ආයූබෝවේවා බයිස්කෝප්වාසී යාළුවනේ. ලොවපුරා අතිශය ජනප්‍රිය උන සෙල්ලක්කාර යක්ෂයා නොහොත් Lucifer කතා මාලාවේ අවසාන කතා සමයේ අවසානයට තමයි කණගාටුවෙන් උනත් අපි ළං වෙලා ඉන්නේ. අද කොටසින් පස්සේ තව එක කොටසයි තියෙන්නේ. අද කොටසට මේ කතාමාලාවේ ලැබුන උපරිම IMDb අගය 9.5ක් ලබාගැනීමට සමත් වෙලා තියෙනවා. 08 වෙනි කොටස අප…

ආයූබෝවේවා බයිස්කෝප්වාසී යාළුවනේ. ලොවපුරා අතිශය ජනප්‍රිය උන සෙල්ලක්කාර යක්ෂයා නොහොත් Lucifer කතා මාලාවේ අවසාන කතා සමයේ අවසානයට තමයි කණගාටුවෙන් උනත් අපි ළං වෙලා ඉන්නේ. අද කොටසින් පස්සේ තව එක කොටසයි තියෙන්නේ. අද කොටසට මේ කතාමාලාවේ ලැබුන උපරිම IMDb අගය 9.5ක් ලබාගැනීමට සමත් වෙලා තියෙනවා. 08 වෙනි කොටස අපේ පසිඳු මල්ලි ගෙනාවනේ. අවසානයට ලං වෙලා තියෙද්දි අපේ විනෝදකාමී යක්ෂයා අද මොකද කරන්නේ කියලා බලමු.
අද කොටසින් . . . .
කොහොමහරි සර්ව බළධාරී දෙවියන්වහන්සේ වෙන්න ලුසිෆර් කැමති උනානේ, ඒත් එයාගේ පියාපත් හරියට වැඩ නෑ කියලා වැඩේ කල් යනවා. තමන්ගේ ඉරණම දෙවියන්වහන්සේ වෙලා ස්වර්ගය පාලනය කරන එක නෙමෙයි කියලා මේ අතර ලුසිෆර්ට තේරෙනවා. මේ ගැන ඇමෙනඩියෙල්ට පැහැදිලි කරන්න උත්සහ කලාට ඇමෙනඩියෙල්ට යක්සයා ආරූඪ වෙනවා. මේ අස්සේ ස්වර්ගයට යා ගන්න බැරුව ආතක් පාතක් නැතුව ඉන්න ඩැනියෙල් තමන්ගේ මරණෙට වග කියන්න ඕන ලෙ-මැක්ව බලන්න හිරේට යනවා. එතනදි ඇතිවෙන සිදුවීමකින් ලෙ මැක් හිරෙන් පැනගන්නවා වගේම ඩැනියෙල්, ලෙමැක්ගේ ශරීරයේ හිර වෙලා ජරමරයක් වෙනවා. මේ අස්සේ ලුසිෆර් අතුරුදහන් වෙනවා කියලා රෝරි කිව්ව අගෝස්තු 04 වෙනිදත් ලබනවා. ඉතිං ඒකට ලුසිෆර් බයවෙලා ගේ ඇතුලේ ආරක්ෂක කාමරයකුත් හදාගන්නවා. කොහොමින් හරි හදිස්සියෙවත් අද තමන්ගෙ අන්තිම දවස උනොත් කියලා ලුසිෆර් තමන් ආදරය කරන කට්ටියගෙන් සමුගැනිමකුත් කරනවා. එහෙනම් අද මොකද වෙන්නේ කියලා ඔයාලත් බලන්නකෝ. අද කොටස ගොඩක් හැඟීම්බර විදියට නිර්මාණය වෙලා තියෙනවා.
ඉතිං මේ කොටසින් මගේ වැඩ කොටස අහවරයි. අවසාන කොටස චාමර සහෝ හෙට ඔයාලට දෙයි. මාව මේක සම්බන්ධ කර ගත්තට පසිඳු මධුමාල් මල්ලිටත්, අපේ ඇඩ්මින්වරයෙක් වෙන චාමර සම්පත් සහෝටත්, Lucifer කතා මාලාවේ මුල් අදියරයන්ට උපසිරසි නිමවු උපසිරැසිකරුවන්ටත්, මාත් එක්ක මේ කතාමාලාවට උපසිරැසි කරන්න එකතු උන පසිඳු, චාමර, කවිශල්, රවිදු, මදුකප්‍රිය, මලිත්, සහ හිරාන් යන සහෝදරයන්ටත්, මෙච්ච්ර කල් වචනයකින් හෝ දිරි ගැන්වු ප්‍රේක්ෂක ඔබටත් හෘදයාංගමව ස්තූතිකරන ගමන් ගිහින් එන්නම්, මම දනුවා.
ඔබට සුබ ගමන් ලුසිෆර් . . . . . !
අද කතාංගයේ නම – Goodbye Lucifer
කතා රචනය – Chris Rafferty
අධ්‍යක්ෂනය – Kevin Alejandro
විකාශය වූ දිනය – 2021 සැප්තැම්බර් 10
IMDb අගය – 9.5
අවසාන කතාංගය – Partners Till the End

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
13,085 downloadsDownload Lucifer-S06-E09.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
18 comments
Anonymous
Anonymous
Thanks for sub
udana
thank bm ithuru epiyath ikmnta diyn
thisal
thx bn.ithuru ekath dapn
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
chinthaka.max4
thankx machan
B_Mal
Thankyou
malith madhushan
බොහොම ස්තුතියි යුරාන් සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Pasindu Madumal
උපසිරැසියට තුති යුරාන් අයියේ ❤️
Tharaka
Subata thanks bro..!!!
Anonymous
ඇයි සබ්ටයිට්ල්ස් මගින් පෙන්නන එක නවතින්නෙ? මට විතරක්ද ඒක වෙන්නෙ ඇයි එහෙම වෙන්නෙ දන්න කෙනෙක් කියන්නකො.
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALNATH
Thanks...........good luck........
Dewadithya
Thanks for sub!
Anonymous
Thnx for sub ...❤️
lakshan
thanks ......................
Advertisement



Tq