Watch Trailer

Love Tractor [S01 : E04] Sinhala Subtitles | යී චන් [සිංහල උපසිරසි]

Love Tractor [S01 : E04] Sinhala Subtitles හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා!! ටිකක් පරක්කුයි නේද.. කමක් නැහැ ඉතිං එන්න ටිකක් පරක්කු වුනානෙ. ඔන්න මම ඔයාලට අලුත් අවුරුද්දට තවත් අලුත් කතාවක් අරගෙන ආවා. මේ කතාව ටිකක් වෙනස් විදිහෙ කතාවක්. ආදරය ගැන කතාවක් වුනාට, අපි සම්මතයේ දකින ආදර කතා වලට වඩා වෙනස් කතා…

Love Tractor Love Tractor Sinhala Subtitles

හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා!!

ටිකක් පරක්කුයි නේද.. කමක් නැහැ ඉතිං එන්න ටිකක් පරක්කු වුනානෙ. ඔන්න මම ඔයාලට අලුත් අවුරුද්දට තවත් අලුත් කතාවක් අරගෙන ආවා. මේ කතාව ටිකක් වෙනස් විදිහෙ කතාවක්. ආදරය ගැන කතාවක් වුනාට, අපි සම්මතයේ දකින ආදර කතා වලට වඩා වෙනස් කතාවක්. මම මේ වගේ කතාවකට උපසිරැසි කරන පලවෙනි අවස්ථාව තමයි මේ. මේක වෙනස් කතාවක් නිසාමයි ඒක කරන්නත් හිතුනෙ. ගොඩක් අය මේ කතාව කොහොම පිලිගනියිද දන්නෙ නැහැ. මම නම් යෝජනා කරන්නෙ වැඩිය දෙයක් හිතන්නෙ නැතුව කතාව විතරක් රසවිඳින්න කියලයි.

Love Tractor (ආදර ගොවිපල)

තමන්ගෙ ආසාවන් අතහැරල දාලා නීති විද්‍යාලයට ගිය සොන්යුල් දක්ෂ නීති ශිෂ්‍යයෙක් වුනත්, තමන්ගෙ තාත්තා එක්ක ඇති වෙන මත ගැටුමකින් පස්සේ විද්‍යාලයෙන් ලැබුන ලොකු අවස්ථාවකුත් අතහැරල දාලා තමන්ගෙ සීයගෙ ගමට එනවා. ඒ එන ගමනෙන් පස්සෙ සොන්යුල්ට නොහිතපු අත්දැකීම් ලැබෙනව වගේම බලාපොරොත්තු නොවුන අනාගතේකුත් උදාවෙනවා.

4 කොටස (යී චන්)

ජූහි හොයන්න ගිය සොන්යුල් අනතුරට පත් වුනාම යී චන්ට පුලුවන් වෙනවා සොන්යුල්ව හොයාගන්න. අනතුරෙන් රෝහල්ගත වෙන සොන්යුල්ට සාත්තු කිරීමෙන් පස්සෙ යී චන්ට දැනෙනවා තමනුත් ලෙඩ වෙලා වගේ කියලා. ගමේ හැදුන පාසල් නොගිය යී චන්ට මේක අලුත්ම අත්දැකීමක් වෙනවා. ඉතිං යී චන් මේ අලුත් හැඟීම කොහොම පැහැදිලි කර ගනියිද…

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

924 downloadsDownload Love-Tractor-S01-E04.zip13 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

924 downloadsDownload Subtitles13 KB

2 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  2. Krishani

    Thank you ️