... ජය වේවා....!! :-)

  4. hegoda

    ඔබට හැකි නම් Australia.2008 දිත්‍රපටයට නැවත නිවැරදි සබ් එක සාදන්න. මෙම සබ්එකට ස්තූතියි.

  5. Tharindu_Rukshan_Perera

    මේ වගේ කතාවක් ගෙනාවට බොහොමයක්ම ස්තුතියි ඔබට ජය...!

  6. naughty

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  7. Ayesh Prashan

    hammo...sab denakan balan hitiye.jaya wewa

  8. Chanuka Gayantha

    Thank You..

  9. LuckyDhananjaya

    aluth ekak.ela.thanx for the sub

  10. Gathsara Umesh

    Bhoooom sthuuthiyi.ikmnt ithuru tik dnn ayyee

  11. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි අයියේ
    Netflix නම් ආයේ මක්කැයි සුපිරියටම ඇති
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  12. viraj harsha

    Denakm balagena hitiye..thanks.....okkoma demu

  13. 4devinda

    Thank You... .

  14. slayer

    thank you...

  15. ranga11112

    wow..... mekanam niyamai wage.... gatta mat... thanks saho

  16. trok

    tnx bro

  17. Subhash13

    Amma.. anakan hitiye. Netfilx ai monada bn fttt.. digatama demu mach

  18. උදයංග සම්පත් හතරසිංහ

    නියමයි සමීර සහෝ... කොහෙද මේ බයිස්කෝප් අපිට පාඩුවේ ඉන්න දෙන්නෙම නෑනෙ.. මොකක් හරි අලුත් කතාවක් උස්සගෙන එනව ඉතිං... දැං ඉතිං මේක බලන්නත් සතිය ගාණෙ ඉවසගෙන ඉන්න එපැයි... ස්තූතියි හොඳේ... :D :D

  19. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  20. Nilush Angana

    Sub ekata thanx

  21. Carlton Bandara

    Thankz සහෝ

  22. AsithaDilruwan

    ela ela thanks

  23. සනිඳු ලක්ඛිත

    අඩේ මෙන්න සබ දිලා. කියලා වැඩක් නෑ හොදේ. ඔන්න ඒනම් අපිත් සෙට් උනා බලන්න. බොහොඅ ස්තුතියි සමීර අයියේ උපසිරසට..බුදුසරණයි..!

  24. Wolfman

    Ebakan balan hitiye bohoma sthuthi jayawewa

  25. Lakmal1985

    Ala ala thanks macho

  26. Shan

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ;)
    ඔන්න මම vote එකකුත් දුන්නා හොඳේ.. :P
    ජයවේවා!

  27. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  28. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    ආපු දවසෙම downlaod කරලා තියා ගත්තා සබ් දෙයි කියලා...

  29. Kawi Jayasinghe

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  30. SPrasa

    බොහෝම ස්තුතියි

  31. Menaka Niroshan

    Thanks Bro.. Thanks Again...

  32. New day

    සුපිරි වැඩක් machan

  33. podda

    ammo eka!!! ai monada belillak thamai.
    thanks bro sub ekata

  34. Kavinda Buddhika

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ඉතුරු ටිකත් ඉක්මනට දෙනකල් බලාගෙන ඉන්නවා....

  35. Udara Damith Dissanayaka

    ස්තූතියි අ

  36. Pradeep Pasqual

    උපසිරසියට ගොඩක් ස්තුතියි...!!! අලුත් කතා මාලාවක් බලන්න අාසාවෙන් හිටියේ....!!!

  37. Kulanjana Maduranga

    niayamai…patta series ekak wge...ela...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  38. rwdilshan

    tnx machan..

  39. D.Chamara

    kiyala thiyan wediyata nobala kohomada bohoma sthuthi sahoo degatama karagena yamuo jaya

  40. Madusara

    අම්මො...
    උණු උණුවෙන්ම සබ් ගෙනාවට අයියාට පින්...

  41. chinthakaruwan

    Thanks bro ...

  42. Sithara Sihan

    thankz macho meke sub denakanmi balan hitiye

  43. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......

  44. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි....................

  45. Ravindu Rukshan

    Thx

  46. sanka075

    patta
    thx sub ekta

  47. S.K. Ruchiranga

    thzz brother

  48. ishanmaduranga520

    ela bro

  49. Neox

    Thanks dude :)

  50. ckmax

    thanx sub 1ta bn

Load more comments