Watch Trailer

Mars [S02 : E03] Sinhala Subtitles | තීරණාත්මක මොහොතක්… [සිංහල උපසිරසි සමඟ]

අතීත මතකයන්: අඟහරු: වසර පහකට පසු ඔවුන් උත්සාහ කරනවා අඟහරු ග්‍රහලෝකය මිනිස් වාසයට නැතිනම් ජීවීන්ට සුදුසු ආකාරයට සකස් කිරීමට. මේ සඳහා ඉහළ දක්ෂතා ඇති කණ්ඩායමක් වූ ලාභය වෙනුවෙන් ක්‍රියා කරන ලුක්‍රම් නම් සමාගමේ පිරිසගේ සහයෝගය ලැබෙනවා. මේ වන විට මාර්තාට නම් ලුක්‍රම් සමාගම ගැන කිසිම පැහැදීමක් නැහැ. ඇය අඟහ…

අතීත මතකයන්:

අඟහරු:

වසර පහකට පසු ඔවුන් උත්සාහ කරනවා අඟහරු ග්‍රහලෝකය මිනිස් වාසයට නැතිනම් ජීවීන්ට සුදුසු ආකාරයට සකස් කිරීමට. මේ සඳහා ඉහළ දක්ෂතා ඇති කණ්ඩායමක් වූ ලාභය වෙනුවෙන් ක්‍රියා කරන ලුක්‍රම් නම් සමාගමේ පිරිසගේ සහයෝගය ලැබෙනවා. මේ වන විට මාර්තාට නම් ලුක්‍රම් සමාගම ගැන කිසිම පැහැදීමක් නැහැ. ඇය අඟහරු මත බැක්ටීරියාවල දෙවන ප්‍රභවයක් සොයා ගන්න උත්සාහ කරනවා. ලුක්‍රම් කණ්ඩායමේ කැණීම් මඟින් ග්‍රහයා අපවිත්‍ර කරන බවත් ඊට පෙර භූමිය අධ්‍යයනය කළ යුතු බවත් මාර්තා හිතනවා. මේ අතරේ ලුක්‍රම් කණ්ඩායමට ද්‍රව ජලය හමුවෙනවා. එය දැන ගන්නා මාර්තා ද්‍රව ජලය ඇති තැන විමසීමත් සමඟ ඇති වූ කතාබහ ගැටුමක් දක්වා දුරදිග ගියා. පෘතුවියට යාමට බලාගෙන සිටි ඇමෙලිට තමා ගැබිණියක් බව දැන ගැනීමත් එක්ක ඇගේ තම පවුල වෙත යෑමේ තීරණය වෙනස් කිරීමට සිදුවුණා. මේ සියල්ල අතරේ හැනාගේ සහෝදරිය ජූන් අඟහරු වෙත එන ගමනේ අතර මඟදී මියගියා.

වර්තමානය:

2042 අගෝස්තු මාසයයි. හැනා තවමත් සිය සහෝදරිය අහිමිවීම ගැන දුක්වෙමින් ඉන්නේ. ඇමෙලි හා ජාවියර් තමන්ගේ දරුවා ගැන සිතමින් ඉන්නවා. මාර්තා කාටත් හොරෙන් ලුක්‍රම් කැණීම් භූමිය වෙත යනවා. මේ සියල්ල අතරේ කවුරුත් බලාපොරොත්තු නොවු සූර්ය කුණාටුවක් අඟහරු වෙත කඩා වදිනවා.

සැබෑ ලෝකය:

ග්‍රීන්ලන්තයේ ඇති දියවෙමින් පවතින දැවැන්ත අයිස් වැස්ම ගැන තමයි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ. ඉතා දුරස්ථ දුෂ්කර එම කලාපයේ ඉඳන් අයිස් දියවෙන වේගය සොයාගැනීමට විද්‍යාඥයින් දරන උත්සාහය පිළිබඳව සහ ඔවුන්ගේ අත්දැකීම් ගැන, පොදුවේ විද්‍යාඥයින් ගවේශණයන් සිදුකරන විට සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර, ඒ සියල්ල සමඟ ඔවුන් කොපමණ කැපකිරීමක් කරනවද යන්න ගැනත් කතා කරනවා.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,245 downloadsDownload Mars-S02-E03.zip34 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-07-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,245 downloadsDownload Subtitles34 KB

5 comments

  1. Hashan M. Priyadarshana

    Bohoma sthuthi bro sub ekata :)

  2. Hiran Eranda

    thanks for sub

  3. Thilan Durage

    Thank You...

  4. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    ඉත්රු ටිකත් ඉක්මනටම දෙමු...

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.