ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න ජයග්‍රාහී 20 කොටසත් අරගෙන ආවා. මේක එනකං මඟ බලන් හිටියද? සුපුරුදු පරිදි පහුගිය කොටස ගැන ටිකක් කියන්නම්කෝ. ඔන්න පෝල් මාලු අල්ලන්න යනවා ඇලෙක්ස්ගෙ තාත්තත් එක්ක. ඒ වගේම කැත්‍රීනගෙ අම්මට කැත්‍රීනගෙ පන්තියෙ ඉන්න ක්‍රිස්ටීන් කෝල් කරලා කියනවා එයාට ගෙදර වැඩ වගයක් අහගන්න ක්‍රිස්ටීන්…

ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න ජයග්‍රාහී 20 කොටසත් අරගෙන ආවා. මේක එනකං මඟ බලන් හිටියද? සුපුරුදු පරිදි පහුගිය කොටස ගැන ටිකක් කියන්නම්කෝ. ඔන්න පෝල් මාලු අල්ලන්න යනවා ඇලෙක්ස්ගෙ තාත්තත් එක්ක. ඒ වගේම කැත්‍රීනගෙ අම්මට කැත්‍රීනගෙ පන්තියෙ ඉන්න ක්‍රිස්ටීන් කෝල් කරලා කියනවා එයාට ගෙදර වැඩ වගයක් අහගන්න ක්‍රිස්ටීන් පුස්තකාලයට එවන්න කියලා. ඉතින් පෝල්ගෙ තාත්තා පෝල්ව බස්සන්න ඇලෙක්ස්ලගෙ ගෙදරට යන්න හදනවා. හොඳ වෙලාවට ජීනා එන නිසා පෝල්ට යන්න පුලුවන් වෙනවා. නැත්තන් පෝල්ගෙ මාලු බාන්න යන ගමනටත් සොරි තමයි. ඇලෙක්සුත් පෝල්ගෙ තාත්තා එක්ක මාලුබාන්න යන්නයි පිටත් වෙන්නේ. ඉතින් කැත්‍රීනගෙ ගෙදර විදුලි භාණ්ඩ හිටි හැටියේ නිකන්ම වැඩ කරන්න පටන් ගත්තා කියලා මතකයි නේද? ඉතින් විදුලි කාර්මික ශිල්පියාවත් දන්නෙ නෑ එහෙම වුනේ කොහොමද කියලා. මේ අතර කැත්‍රීනා ගෙදරින් පැනගන්නවා ක්‍රිස්ටීන්ට ගෙදර වැඩ කියලා දෙන්න. හික්ස්. ඉතින් අර කොල්ලෝ සෙට් එක රියානයි ජෙසියි බෙනුයි පස්සෙන් පන්නනවා. එයාලා දුවනවා. මේ රේස් එක පෝලුයි ඇලෙක්සුයි දකිනවා. එයාලා මාලු බාන්න යනගමන්. ඉතින් රියානලා දුවගෙන යන්නේ ජෙසී නැවතිලා ඉන්න තැනට.
ඇතුලට පැනලා හැංගෙන්න බැලුවත් වැඩක් නෑ. පෝලුයි ඇලෙක්සුයි දෙන්නත් ඇතුලට පනිනවා. කොහොම නමුත් බලඇඳුමට පින් සිද්ධ වෙන්න මේ තුන් දෙනා බේරා ගන්න පෝල්ටයි ඇලෙක්ස්ටයි පුලුවන් වෙනවා. ඉතින් පෝලුයි ඇලෙක්සුයි රියානයි තුන්දෙනා ස්ට්ෂන් එකට යන්න යනවා. ඒ අතරමඟදි දැනගන්නවා ඇලෙක්ස්ගේ පර්ස් එක නෑ කියලා. ඔය අතර කැත්‍රීනා වරායේ පහළ තියෙන පරණ බිල්ඩිමට එනවා පෝල්ටයි ඇලෙක්ස්ටයි සෙට් වෙන්න. ඒ එනකොට කැත්‍රීනට හම්බ වෙන්නේ පොලීසිය. ඉතින් කැත්‍රීනා ආපහු ගෙදරට ගිහින් දානවා. ඇලෙක්ස්ටත් ආයේ එන්න වෙන්නෙ නෑ පර්ස් එක ගන්න තැනදි තාත්තව සෙට් වුන නිසා. කොහොම හරි අන්තිමේදි ක්‍රිස්ටීන්ගෙ කැටේටත් විදලා පෝල් රියානව එක්කන් පෝල්ගෙ ලෝකෙට යනවා. ඉතින් පෝල් රියානගේ පවුලේ අයව හමුවෙලා සමු දීලා එයාලා වීඩියෝ කැමරාවෙන් පටිගත කරගන්නවා පෝල්ගෙ තාත්තට පෙන්වන්න. මාලිගාවෙන් පැනලා කිය අශ්කාටත් දැන් උවමනාව තියෙන්නේ පෝල්ගෙ ලෝකෙට යන්න.
මොකද පෝල්ගෙ ලෝකෙ බලය තියෙනවා. ශක්තිය තියෙනවා. ඒවා අරගෙන බලවත් මායාබන්ධකයෙක් වෙලා රාජ්‍යාධිකාරීන් පරාජය කරලා මායාබන්ධකයන් පාලනය කරන්නයි අශ්කාට ඕනි. ඉතින් අශ්කා ග්‍රෙවෝන්ගෙ උදවු ඇතිව කටපිකමක් කරලා කොරියොන්ගෙ බල ඇඳුම හොරෙන් අරන් කැලෑවට පනිනවා. රියානා මේක දැකලා අශ්කා පස්සෙන් යද්දි රියානා අශ්කාට අහුවනවා. අහ්කාට ඕනි පෝල්ගෙ ලෝකෙ කොයි වගේද කියලා රියානාගෙන් විස්තර දැනගන්න. රියානා බොරු ගොඩාක් කියනවා අශ්කා පෝල්ගෙ ලෝකෙට යන එක නවත්තන්න. රියානා මඟ සළකුණු තියාගෙන තමයි යන්නේ. රියානා පැනලා යන්න හැදුවත් අශ්කා රියානව අල්ලා ගන්නවා. ඉතින් ඊට පස්සේ මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොසෙ බලන්නම වෙනවා. පෝල් එයිද මං සලකුණු දිගේ? පෝල් රියානව බේරා ගනියිද? එහෙමත් නැත්තන් අශ්කා පෝල්වත් අල්ලා ගයිද? මේ කොටසත් අරගෙනම බලන්නකෝ එහෙනම්. ඊලඟ කොටසත් අරන් එනකන් මායාබන්ධන රසික රසිකාවියන්ට ජය වේවා කියලා පතනවා.
Due to copyright issues, we do not provide any torrent links.
Spellbinder, TV-show season 1 – 1995
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.
562 downloadsDownload Spellbinder-S01E20.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චින්තක බණ්ඩාර
Subtitles
3 comments
Ishan Madusha
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Spellbinder (1995) [S01 : E20] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/Spellbinder-TV-e1472370635992.jpg)

ස්තුතියි සහෝ