Watch Trailer

Marco Polo: One Hundred Eyes (2015) [Special Episode] with Sinhala Subtitles | සියක් දෑස්… [සිංහල උපසිරසි සමඟ]

මාර්කෝ පෝලෝ දෙවන කතා මාලාව බලන්න කැමැත්තෙන් හිටපු අය දැන් බලනවා ඇති මේ මොකක් ද කියලා. ඒ හින්දා මේ විශේෂ කොටස ගැන මුලින්ම කියන්නම්. මාර්කෝ පෝලෝ පළමු හා දෙවන කතා මාලාවන් දෙකේ විරාමය අතරතුර 2015 දෙසැම්බර් 26 දින, නත්තල වෙනුවෙන් විශේෂ කොටසක් ලෙස මෙය විකාශය කර තිබෙනවා. එක් කොටසක් පමණක් උනත් මෙය පළමු හා…

Marco Polo One Hundred Eyes (TV Short 2015)

මාර්කෝ පෝලෝ දෙවන කතා මාලාව බලන්න කැමැත්තෙන් හිටපු අය දැන් බලනවා ඇති මේ මොකක් ද කියලා. ඒ හින්දා මේ විශේෂ කොටස ගැන මුලින්ම කියන්නම්.

මාර්කෝ පෝලෝ පළමු හා දෙවන කතා මාලාවන් දෙකේ විරාමය අතරතුර 2015 දෙසැම්බර් 26 දින, නත්තල වෙනුවෙන් විශේෂ කොටසක් ලෙස මෙය විකාශය කර තිබෙනවා. එක් කොටසක් පමණක් උනත් මෙය පළමු හා දෙවන කතා මාලාවන් දෙක හා බැඳී පවතින නිසාම තමයි දෙවන මාලාවට උපසිරැසි දෙන්න කළින් මේකටත් උපසිරැසි දුන්නොත් හොඳයි කියලා හිතුවේ. මාර්කෝ පෝලෝ පළමු මාලාව බලපු අය නම් නම දැක්ක ගමන් දන්නවා මේ කවුද කියලා. ඔව්.. ඔව්.. එයා ගැන තමයි මේකෙන් කියන්නේ. මොංගෝලියානු අධිරාජ්‍යයේ පාලකයා වූ කුබ්ලායි ඛාන්ගේ රාජ සභාවේ හිටපු අන්ධ චීන භික්ෂුවගේ අතීත කතාව…. හැබැයි ඉතින් මුළු අතීත කතාවම නෙවෙයි. දකුණු චීනයේ හිටපු මොහු කොහොම ද කුබ්ලායි ඛාන්ගේ රාජ සභාවට සම්බන්ධ උනේ… කොහොමද කුබ්ලායිගේ විශ්වාසය දිනා ගත්තේ…. කොහොම ද ඔහුගේ දෑස් අන්ධ උනේ…. ඒ වගේම “සියක් දෑස්“ යන නාමය ලබාගත් ආකාරය ගැන…. විනාඩි 25 ක විතර පුංචි කතාවක්. නමුත් ඒ තුළ දීර්ඝ කතාවක් සැඟවිලා තිබෙනවා.

මාර්කෝ පෝලෝ පළමු මාලාව බලපු අය දෙවන මාලාව බලන්න කැමැත්තෙන් ඉන්නවනම් මේක අනිවාර්යෙන්ම බලන්න. මාර්කෝ පෝලෝ දෙවන මාලාව තුළ දී මේ අතීත සිදුවීම් සමහරක් සම්බන්ධ වෙනවා. මොකද සමහර වෙලාවට කතා කරන කොට “මට හේතූ තිබුණා“ කියනවා මිසක් ඒවා මොනවද කියන්නේ නැහැනේ. ඉතින් ඒ වෙලාවට මොකක්ද ඒ කියලා අපි කල්පනා කරනවා (මම නම් එහෙමයි). අන්න එහෙම හිතෙන එකක් නැහැ මේක බලලා තිබුණා නම්.

ඉතින් ඒ සියක් දෑස් ගැන… මේ මං ගැන….   වාර්තා වැඩසටහන් වලින් ඈත්වෙලා නාට්‍ය මාලාවකට උපසිරැසි කරන මුල්ම වතාව. ඒක නිසා මං කැමතියි මේ උපසිරැසිය සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් දැනගන්න. ඉතින් ඒක නිසා මේක බලලා මාර්කෝ පෝලෝ දෙවන කතා මාලාවට සිංහල උපසිරැසි ඕන ද කියලා ඔයාලම තීරණය කරලා ඒක කියලා යන්නකෝ.

එහෙනම් ඉතින් මාර්කෝ පෝලෝ S02E01 සමඟින් (ඔබේ ප්‍රතිචාර අනුව) හමුවෙමු…

Marco Polo: One Hundred Eyes (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Marco Polo One Hundred Eyes 2015 (1080p x265 10bit Joy)

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

734 downloadsDownload Marco-Polo-One-Hundred-Eyes-2015.Baiscopelk.com_.rar12 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සජීවි වේහැල්ල

Subtitles

734 downloadsDownload Subtitles12 KB

19 comments

  1. NALIN

    Thanks Very Much Machan..
    We need to subtitle for Season 02

  2. Soori

    ඔව් සජීවී නංගී, අපට අනිවාර්යයෙන්ම කතා මාලාවට උපසිරැසි ඕනා.....!
    මේකටත් උපසිරැසි ලබා දීම පිළිබඳව මාගේ හද පිරි ස්තුතිය...!

  3. asanka

    Thanks Machan

  4. Wasa

    Thanks we need subtitles very soon please

  5. Lahiru

    Tex nangi, api balaporoththuwen idiya series ekak thama. Ela

  6. chandana

    thanx sajeewi

  7. buddhika

    thanks brother.......

  8. praneeth madu

    ela saho aniwa season 2 oni

  9. chin

    MN balapu supirima series ekak....season 2 aniwa ona...........

  10. දුමිදු

    අනේ ලින්ක් එකත් දෙන්නකෝ............

  11. Kulanjana Maduranga

    niayamai…thanks SAJEEVI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Dinesh Sapumal Bandara

    එල මාර්කෝ පෝලෝ සීසන් 2 සබ් දෙන්න...

  13. harsha

    නැතුව නැතුව මේකට සබ් ඕනමයි. ඒ වගේම ඒක කරයි කියලා හිතනවා සහෝදරී. ස්තූතියි ජයවේවා

  14. Isuru Chamara

    niyamyi digatama dennaaaaa

  15. Ashan

    thanks brother…….

  16. Chalindu

    tnx bro...

  17. Bobby

    බොහෝම ස්තුතියි ඔයාට

  18. andare

    thnnx sahodariyooooooooooo@#$%

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P