Watch Trailer

Mars [S02 : E02] Sinhala Subtitles | දෙලොවක් අතර… [සිංහල උපසිරසි සමඟ]

අතීත මතකයන්: අඟහරු: වසර පහකට පසු ඔවුන් උත්සාහ කරනවා අඟහරු ග්‍රහලෝකය මිනිස් වාසයට නැතිනම් ජීවීන්ට සුදුසු ආකාරයට සකස් කිරීමට. මේ සඳහා ඉහළ දක්ෂතා ඇති කණ්ඩායමක් වූ ලාභය වෙනුවෙන් ක්‍රියා කරන ලුක්‍රම් නම් සමාගමේ පිරිසගේ සහයෝගය ලැබෙනවා. නමුත් ඔවුන් කැණීම්කරුවන්. ලුක්‍රම් සමාගමට අවශ්‍ය වන්නේ අඟහරුගේ ස්වභාව…

අතීත මතකයන්:

අඟහරු:

වසර පහකට පසු ඔවුන් උත්සාහ කරනවා අඟහරු ග්‍රහලෝකය මිනිස් වාසයට නැතිනම් ජීවීන්ට සුදුසු ආකාරයට සකස් කිරීමට. මේ සඳහා ඉහළ දක්ෂතා ඇති කණ්ඩායමක් වූ ලාභය වෙනුවෙන් ක්‍රියා කරන ලුක්‍රම් නම් සමාගමේ පිරිසගේ සහයෝගය ලැබෙනවා. නමුත් ඔවුන් කැණීම්කරුවන්. ලුක්‍රම් සමාගමට අවශ්‍ය වන්නේ අඟහරුගේ ස්වභාවික සම්පත් සොරාගන්න. ඉතින් මේ කටයුතු කරගෙන යාමට ලුක්‍රම් ජනපදයට අවශ්‍ය බලශක්තිය ඔලිම්පස් නගරයෙන් ඉල්ලු නමුත් හැනා බැහැ කිව්වා. නමුත් අන්තිමට ජාත්‍යන්තර අඟහරු විද්‍යා පදනම හා ලුක්‍රම් ඉන්ඩස්ට්‍රීස් අතර එකඟතාවය නිසා ඔලිම්පස් නගරයට පැත්තකට වෙලා ලුක්‍රම් ජනපදයට ඕන විදිහට වැඩකරගෙන යන්න ඉඩ දෙන්න වුණා. ඇමෙලි තීරණය කරලා නැවත පෘතුවියට යාමට.

වර්තමානය:

2042 මැයි මාසයයි. මාර්තාට නම් ලුක්‍රම් සමාගම ගැන කිසිම පැහැදීමක් නැහැ. ඇය අඟහරු මත බැක්ටීරියාවල දෙවන ප්‍රභවයක් සොයා ගන්න උත්සාහ කරනවා. ලුක්‍රම් කණ්ඩායමේ කැණීම් මඟින් ග්‍රහයා අපවිත්‍ර කරන බවත් ඊට පෙර භූමිය අධ්‍යයනය කළ යුතු බවත් මාර්තා හිතනවා. ඉතින් ලුක්‍රම් කණ්ඩායමට ඔවුන් සොයන දේ හමුවෙනවා නමුත් එය අහම්බෙන් දැන ගන්නා මාර්තා ඊට දක්වන ප්‍රතිචාරය නිසා ගැටුම් ඇතිවෙන අතරේ පෘතුවියට යාමට බලාගෙන ඉන්න ඇමෙලියාට හා තම සහෝදරිය ජූන් අඟහරු වෙත එනකම් බලා සිටින හැනාටත් අනපේක්ෂිත දේවලට මුහුණ දෙන්න සිදුවෙනවා.

සැබෑ ලෝකය:

රුසියානු ආක්ටික් කලාපයේ තෙල් කැණීම් පිළිබඳව ග්‍රීන්පීස් සංවිධානය දක්වන විරෝධතාවයන්, ආක්ටික් කලාපයේ සිදුවන තෙල් කාන්දුවීම හා එමඟින් ඇති කරන හානිය, ඒවගේම මෙලෙස පෘතුවියේ ස්වභාවික සම්පත් ලබාගැනීම හා එහි ප්‍රතිවිපාක යන මේ අත්දැකීම් අනුව අඟහරු ජනපදකරණය කෙසේ වේවි ද, කෙසේ විය යුතුද යන්න ගැන සාකච්ඡා කෙරෙනවා.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

910 downloadsDownload Mars-S02-E02.zip36 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-07-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සජීවි වේහැල්ල

Subtitles

910 downloadsDownload Subtitles36 KB

7 comments

  1. thathsaragayan

    thank bro sub ekata

  2. ranga11112

    thanks brother....sub akata bohoma thuthi

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ඉතුරු එපිසෝඩ් ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න :)
    ජය වේවා.!

  5. Nadeesha rox alahakoon

    Elm. Digtma sub diyn

  6. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P