අපි අද මුණගැහෙන්නේ WandaVision නමවෙනි කතාංගය, ඒ කියන්නේ මේ සීරීස් එකේ අවසාන කතාංගය එක්කයි. අටවෙනි කොටසින් අපි නොදැන හිටිය ගොඩක් කරුණු හෙළි වෙනවා. පහුගිය කොටස ගැන ටිකක් බලලා ඉමු. ඇගතාගේ අතීතය ගැන පෙන්නලා තමයි කතාව පටන්ගත්තේ. 1693 වසරේදී, අනිත් අයට පිටුපාලා ඩාක් මැජික් කරපු නිසා ඇගතාගේ අම්මා විසින්…

අපි අද මුණගැහෙන්නේ WandaVision නමවෙනි කතාංගය, ඒ කියන්නේ මේ සීරීස් එකේ අවසාන කතාංගය එක්කයි. අටවෙනි කොටසින් අපි නොදැන හිටිය ගොඩක් කරුණු හෙළි වෙනවා.
පහුගිය කොටස ගැන ටිකක් බලලා ඉමු.
ඇගතාගේ අතීතය ගැන පෙන්නලා තමයි කතාව පටන්ගත්තේ. 1693 වසරේදී, අනිත් අයට පිටුපාලා ඩාක් මැජික් කරපු නිසා ඇගතාගේ අම්මා විසින් එයාව මරන්න තීරණය කළත් අවසානයේ ඇගතා ඒ හැමෝවම මරනවා. ඇගතා ඇයි වොන්ඩාගේ යථාර්තයට ආවේ කියලා එයා කියනවා. සාමාන්‍යයෙන් පහසුවෙන් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි වොන්ඩා කරලා තියෙන්නේ. නගරයක දාස් ගාණක් මිනිස්සු පාලනය කරන විදිහ, සුවිශාල හෙක්ස් එකක් නිරායාසයෙන්ම හදලා තියෙන විදිහ ඇගතාට දැනිලා, ඇත්තටම වොන්ඩා ඒක කළේ කොහොමද කියලා දැනගන්න තමයි ඇගතා ඇවිත් තිබිලා තියෙන්නේ.
ඇගතාට මේක තවම පැහැදිලි නෑ. කොහොමද මෙච්චර බලවත් දෙයක් වොන්ඩා කළේ කියලා දැනගන්න බොරු පියෙත්‍රෝව එව්වත් සීමා සහිත තොරතුරු ටිකක් විතරයි ඇගතාට දැනගන්න ලැබුණෙ. ඒ නිසා ඇගතා වොන්ඩාව එයාගේ අතීතය බලන්න එක්කගෙන යනවා. අපිට එතනින් දැනගන්න පුලුවන් ඇයි වොන්ඩාගේ යථාර්තය සිට්කොම් මත පදනම් වුණේ කියලා. මුල් කොටස් සමහරුන්ට ජෝක් එකක් වුණාට ගැඹුරු දෙයක් ඊට පිටිපස්සෙන් තිබුණා. වොන්ඩාගේ තාත්තා ඔලෙග් රැකියාව විදිහට කළේ සිට්කොම් කතාවල CD විකිණීම. ඒ වගේම ඉංග්‍රීසි දියුණු කරගන්න අදහසින් එයාලා පවුලක් විදිහට එකතුවෙලා මේ සිට්කොම් කතා නරඹනවා. දවසක් මෙහෙම නරඹමින් ඉන්නකොට ස්ටාක් ආයතනයේ එක බෝම්බෙකින් වොන්ඩාගේ දෙමාපියො නැති වෙනවා. තවත් බෝම්බයක් වැටෙනවා වොන්ඩායි පියෙත්‍රෝයි ළඟට. ඒත් ඒක පුපුරලා යන්නෙ නෑ. ඒකෙන් අපිට දැනගන්න ලැබෙනවා පුංචි කාලෙ ඉඳලාම වොන්ඩාට මැජික් කරන්න හැකියාව තිබුණා කියලා. බෝම්බය පිපුරුණේ නැති එක අහම්බයක් නෙමෙයි. එතනදි වොන්ඩා ඇගේ මැජික් බලයෙන් සම්භාවිතාවේ වෙනසක් සිදු කළා. ඉන්ෆිනිටි ස්ටෝන්වලින් එකක් වුණු මයින්ඩ් ස්ටෝන් එකෙන් සිද්ධ වුණේ, කලින් ඉඳලාම වොන්ඩාට තිබුණු ඒ බලයන් සහ හැකියාවන් වර්ධනය වීමක් විතරයි. මෙතනදි අපට හිතන්න පුලුවන් තියරි එකක් තමයි වොන්ඩාට පොඩි කාලෙ ඉඳලාම එක්ස් (X) ජානය තිබුණා කියන එක. ඒ කියන්නේ වොන්ඩා මියුටන්ට් (විපරිත) කෙනෙක් වෙන්න පුලුවන්? මේ මාවල් සිනමා විශ්වයට විපරිතයන් හඳුන්වා දීමද?
ඒ වගේම අපි දැනගත්තා, බ්ලිප් එකෙන් නැවත ජීවිතය ලබපු වොන්ඩා ස්වෝඩ් එකට කඩා පැනලා විෂන්ගේ මළ සිරුර හොරකම් කළේ නෑ කියලා. ඒක අර දුෂ්ට හේවර්ඩ්කාරයාගේ බොරුවක්. 😡 හරියට දුක හිතෙනවා වොන්ඩා හේවර්ඩ්ගෙන් කරන අහිංසක ඉල්ලීම අහද්දි.🥺 එයාට වුවමනා වුණේ විෂන්ට අවසන් ගෞරව දක්වලා භූමිදාන කරන්නයි. ඒත් හේවර්ඩ් ඒකට ඉඩ දෙන්නෙ නෑ. හේවර්ඩ්ට ඕණ විෂන්ව ජීවි අවියක් විදිහට නැවත ක්‍රියාත්මක කරන්නයි. දැන් අපිට තේරෙනවා වොන්ඩාගේ තනිකමට සහ දුකට හේතු වෙච්ච කාරණා ගොඩක්. තමන්ගේ දෙමාපියන් දෙදෙනාගේ මිය යාම, තමන්ගේ එකම අයියාගේ මිය යාම, විෂන්ගේ මිය යාම… 🙁 වෙස්ට්වීව්වල තමයි වොන්ඩා-විෂන් ජෝඩුව ඉඩමක් අරගෙන පදිංචි වෙන්න හිටියෙ. එතනට ගිහින් වොන්ඩා විලාප දෙමින් එයාගේ හිතේ තිබුණු ගෙදර, හෙක්ස් එක සහ විෂන් කෙනෙකුව නිර්මාණය කරනවා. අවසානයේ අපිට ඇගතාගේ ප්‍රාණ ඇපකරුවො දෙන්නෙක් වෙලා ඉන්න, වොන්ඩාගේ දරුවො දෙන්නව දකින්න පුලුවන් වෙනවා. ඇගතා කියනවා මේ වගේ බලසම්පන්න දේවල් කරන ඔයා හරිනම් මිත්‍යා කතාවක ඉන්න ඕණ කෙනෙක් කියලත්, ඔයා කේයෝස් මැජික් (ව්‍යාකූල මායාවන්) කරන නිසා ස්කාර්ලට් විච් කියලත්. ස්කාර්ලට් විච් කියන්නේ කොමික්වලදි වොන්ඩාව හඳුන්වන නම.
මේ අතරේ මිඩ්-ක්‍රෙඩිට්ස් සීන්වලින් අපට දැකගන්න ලැබෙනවා අර කට්ට කෛරාටික හේවර්ඩ්කාරයා වොන්ඩාගේ හෙක්ස් එකේ බලශක්තියම යොදවලා විෂන්ව නැවත ක්‍රියාත්මක කරනවා. හැබැයි මේ සුදු පාට විෂන් කෙනෙක්. කොමික් අනුව කිසිම හැඟීම් දැනීම් නොමැති කෙනෙක්. ඉතින් අවසානය මොකක් වෙයිද? හේවර්ඩ් සැරසෙන්නේ මොනවටද? මොනිකාට සිද්ධ වුණේ මොනවද? මේ සියල්ලට පිළිතුරු අද කොටසින් ලැබේවි… ඒ වගේම අද කොටසේ මිඩ් ක්‍රෙඩිට් දර්ශනයක් වගේම ආෆ්ටර් ක්‍රෙඩිට් දර්ශනයකුත් දකින්න පුලුවන්. අමතක නොකර අවසන් විනාඩිය දක්වා බලන්න.
සිට්කොම් එකකින් පටන් අරගෙන මොන තරම් දේවල් ගොඩක් මේ කතාවෙ සිද්ධ වුණාද! ඉතින්, ආපහු මේ කෙටි කතා මාලාවට මට උපසිරස කරන්න කියලා උනන්දු කරපු විමා අයියාට ස්තුතියි කියන්න කැමතියි. විශේෂයෙන්ම කමෙන්ට් කරපු හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි. එයාලා ලොකු හයියක් වුණා සතුටින් මේකෙ කොටස් ටිකට සබ් කරන්න. අද WandaVision අපෙන් සමුගන්නවා. හැබැයි මාර්තු 19 වෙනිදා සිට, උකුස්සා සහ හේමන්තයේ සොල්දාදු උන්නැහේ, The Falcon and the Winter Soldier තුළින් අපිව මුණගැහෙන බලාපොරොත්තුවෙන් ඉන්නවා. 😄
තවත් උපසිරසකින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
12,395 downloadsDownload WandaVision-E09.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
60 comments
ුශාන්
Daham Jayakody
Thank You
Dinuka Dilshan
Thank you. Great work
Gihan
Thanks for the Sub.
Nuwandika Dilshan
Thanks browww.
Anonymous
thank you
Anonymous
Ela kollek
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
The Falcon and the Winter Soldier කාතාමාලාවෙන් නැවත හමු වෙමු
#ජයAnonymous
mechchra wegen hmdama aaapu dwsema dunnnata thanks kollo falcon and winter soldier enkn bln innwa thnks mchn
Shaggy
බොහොම ස්තූතියි..මුල ඉදලම පුලුවන් ඉක්මනින් හොදම විදිහට සබ් ටික දුන්න..කිවුව වගේම The falcon & the winter soldier එකෙන් නැවත හමුවෙමු
kavinda gamage
බොහොම ස්තුතියි මේ ලස්සන කථාව අවසන් වෙනකම් අරගෙන ආවාට.
Bimsara
aiye, kohomada mechchara wegen sub eka karanne? thank you very very very very very very very very much BTW
එල්.සී. දමැල්
දවල් 1.30 වෙද්දි එපිය බාගන්න පුලුවන් වුණා. ඒක නිසා සහ ගෙදර අද විවේකයෙන් හිටිය නිසා ඉක්මනින් කරගන්න ලැබුණා :)
Anonymous
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...the blacklist ඉතුරු ටිකටත් සබ් දෙන්නකෝ
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි. ඒ වගේම The Falcon And The Winter Soldier එකටත් උපසිරැසි ලැබෙනවා කියලා දැන ගන්න ලැබුණු එකත් ලොකු සතුටක්. ඒ Series එකටත් මේ විදිහටම ඉක්මනින් උපසිරැසි ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
thusal indeera
thank you sub eka ikmanatama dunnta
Pramukmili
Thanxxx bro
Anonymous
Adeh supiri bn thanks
Maleesha Sahan
Thanks bn
AKASH
thanx bro
Manul Pathum
thanks bro oyage wade hodai digatama karanna
MNUP_d3ds3c
Thnx❤❤❤
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anonymous
ස්තූතියි මුල ඉඳන්ම සබ් ටික ඉක්මනට දුන්නට
Kasun
මෙච්චර දවසක් ඉක්මන්ටම සහ ගුණාත්මක බවින් හුගක් ඉහළව සබ් එක දෙන්න අයියා දරපු කැපකිරීමට ගොඩක් ස්තූතියි. Falcon & Winter Solider එකටත් මේ වගේම ඉක්මන්ට සහ කොලිටියට සබ් එක දෙන්න :D <3
එල්.සී. දමැල්
මීට වඩා ගුණාත්මකව සහ රහට ඒක ලැබේවි ;) මොකද ඒක කරන්නෙ මට වඩා උපසිරසකරණය හොඳට පළපුරුදු කෙනෙක්. :)
ෆිල්ම් පිස්සා
godak sthuthiy..mechchara kal mahansi wela apita sub eka hadala dunnata..sub eka supiriyata thibba..
kevin D...
Thanks...
Anonymous
thnx
Unknown
Thank you..
Anonymous
අයියා මන්සලේ හරි වොන්ඩා විෂ්න් ගැන එක ගැන overall explanation එකක් දෙන්න කියලා කාරැනිකව ඉල්ලා සිටිනවා ... wondavision connect වෙන්නෙ කොහොමද marvel phase 4 එකට .. thanks for ur commitment ❤
tharidu16
okkoma enakal hitiye. ekapara balanna. thanks machi
rockzu
baiscope eke flash sinhala sub karna kenata mathak karanno season 7 awaa kiyala.
මාලක ප්‍රසාද්
Thanxx bro ❤️
Lakmal
Flash season 7 episode 1 Sinhala sub dihan
එල්.සී. දමැල්
මේ පෝස්ට් එකට Flash Season 7 ගැන පැමිණෙන ඉල්ලීම් පිළිබඳවයි
Flash නම් මගේ අතින් කෙරෙන්නෙ නෑ හේතුව මම ඒක බලන්නෙ නෑ. මම හිතන්නේ කවුරුත් මේක බාරගෙනත් නෑ. කවුරුහරි බාරගත්තොත් ලැබේවි. මේක ලැබෙන්න නම් බලපු කෙනෙක් ඉන්නත් ඕණ සබ් කරන්න වෙලාව තියෙන කෙනෙක් ඉන්නත් ඕණ. කට්ට කාාගෙන ඒ කාලෙ සබ් කරලා ප්‍රමාද වීම් වෙනකොට කවදාවත් ඊට කලින් සබ් අරගෙන ස්තුති කරපු නැති අයගෙනුත් කැත විදිහට බැනුම් ඇහුවට පස්සෙ කලින් කරපු කිසි කෙනෙක් මේක කරන්න ඉදිරිපත් වෙලත් නෑ. කණගාටුයි. ඔයාලගේ ඉල්ලීම් හැකිනම් මේල් කරන්න හෝ ෆ්ලෑෂ් එකට අදාළ අවසන් එපියේ දාන්න කාරුණික වෙන්න කියලා ඉල්ලනවා.
Ruchira
thanks for the sub!!! all your hard work bro!
කවිඳු ජයවර්ධන
සබ් එකට බොහොම ස්තුත්යි සහෝ.
sasanka sathyajith
Thanks for the sub
R_deshan
එපි 9ට ම නියමෙට සබ් එක කරල තිබ්බ සහෝ...දැන් ඔයත් සයිට් එකේ කොලිටිම සබ් දෙන කෙනෙක් වෙලා.ගොඩක් ස්තූතියි වෙච්ච මහන්සියට.උපසිරැසිකරණයේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියල හදවතින්ම සුබ පතනවා!!
Anonymous
thank you bro sub ekata
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Chathura
ස්තුතියි... Pacific Rim The Black එකේ සබ් එකත් දෙන්න...
sanjaya jayasinghe
meke episodes tika download karaganna link ekk danna puluwn nam...hnk u..
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Dewadithya
Thanks for sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!සංජන චමෝද්
අම්මෝ මේක සුපිරියක්. 🙃 සබ් ටික වගේම ලිපි ටිකත් කොලිටියටම තිබ්බා. 🤗 PACE 04 එකටනම් කොලිටිම ස්ටාර්ට් එකක් දීල තියෙන්නෙ.😎 ආසාවෙන් කිසිම කම්මැලිකමක් නැතුව බැලුවා. ☺️
Wanda Vision Mini series එකට සබ් දුන්නට,ගොඩක් ස්තූතියි
අයියෙ. 🤪
සංජන චමෝද්
*phase
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila Mudalige
උපසිරසියට බොහෝම ස්තූතියි
Advertisement


බොහොම ස්තූති