Manvat Murders S01 Sinhala Subtitles මෙන්න එහෙනම් මං ඔයාලට අරගෙන ආවා Manvat Murders කතා මාලාවේ හත්වැනි කතාංගය. පසුගිය කොටසේ ඔබ දකින්න ඇති කොණ්ඩ්යා ඝාතනයේ එකම ඇසින් දුටු සාක්ෂිය පොලිසියට හමුවෙනවා. ඒ සාක්ෂිය ලබාදෙන තොරතුරු ඔස්සේ පොලිසිය ඉදිරියට යන හැටි අද කොටසින් බලන්න පුළුවන්. ඉතාම උද්වේගකර අද කොටසි…

Manvat Murders S01 Sinhala Subtitles මෙන්න එහෙනම් මං ඔයාලට අරගෙන ආවා Manvat Murders කතා මාලාවේ හත්වැනි කතාංගය. පසුගිය කොටසේ ඔබ දකින්න ඇති කොණ්ඩ්යා ඝාතනයේ එකම ඇසින් දුටු සාක්ෂිය පොලිසියට හමුවෙනවා. ඒ සාක්ෂිය ලබාදෙන තොරතුරු ඔස්සේ පොලිසිය ඉදිරියට යන හැටි අද කොටසින් බලන්න පුළුවන්. ඉතාම උද්වේගකර අද කොටසින් මොනවද බලන්න පුළුවන් වෙන්නේ? කොණ්ඩ්යා ඝාතනයේ එකම ඇසින් දුටු සාක්ෂිකරු බාබු කියන දරුවා. ඔහු ඉතාම භීතියට පත්ව ඉන්නා නිසා පොලිසියට සාක්ෂි දීම ප්‍රතික්ෂේප කරනවා. එහෙත් කෙසේ හෝ කුල්කර්ණි ඔහු සහ ඔහුගේ මාව පොලිසියට කැඳවා සාක්ෂි ලබාදීමට ඔවුන්ව එකඟ කරවා ගන්නවා. එදා රැයේ බාබුව පොලිසියේ අමුත්තන්ගේ නිවාසයක ඉහළ පොලිස් ආරක්ෂාව සහිතව රඳවා තැබෙනවා. මේ අතර සමින්ද්‍රිබායි විසින් කොණ්ඩයාගේ ඝාතකයන්ට උපදෙස් දුන් හැටි බාබු විස්තර කරනවා. සමින්ද්‍රිබායි බාබුට තර්ජනය කරන්නේ කිසිවෙකුට මේ ගැන කිව්වොත්  කොණ්ඩ්යාට කළ දේම කරන බවයි. මේ අතර රුක්මණීබායිට දැනගන්නට ලැබෙනවා බාබු පොලිස් භාරයට පත් වුණු බව. ඔවුන් කුමක් කරනු ඇතිද? උදෑසන බාබු රැගෙන මහේස්ත්‍රාත් වෙත යන්නට සැලසුම් කළ කුල්කර්ණිගේ අපේක්ෂා භංග කරමින් සිදුව ඇත්තේ කුමක්ද? බාබුගේ ඉරණම කෙසේ විසඳෙනු ඇතිද? ධරියා බුවා ලෙස වෙස්වළාගෙන සැරිසැරූ තුක්‍යා සහ රුක්මණීබායි අතර ඇතිවන ආරවුලට හේතුව මොකක්ද? කුතුහලය පිරුණු හත්වැනි කොටසින් මේ දේවල් දැනගන්න.   මං මෙහි සිංහල උපසිරැසි ගන්වා ඇත්තේ, Manvat.murders.s01e07.The.Only.Eye.Witness.720p.SONY.WEB-DL.Hin.DD_5.1.H.264-DownnloadHub [439 MB] පිටපතටයි.  මේක සංවේදී සහ කම්පනය දනවන දර්ශන සහිත බව සිහිකරන්න කැමතියි. මේක මගේ එකසිය හතළිස් එක්වැනි සිංහල උපසිරැසියයි. එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!

දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!

ඔබට තෙරුවන් සරණයි!  Manvat Murders S01 Sinhala Subtitles


The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

807 downloadsDownload Manvat-Murders-S01E07.zip20 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Manvat Murders S01 Sinhala Subtitles

 

Previous BT1All BT1

Next BT1

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

807 downloadsDownload Subtitles20 KB

1 comment

  1. Mahesh

    Ada denna baida 8 sub eke.... eka digata baluwa.. thank you..