ගොඩ කාලෙකින් තමා අවස්ථාවක් ආවෙ ඔයාලට සබ් එකක් දෙන්න. මේක BBC නාලිකාව මගින් නිකුත් කරපු කොටස් දෙකකින් සමන්විත මිනි සීරිස් එකක්. 2017 වසරෙ තමා නිකුත් වෙලා තියෙන්නේ. ඒ වගේම 2018 වසරේ Emmy Awards වල Best Mini Series or TV Movies කියන කැටගරි එකේ හොදම සම්මානය ලබාගෙන තියෙනවා. මේක අඨ්‍යක්ෂණය කරල තියෙන්නේ M…

ගොඩ කාලෙකින් තමා අවස්ථාවක් ආවෙ ඔයාලට සබ් එකක් දෙන්න. මේක BBC නාලිකාව මගින් නිකුත් කරපු කොටස් දෙකකින් සමන්විත මිනි සීරිස් එකක්. 2017 වසරෙ තමා නිකුත් වෙලා තියෙන්නේ. ඒ වගේම 2018 වසරේ Emmy Awards වල Best Mini Series or TV Movies කියන කැටගරි එකේ හොදම සම්මානය ලබාගෙන තියෙනවා.
මේක අඨ්‍යක්ෂණය කරල තියෙන්නේ Michael Samuels විසින්. ඒ වගේම නළු නිළියන් ලෙස රංගනයෙන් Julian Morris, Vanessa Redgrave, Oliver Jackson-Cohen, Joanna Vanderham, James McArdle, David Gyasi දායක වෙනවා.
ආදරේ කියන දේ හරිම අමුතු හැගීමක්නේ, ආදරේ කරල ඒ වෙනුවෙන් අඩපු කට්ටිය දන්නවා ඇතිනේ ඒකෙ අරුමේ කොහොමද කියලා. අපිට ලෙඩ උනාම අපිබෙහෙත් ගන්නවා. ඒත් ආදරෙන් ලෙඩ වුනොතින්. හ්ම්ම් ඒක කියන්න වචන නැහැ. මේක සමරිසි ආදර කතාවක්, ඉතින් එහෙම අයට අදරේ කරන්නවෙන්න ලෝකෙට හොරෙන්නේ. මම ඔයාලට කතාව කියන්න යන්නේ නැහැ. බලලම රස විදින්න. හරිම ලස්සන සංගීතයක් වගේම ඉතා හොද රගපෑමක්ඔයාලට බලාගන්න පුළුවන්.
පළමු කොටස
එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් යමු. ඉස්සර දෙවැනි ලෝක යුද්ධ කාලේ එංගලන්තයේ සමරිසි ඇසුරවල් නීතියෙන් තහනම් කරලා තිබුනා. එහෙම කාලේකතමා මයිකල් ට මාර්ච් ව මුණගැහෙන්නෙ, හමුදාවේ සේවය කරන අතතුරේදී මුණගැහෙන මේ දෙන්නා අතර මිත්‍රශීලී බවක් ඇතිවෙනවා. ඒත් මයිකල් ගමේෆ්ලෝරා කියන්න කෙල්ල එක්ක විවාහ වෙන්න ගිවිසගෙනයි ඉන්නෙ. නමුත් මයිකල්ගෙ සහ මාර්ච්ගෙ අතර හොර ආදර සම්බන්දතාවයක් ගොඩනැගෙනවා. ඒත පස්සෙ ඒක වෙනස් වෙනවා, සමාජයේ බලපෑම නිසා. පළවෙනි එපිසෝඩ් එක යන්නේ මේ අතීත කතාව වටා.
දෙවැනි කොටස
මේ කොටසේ යන්නේ වර්ථමානයේ ලන්ඩන් වල ඉන්න මයිකල්ගේ මුණුපුරා වෙන ඇඩම් වඩා. සීයා වගේම මෙයත් සමරිසි පුද්ගලයෙක්. නමුත් ඇඩම් සීයා වගේනෙවේ. ටිකක් වෙනස් හැගීම් තියෙන කෙනෙක්. මෙයා ජීවත් වෙන්නේ ෆ්ලෝරා එක්ක. ෆ්ලෝරා දැනගන්නවා ඇඩම්ගේ මේ වෙනස. මයිකල්එක්ක තිබුනුසම්බන්දතාවය එක්ක ෆ්ලෝරා ඇඩම්ගේ මේ වෙනස කොහොම දරාගනීද?
ඉතින් කැමති කට්ටිය අරන් බලන්න කියනවා මේ කතාව. මම උපසිරැසි හැදුවේ Bluray Copy එකට. ඉතින් ආරාධනා කරනවා සියලු දෙනාට මේක රසවිඳින ලෙස.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,307 downloadsDownload Man-in-an-Orange-Shirt-E01-E02.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිනෙත් ගමච්චිගේ” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිනෙත් ගමච්චිගේ
Subtitles
9 comments
Umesh Bandara
asel kula
thank you so so mych godak thanks.supiri kathawak
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Sajith
Adereyata ganu pirimi bedayak naa saho
Eka windapu kenk witharai eka danne
Eka nisa wenna athi mka wadiya kauruwath balannathe
Monawa unath danna kattiya dannawa me wage film ekak baladdi therenawa athieka wage dennek adere kerama danena hangima.sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
කවිඳු ජයවර්ධන
කතාවනම් හොදයි වගේ.සබ් එකට බොහොම ස්තුතියි සහෝ.!!!..ඔබට ජය..!!!
No name
Thank you.. I love LGBT movies.
indika75
thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

නියමයි.ස්තූතියි