අතීත මතකයන්: අඟහරු: 2042 වසර, එනම් වසර පහකට පසු ඔවුන් ලුක්‍රම් නම් සමාගමේ සහයෝගයත් ඇතිව උත්සාහ කරනවා අඟහරු ග්‍රහලෝකය මිනිස් වාසයට නැතිනම් ජීවීන්ට සුදුසු ආකාරයට සකස් කිරීමට. නමුත් ජලය සෙවීම ප්‍රධාන අරමුණ කරගත් සමාගමේ සූර්ය දර්පණ මුද්‍රනය නම් ඒ හැටි වේගවත් නැහැ. මේ අතරේ අඟහරු වෙත පැමිණෙමින් සිටි සහෝද…

අතීත මතකයන්:
අඟහරු:
2042 වසර, එනම් වසර පහකට පසු ඔවුන් ලුක්‍රම් නම් සමාගමේ සහයෝගයත් ඇතිව උත්සාහ කරනවා අඟහරු ග්‍රහලෝකය මිනිස් වාසයට නැතිනම් ජීවීන්ට සුදුසු ආකාරයට සකස් කිරීමට. නමුත් ජලය සෙවීම ප්‍රධාන අරමුණ කරගත් සමාගමේ සූර්ය දර්පණ මුද්‍රනය නම් ඒ හැටි වේගවත් නැහැ. මේ අතරේ අඟහරු වෙත පැමිණෙමින් සිටි සහෝදරියගේ මියයාම හැනාට දැඩිව දැනෙනවා. ඇයත් සමඟ අමනාපයෙන් ඉන්නා මාර්තා කාටත් හොරෙන් ලුක්‍රම් කැණීම් භූමියට ගියා සාම්පල් ගන්න. සූර්ය කුණාටුව හේතුවෙන් මරණය සමීපයට ගිය මාර්තා සොයාගෙන පැය 12කට පසුව අභිරහස් රෝගයක් නිසා ඔලිම්පස් නගරයේ කැමරන් මිය ගියා. ඒ විතරක් නෙවෙයි ලුක්‍රම් ජනපදයෙන් අඩක් විතර අසනීප කරා, කැමරන් සොයාගිය ජාවියර් මේ වසංගතයට ගොදුරු වුණා. කිසිම බෙහෙතක් හරි ගියේ නැහැ. අවසානයේ මාර්තා ලැබ් එකට ඇවිත් පරික්ෂණ කරලා විසඳුම පෙනිසිලීන් කියලා හොයා ගත්තා. මේවා චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගන්න හැනාට ඕන උනත් රෝලන්ඩ් ඊට අකමැති වෙනවා. නමුත් අවසානයේ හැනා චීන මධ්‍යස්ථානයෙන් උදව් අරගෙන කට්ටියම සනීප කර ගන්නවා. මේ සිදුවීම් කිහිපය නිසා ජනපද දෙක අතරේ නැවතත් හොඳහිත වර්ධනය වුණා. මේ අතරේ මයික් ඔලිම්පස් නගරයේ නායකත්වය වෙනස් කරන ලෙස ලෙස්ලිගෙන් ඉල්ලීමක් කළත් මයික්ගේ ඉල්ලීම ලෙස්ලි විසින් ප්‍රතික්ෂේප කරා. ලුක්‍රම් ඉන්ඩස්ට්‍රීස් රුසියාව සමඟ අඟහරුගේ සම්පත් නිස්සාරණය සම්බන්ධයෙන් බලාපොරොත්තු නොවු ගිවිසුමක් ඇති කරගත්තා. මේකෙන් ජාත්‍යන්තර අඟහරු විද්‍යා පදනම අර්බුදකාරි තත්ත්වයකට මුහුණ දීමත් සමඟ ලෙස්ලි විසින් ලුක්‍රම් ඉන්ඩස්ට්‍රීස් වෙත සම්බාධක පැනවීමට උත්සාහ කළා. නමුත් සාකච්ඡාවේ දී එකඟ වූ රටවල් ඡන්දයේ දී වෙනස් වුණා. ලුක්‍රම් බලපෑම එතරම් ඉහළයි. ලෙස්ලිව ගණන් නොගන්නා තැනට ආවා. ද්‍රව ජලය සොයාගිය හැනාගේ බලාපොරොත්තු බිඳ වැටුණා. මේ අතරේ වැඩ බලන නිලධාරියා වූ ලුතිනන් මයික් ලුක්‍රම් ජනපදයට ලබාදෙන විදුලිබලය කපා දැමීමත් සමඟ ඔහු ඔලිම්පස් නගරයේ බලය අතට ගන්න සැලසුම් කරා. කෙසේ හෝ අවසානයේ මයික් කාමර අඩස්සියට පත්වීමෙන් හැනා බලය තහවුරු කර ගත්තා. ඒ වගේම මේ කලබල අතරේ මුල්ම අඟහරු වැසියා උපත ලැබුවා.
වර්තමානය:
2042 දෙසැම්බර් මාසයයි. මුල්ම අඟහරු වැසියා වූ ඇමෙලිගේ කුඩා දියණිය මාස දෙකක් පුරාම සිටින්නේ ඉන්ක්‍යුබේටරයක් තුළයි. ඇය එයින් ඉවත් කර අවදානමක් ගන්න ඩොක්ටර් ජොහාර් වගේම ඇමෙලිත් කැමති නැහැ. ලුක්‍රම් ජනපදය ඔවුන් සොයාගත් ද්‍රව ජලය ලබා ගැනීමට කැණීම් කරනවා. ජනපද දෙක අතරේ වැඩි දියුණු වූ සුහදතාවය හේතුවෙන් ලුක්‍රම් කමාන්ඩර් මාර්තාට ද්‍රව ජලයේ සාම්පල් ලබාගන්න පැමිණෙන ලෙස පවසනවා. නමුත් අභ්‍යන්තරයේ ඇති ඝන පාෂාණ තට්ටු හේතුවෙන් කැණීම් කටයුතු හිරවෙලා තියෙන්නේ. ඉතින් පෘතුවියෙන් එන බලපෑම් සමඟම මේ සඳහා කවුරුත් අපේක්ෂා නොකළ ක්‍රමයක් යොදා ගන්න ලුක්‍රම් කමාන්ඩර් තීරණය කරනවා. මේ තීරණය අඟහරු ජනපදකරණයේ අනාගතය කෙරෙහි මෙන්ම පෘතුවි වාසීන්ගේ ආකල්ප කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කරනවා. වසර 12ක පමණ කාලයක් පුරාවට තම සමීපතමයින්ගෙන් ඈත්ව කි.මී. දහස් ගණනක් ඈත හුදකලාව ඔවුන් විඳි දුක් ගැහැට වෙනුවෙන් අවසානයේ දී ඔවුනට සාධාරණයක් ඉටුවේවි ද?
සැබෑ ලෝකය:
නාසා ආයතනය සහ ඔවුන් සිදුකරන අයිස්බර්ග් මෙහෙයුම ගැන ඇතුලත්. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හා එමඟින් ධ්‍රැව කලාපයේ මුහුදු අයිස් දියවීම පෘතුවි වාසීන්ට බලපාන ආකාරය, දැවැන්ත සමාගම් වේගයෙන් කැණීම් කටයුතු කිරීම නිසා පරිසරයට සිදුවන හානිය ආදි කරුණු ඇතුලත්. පෘතුවිය මත මානව ඉතිහාසය පුරාම ලත් අත්දැකීම් ඔස්සේ අඟහරු මත ජනාවාස ඇති කිරීම හා ස්වභාවික සම්පත් භාවිතා කළ යුත්තේ කෙසේද යන්න ගැන ඇතුළු බොහෝ කාරණා අඟහරු දෙවන කතා මාලාවේ මේ අවසන් කොටසේ දී සාකච්ඡා වෙනවා.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
856 downloadsDownload Mars-S02-E06.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-07-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සජීවි වේහැල්ල
Subtitles
5 comments
sachintha
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට :)
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
සුපිරි වැඩක් මේකට සබ් ගෙනාපු එක..
Season 3 එකක් අවොත් එකටත් සබ් අරන් එමු....
දිගටම tv series වලට සබ් දෙමු....upps
Sub akata thanks.jack rayan tv serise akath avith sub dennako akatath .thnks oyalata godak
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි