පෙර කොටසින්.. නවවෙනි කොටස තමයි තීරණාත්මක කොටස කිව්වොත් නිවැරදියි. ලූසිෆර් අගෝස්තු 04’වැනිදා අතුරුදහන් වෙනවා කියලා දැන දැනම තීරණය කරනවා ඒ දවස හැකිතාක් මගහරින්න. ඉතිං එයා එලා වෙනුවෙන් STEM නමින් සංවිධානයක් විවෘත කලා එලා වගේම තරුණ ගෑණු ළමයින්ව දිරිමත් කරන්න. ඇමෙනඩිල් ස්වර්ගයෙ අලුත් දෙවියන් විදිහට යනවා…

පෙර කොටසින්..
නවවෙනි කොටස තමයි තීරණාත්මක කොටස කිව්වොත් නිවැරදියි. ලූසිෆර් අගෝස්තු 04’වැනිදා අතුරුදහන් වෙනවා කියලා දැන දැනම තීරණය කරනවා ඒ දවස හැකිතාක් මගහරින්න. ඉතිං එයා එලා වෙනුවෙන් STEM නමින් සංවිධානයක් විවෘත කලා එලා වගේම තරුණ ගෑණු ළමයින්ව දිරිමත් කරන්න. ඇමෙනඩිල් ස්වර්ගයෙ අලුත් දෙවියන් විදිහට යනවා කියලා දැන දැනම ලූසිෆර් එයාට LUX එකේ හිමිකාරිත්වය බාර දුන්නා. මේ සේරම කරලා ක්ලෝයි වගේම රෝරි එක්ක අමතක නොවන විදිහට කාලේ ගත කරන්න තීරණය කරනවා. මේ අතරේ ලී මෙක් පැනලා යද්දී ඩැනියෙල්ට පුළුවන් වෙනවා එයාගෙ ආත්මේ ලී මෙක්ගෙ ඇග ඇතුලට යවලා පාලනය ගන්න. ඒ මුහුණුවරින් ලූසිෆර් ලගට යන ඩැනියෙල්ට ලූසිෆර්-රෝරි දෙන්නගෙ අලුත්ම තත්වෙත් දැනගන්න ලැබෙනවා. ලූසිෆර් කිසිම වගක් නැතුව විස්තර කිව්වට එයාටත් මතක් වෙන්නෙ නෑ ලී මෙක්ගෙ ඇග ඩැනියෙල් අල්ලගෙන හිටියත් ඇතුලෙ යට හිතේ ලී මෙක් සේරම අහං හිටියෙ කියලා.
හොද දෙයක් කියලා සිද්ද වුනෙ ලී මෙක්ගෙ ඇග ඇතුලට රිංගලා හිටිය ඩැනියෙල්ට ට්‍රික්සි ඒ කාලේ වෙද්දී හිටිය විද්‍යා කදවුරට ගිහිං, වැරදි අවබෝධයෙන් හිටිය සමහර කරුණු කාරණා වෙනස් කරගෙන, වරදකාරී බවින් මිදිලා අදුරෙන් ආලෝකයට, එහෙම නැත්තම් ස්වර්ගයට යන්න අවස්ථාව ඩැනියෙල්ට අවසානෙදි ලැබෙන එක.
අද කොටසින්.. නෑ මේක ඒකට සුදුසු වෙලාව නෙවෙයි. මොකද මේක තමයි 2016 දී පටන් ගත්ත කතාවක අවසානය සිද්දවෙන දවස. FOX ආයතනය ඔවුන්ගේ කොටස් 57 මුල් සීසන් තුන විදිහට විකාශය කරලා 2018 වසරේදී නවත්තන්න තීරණය කරනවා. කතාව ආරම්භයෙදී උපසිරැසි රවිඳු තේනබදු වගේම මේ කතාවේ වැඩිම කොටස් ප්‍රමාණයකට උපසිරැසි ගැන්වීම කරන්නෙ යසිරු හසරංග සහෝදරයා. මීට අමතරව මධුකප්‍රිය පෙරේරා, ප්‍රණිත් රණසිංහ, ප්‍රනීත් මධූ, දිල්ෂාන් සචින්ත, මයුර සුරාජ්, රවිඳු රුක්ෂාන්, නවෝදනී තිළිණි, පසිදු මධුමාල්, ප්‍රබුද්ධ කේසර විතානගේ, මලිත් වීරමුණි, කවිශල් රසින්ත මේ අයගෙ එකතුවෙන් තමයි සීසන් තුනක් දක්වාම උපසිරැසි නිර්මාණය වෙලා ඔයාලා අතට පත්වෙන්නෙ.
FOX වලින් කැන්සල් කරලා Netflix වලින් මේ කතාව ලබාගෙනෙ ඔවුන් යටතේ වෙනමම අලුත් සීසන් තුනක් දක්වා මේ කතාව අරගෙන යන්න තීරණය කලාම තමයි කලින් වතාවට වඩා වැඩේ අමාරු වෙන්නෙ කොටස් සියල්ලක්ම එක දවසෙ නිකුත් වීමත් වගේම පැයකට ආසන්න චිත්‍රපටයකට උපසිරැසි ගන්වනවා වගේ ලයින් ප්‍රමාණයක් උපසිරැසියක ඇතුලත් වෙද්දී. අමාරුවෙන් හරි Netflix යටතේ නිකුත් කල සීසන් තුනම පසිදු, සොනාලි තාරිකා, C. R. ජයලත්, නවින් නිසල් ධනුෂ්ක, චමල් ලක්ප්‍රිය, මලිත් මධුශාන්, කවිශල්, හිරාන් එරන්ද ගනේපල්ල, චානක ඉඳුනිල්, යුරාන් ධනුක, මධුකප්‍රිය යන සහෝදර උපසිරැසිකරුවන් යටතේ නිර්මාණය වෙලා ඔයාලට ලැබිලා ඇති. නම් සදහන් කල හැමෝම මේ වෙද්දී උපසිරසිකරණයෙ නැහැ. සමහරු උසස් අධ්‍යාපන කටයුතු වලට මුල්තැන දීලා වැඩ කරද්දී තවත් අය රැකියාව නිසා කාර්යබහුල වෙලා. ඒත් ඉතිං මේ අවුරුදු කිහිපය පුරාවට උපසිරැසි ලබා දුන්නු හැමෝටම ස්තුතියක් ලැබෙන්න ඕන මේ කොටස් 93ක කතාවට ලොකු රුකුලක් වුනාට.
ඒවගේම මේ කාලය පුරාවට බයිස්කෝප් සිංහලෙන් වෙබ්අඩවිය ගැන විශ්වාසය තියලා උපසිරැසි ලබාගත්ත, අදහස් දක්වපු හැමෝටම ස්තුතියි.
මේ ටිකේ උපසිරැසි දෙන්න පරක්කු වුනාම වැටෙන කමෙන්ට් අතරේ ‘කරන්න බැරිනම් වෙන කෙනෙකුට දියං’, ‘සබ් කරන අය දෙතුන් සීයක් ඉන්නවනම් ඒ අයගෙන් දහ දෙනෙකුට මේකෙ කොටස් දහය බෙදන්න තිබ්බනෙ’ වගෙ කතා මතුවෙනවා දැක්කා. ඔය කියනවා වගෙ දෙතුන් සීයෙන් දහ දෙනෙක් සබ් කරන්න ඉන්නවනම්, ලූසිෆර් සීරිස් එක පටන් ගන්න මුල් වෙච්ච අයවත් නැතුව මේ අරං ආව සීසන් වල උපසිරැසි අරං එන්න හේතුවක් තිබ්බද කියලා උපසිරැසිකරුවන්ගෙ ලිස්ට් එකේ කීයක් ඉන්නවද කියලා ගනින වෙලාවේ පොඩ්ඩක් හිතලා බලන්න.

අනික් අය ගැන කියන්න නම් දන්නෙ නෑ ඒත් මේ සයිට් එක ඇතුලෙ කිහිප දෙනෙක් එකතු වෙලා උපසිරැසි ගන්වන කතාවලදී ජීවීතේට ඒ අදාල කතාවේ කොටසක් හො බලලා නැත්තම් ගොඩක් වෙලාවට ඒ වගෙ හවුල් වෙනවා අඩුයි. මොකද ඒ අයට අවබෝධයක් නැතුව එහෙම දේකට සම්බන්ධ වෙනවා කියන්නෙ උපසිරැසියෙ කොහේ හො තැනක වරදින්න තියෙන ඉඩකඩ වැඩියි. එතකොට සේරම වැඩ පැත්තක දාලා තව කවුරුහරි කෙනෙක් ඕවා චෙක් කරන්නත් ඕන. ඔය වගෙ ප්‍රශ්ණ අඩු කරගන්නයි, කරන වැඩේ හොදම විදිහට දෙන්න ඕන නිසයි වෙන දේ ගැන අවබෝධයක් තියෙන අයම එකතු වෙන්නෙ. එහෙම නැත්තම් දෙමළ, හින්දි, මලයාලම් ඔය හැම භාෂාවෙන්ම සබ් කරන අයව එයාලගෙ අකමැත්තෙන් වුනත් අපිට බල කරලා එකතු කරගන්න තිබ්බා.
පැහැදිලිවම අපි ඔය කොයි කවුරුත් අපහසුතාවයට පත් නොවෙන්න වැඩ කරන්න උත්සහ කලාට, සමහරුන්ට තමන්ගෙ අවශ්‍යතාවය හැරුනම අනික් කිසි කෙනෙක් ගැන පුංචිම තැකීමක් නෑ. ඒකනේ සමහරු ‘සෙක්ස් එඩියුකේෂන් දවසින් සබ් දීලා ඉවර කරපු කෙනාටම ලූසිෆර් එකත් බාර දෙන්න තිබ්බනෙ’ වගෙ ආතක් පාතක් නැති කතා කියලා තිබ්බේ. අඩුම තරමේ ඒකෙ සබ් කරන්න හය දෙනෙක් හිටියා කියලාවත් මෙලෝ සිහියක්, අවබෝධයක් තිබිලා නෑ.
මං කරන ඒවයෙ කමෙන්ට් නොකලත්, හොයලා බැලුවේ නැතත් කමක් නෑ ඒත් මේකෙ වැඩක් කරන්න එකතු වෙලා ඉන්න අය ගැනවත් පොඩ්ඩක් හිතාලා වැඩ කරන්න තමන්ගෙ අවශ්‍යතාවය ගැනම හිතලා ආත්මාර්ථකාමී, පටු විදිහේ අදහස් පල කරලා ඉන්න අයටත් එපා කරවන්නෙ නැතුව.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
13,961 downloadsDownload Lucifer-S06-E10.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
77 comments
Anonymous
Anonymous
thanks bro
Chathura
Tanks bro sub ekata
Tharaka
Thankyou so much for the subtitles
chinthaka.max4
thankx machan
Anonymous
Thnx Sahoo. Threesome 2021 series eketh Sub Denna puluwnd
Anonymous
Thnx bn ublge sub nattam mn Tv Series Film balannet na.
Parakku wela hri sub eka kolitiyata dena eka tama watinne.Anonymous
තෑන්ක්ස් බන් සබ් එකට මුලූ ටීවී සීරීස් එකම ආතල් එකේ බැලුවේ උබලා හින්දා තමා.......
Pasindu Madumal
පළවෙනි සීසන් එකේ මුල් එපිය නිකුත් වෙලා දැනට අවුරුදු 5ක ආසන්න කාලයක් වෙනවා. කියන්න සතුටුයි එදා වගේම අදටත් ඉන්න ලුසිෆර් ෆෑන් බේස් එක ගැන. චාමර අයියා උඩ කියල තියෙනවා වගේ මේ කොටස් 93ට අදාළ උපසිරැසියන් කරන්න දායක වුණු හැමෝටම ස්තූතියි වගේම උපසිරැසි වෙබ්පලේ පළකිරීමේදි යම් කිසි අපහසුතාවයකට පත් වුණා නම් සමාවෙන්න. එහෙනම් සෙල්ලක්කාර යක්ෂයා, ලුසිෆර්ගේ කතාව මෙසේ නිමා විය. ❤️
Anonymous
thanks, al lot, all of you
මයුර
ස්තූතියි සෙට් එකටම. ජයවේවා
malith madhushan
ඒ කතා සමයත් එසේ නිමාවිය හැමෝටම ස්තුතියි
Sahan Sulakkhana Subasinghe
බොහොම ස්තුතියි මෙතුවක් කතා සමයන් සියල්ලම අප වෙතට ගෙනාවට, අනවශ්‍ය අයගේ කතා වල හිත රිදවා ගැනීම් කරන්න එපා, එයාලව නිකන්ම අහක් කරලා දාන්න. ඔයාලා මේ කරන දේ දිගටම කරගෙන යන්න. ඒ වගේම ස්තුතියි ලස්සන කතා මාලාවක් අපිට මේ අවුරුදු ගානපුරාවටම ගෙනත් ඇවිත් මෙසේ අවසන් කිරීම ගැන. නැවත වතාවක් ස්තුතියි ඔයාලා හැමෝටම.
Kv reshan
Thnks brother..ලුසිෆර් ගැන තියෙන තව ෆිල්ම්ස් ට්ව් සීරීස් නැද්ද??
Nuwandi SM
Supernatural
Tharusha
❤️❤️❤️❤️ Thanks බං
Kv reshan
Thnks brother..ලුසිෆර් ගැන තියෙන තව ෆිල්ම්ස් ට්ව් සීරීස් නැද්ද??
Kv reshan
Eye of the dragon princess film eka dnnko
Anonymous
පට්ට බං.... සීසන් 6ම සබ් download කලේ ඔයාලගෙන්...
B_Mal
Thankyou for all 6 seasons
tharidu16
මගේ අදහසත් ඒක තමයි. කෑලි 10 බෙදාගත්තා නම් හරි. එකවර දාපු සීසන් එකක් නිසා. එත් ඉතිං බෙදන්න කට්ටිය නැත්තං මොනවා කරන්නද එක එක ගානේ හරි ගෙන්න. එහෙම නැත්තං ඔයාම ඔක්කම කරලා එකවර දාන්න. මොකද ඉතිං මේවා සල්ලි අරගෙන කරන එව්වා නෙවෙයිනේ. මම නම් අද තමයි බලන්න යන්නේ. මට බැ එක එක බලලා අනික එනකල් බලාගෙන ඉන්න. ඒ නිසා ඔක්කම දුන්නාම තමයි බලන්නෙ මම සාමන්‍යයෙන්. ඉතිං කොයි විදිහට ඔයාලා දුන්නත් අපට මොකුත් කියන්න බැ. මොකද නිකංනේ දෙන්නේ. එනිවේ තෑන්ක්ස් ඔක්කලමටම මෙ මහන්සියට.
KasunRe
Season 6 පුරාවටම උපසිරසි ලබා දෙමින් අපහට කතාමාලාවේ රසාස්වාදය ගෙනදීමට උපකාර කල සියලු දෙනාටම බොහොම ස්තූතියි.....
JonDoe297
ස්තූතියි කට්ටියටම කුණු කතා අහගෙන, හිත් රිද්දගෙන හරි සීරිස් එකම දීලා ඉවර කලාට. වැඩේ අත අරින්න එපා.
sachintha
Lucifer කතාමාලාවට ආරම්භය ලබාදුන් රවිඳු හා යසිරු සහෝලත් , මේ දක්වා සියලු කොටස් සදහා උපසිරැසියකරනයෙන් සහය වූ සියලු සහෝදරවරුන්ටත්, අඩවියේ ඇඩ්මින් මඩුල්ලට හදවතින්ම ස්තූති වන්ත වෙනවා කොටස් 93 ක් පුරාවට උපසිරැසි අප වෙනුවෙන් ලබා දීම වෙනුවෙන්...
Kasun Akalanka
කොච්චර පරක්කු වුනත් ඉවසල ඉන්නෙ බයිස්කෝප්lk එකේ සබ එනකම්. ඒ quality එකට කැමති නිසයි. මම හිතන්නෙ මේකෙ ඉන්න අනිත් අයත් එහෙමයි. සමහරුන්ට ඉවසීම නෑ. සමහරු ඉවසල බලන් ඉන්නවා. හැමෝටම කියන්න තියෙන්නෙ සයිට් එක ගැන විශ්වාසයෙන් ඉවසල ඉන්න කියල. පුලුවන් ඉක්මනට එයාල වැඩේ කරයි. හැමෝටම ස්තූතියි. ජය වේවා.
kavindu srimal
godaak sththi..
jaya weva...Anonymous
Thanks everyone for all subtitiles.
Charuka
Thank for all sub tika dunnata good luck all writer ♥️♥️♥️
Anonymous
පළවෙනි සීසන් එකේ ඉදන් අන්තිම සීසන් එක වෙනකම් සබ් දුන්නට ගොඩක් පින් හැමෝට ❤️
Nuwandi SM
Thank you so so much කතාව අතාරින්නෙ නැතුව දිගටම කලාට. ගොඩක් බයෙන් හිටියෙ අනිත් කතා වගේ මේ කතාවෙ අවසානය බලන්න බැරි වෙයි කියලා. ඔයාලට පින්. ඒ වගේම ඉල්ලන්න ඕනි අලුත් series කරනවට වඩා ඉවර කරල නැති series වලට sub දෙන්න කියල. ගොඩක් ඒවගෙ තියෙන්නෙ එක සීසන් එකක් විතරයි තව. Blindspot, sabrina වගේ හොද සීරිස් පවා ඉවර කරල නෑ.. ගොඩක් ආදරෙන් ඉල්ලනවා ඒ වගේ series ටික ඉවර කරල දෙන්න කියල.. ජය වේවා
Tharaka
mn dnne na me sub 1ka gnna balan inna un mokata me trm mahnsi wela sub 1ka karla niknma apita genat dena me adarniya minissunta baninne kiyla.ehma banina unta banine natiwa sub 1ka karla ewpallko..yko me minissu salli walta wada karnwa nwine...1000k tamnge wada rajakari tyna atre api wenuwn karana me sewayta agayanna barida..parakku una kiyla uda paninne..magula.
mn film balnna tv series balnna ptn gtte me site 1ka mta yaluwek dila awata passe.eda idan me wenkn mn gtta hama sub 1katma sub karla dipu hma kenma mta nm porak.mokada e aya e dwl kare kagenwat kisima deyak balaporottuwen nwi.itin mn e hamotma mge hadapatulenma me welwe stutiya puda karnwa.
e wagema LUCIFER aran awa yasiru hasaranga, ravindu tenabadu saha madukapriya perera kiyna sahodaryo 3dena wagema ada me kotasa wenkam sub karapu hama sahodryektma sahodariyaktama bohomatma stuti api wenuwen me karna sewayata..
oyla hamotma Jayen Jayama wewa..!!!
Niduk nirogi wewa..!!
Budu saranai...!!!visu_rajapaksha
ගොඩක් ස්තූතියි!
ලුසිෆර් 1 වෙනි සීසන් එකේ ඉදන් අන්තිම එකට වෙනකම් සබ් දුන්නට..
ගොඩක් ආදරේ කරපු සීරිස් එකක් මේ වවිදියට ඉවර වෙනවා!
ආයේ පාරක් ස්තූතියි සබ් දීපු හැමෝටමKanishka viraj
thanks sub tikata api digatama oyalath ekka innawa..digatama karan yanna ...good luck
Supun Kaushalya
තෑන්ක්ස් මේ කතාවට සබ් දීපු හැමෝටම
Chamath Ranaweera
Sub ekata thanks Bro!! Seasons 6 ma karapu hemotama Thanxxx
Gathsara Umesh
බොහෝම ස්තූතියි සීසන් 6ක් පුරාවට කිසිම අඩුපාඩුවක් නැතුව සබ් එක කලාට හැමෝටම..
ජයාවේවා...❤️✌️❤️Chamil R
Niyamai...
යුරාන් ධනුක (දනුවා)
උපසිරැසියට බොහෝම ස්තූතියි චාමර සහෝ
පළමු කතා සමයේ පටන් උපසිරැසි දීපු සියළුම උපසිරැසිකරුවන්ටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා.
මුල පටන්ම බයිස්කෝප් අඩවිය එක්ක හිටපු රසිකයන්ටත් බොහෝම ස්තූතියි.එහෙනම් ඔබට සුබ ගමන් ලුසිෆර් !
Lakshan
You tv series elata sub eka dennako brother!
Anonymous
thunks .....
Anonymous
thank you mekata sub dunnata mama balapu lassanama kathawa thankyou baiscope
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Lakmal Thilakarathna
මුල ඉදලම උපසිරැසි දුන්නට බොම ස්තූතියි
ජය වෙවා!!!❤Devinda
සහෝ ලංකාවේ සිංහල සබ් දෙන සයිට් ඕනෙතරම් තිබ්බත් ආඩම්බරෙන් කියන්න පුලුවන් ලුසිෆර් සීසන් හයම බැලුවෙ බයිස්කෝල් එකෙන්. මොකද අපි දන්නව මොනම හේතුවකට හරි සබ් දෙන්න පරක්කු උනත් අපිට දෙන්නෙ ආයේ හොදම විදියට කියල. මන් හිතන්න මේ සයිට් එකෙන් සබ් ගන්න ඕනෙ කෙනෙක් ඒක දන්නව ඇති.
ඉතින් සහෝ අවසාන වශයෙන් කියන්න ඕනෙ සීසන් 01 එකේ ඉදලා අදවෙනකන් සබ් දෙන්න මහන්සිඋනු කියලුම සහෝදර සහෝදරියන්ට මගේ හර්දයාංගම ස්තූතිය පුද කරනව.. ජයෙන් ජය සහෝ.. බොහොම ස්තූතියි.
සච්ත්‍ර නිර්මාණ
නියමයි කොල්ලෝ
Anonymous
thank you so much Good Bye Lucifer....
Manilka perea
Thanks bro sub ekata
Priyanwada Perera
Thanks for the subtitles
Prasa
thanks........!!!!
Sameera
Thanks sago sub walata
Harsha
Thank you I watched all episodes because of this site. So don't stop your valuable work because of some stupid fellows, Continue your good work, We will support you!!!
Sugala Deshani
Thank you
පමොද් හංසක
ගොඩක් ස්තුතියි බයිස්කෝප් ඇඩ්මින්වරැන්ට හා උපසිරසකරුවන් සියලුම දෙනාට lucifer season 1 සිට season 6 දක්වාම මේ ලස්සන කතාංගයට සිංහල උපසිරස සැපයුවාට ❤️❤️❤️❤️
Gihan
ලුසී්‍ෆර් පලවෙනි සීසන් ඒකේ ඉදං අන්තිම සීසන් ඒක වෙනකම්ම හොදම විදියට උපසිරැසි ලබාදුන්නට බයිස්කෝප්හී ඔබට බොහෝම ස්තූතියි.... ♥☻☻
ජයෙන් ජයම වේවා බයිස්කෝප් අඩවියට ......පුලුවන් නම් Chilling Adventures of Sabrina Season 04 සබ් ටිකත් දාන්න..☻
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks සහෝ සබ් එකට