අතීත මතකයන්: අඟහරු: වසර පහකට පසු ඔවුන් ලුක්‍රම් නම් සමාගමේ සහයෝගයත් ඇතිව උත්සාහ කරනවා අඟහරු ග්‍රහලෝකය මිනිස් වාසයට නැතිනම් ජීවීන්ට සුදුසු ආකාරයට සකස් කිරීමට. නමුත් සූර්ය දර්පණ මුද්‍රනය නම් ඒ හැටි වේගවත් නැහැ. මේ අතරේ අඟහරු වෙත පැමිණෙමින් සිටි සහෝදරියගේ මියයාම හැනාට දැඩිව දැනෙනවා. ඇයත් සමඟ අමනාපයෙන්…

අතීත මතකයන්:
අඟහරු:
වසර පහකට පසු ඔවුන් ලුක්‍රම් නම් සමාගමේ සහයෝගයත් ඇතිව උත්සාහ කරනවා අඟහරු ග්‍රහලෝකය මිනිස් වාසයට නැතිනම් ජීවීන්ට සුදුසු ආකාරයට සකස් කිරීමට. නමුත් සූර්ය දර්පණ මුද්‍රනය නම් ඒ හැටි වේගවත් නැහැ. මේ අතරේ අඟහරු වෙත පැමිණෙමින් සිටි සහෝදරියගේ මියයාම හැනාට දැඩිව දැනෙනවා. ඇයත් සමඟ අමනාපයෙන් ඉන්නා මාර්තා කාටත් හොරෙන් ලුක්‍රම් කැණීම් භූමියට ගියා සාම්පල් ගන්න. සූර්ය කුණාටුව හේතුවෙන් මරණය සමීපයට ගිය මාර්තා සොයාගෙන පැය 12කට පසුව අභිරහස් රෝගයක් නිසා ඔලිම්පස් නගරයේ කැමරන් මිය ගියා. ඒ විතරක් නෙවෙයි ලුක්‍රම් ජනපදයෙන් අඩක් විතර අසනීප කරා, කැමරන් සොයාගිය ජාවියර් මේ වසංගතයට ගොදුරු වුණා. කිසිම බෙහෙතක් හරි ගියේ නැහැ. අවසානයේ මාර්තා ලැබ් එකට ඇවිත් පරික්ෂණ කරලා විසඳුම පෙනිසිලීන් කියලා හොයා ගත්තා. මේවා චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගන්න හැනාට ඕන උනත් රෝලන්ඩ් ඊට අකමැති වෙනවා. නමුත් අවසානයේ හැනා චීන මධ්‍යස්ථානයෙන් උදව් අරගෙන කට්ටියම සනීප කර ගන්නවා. මේ සිදුවීම් කිහිපය නිසා ජනපද දෙක අතරේ නැවතත් හොඳහිත වර්ධනය වුණා. මේ අතරේ මයික් ඔලිම්පස් නගරයේ නායකත්වය වෙනස් කරන ලෙස ලෙස්ලිගෙන් ඉල්ලීමක් කළා.
වර්තමානය:
2042 නොවැම්බර් මාසයයි. මයික්ගේ ඉල්ලීම ලෙස්ලි විසින් ප්‍රතික්ෂේප කරනවා. ලුක්‍රම් ඉන්ඩස්ට්‍රීස් රුසියාව සමඟ බලාපොරොත්තු නොවු ගිවිසුමක් ඇති කරගන්නවා. මේකෙන් ජාත්‍යන්තර අඟහරු විද්‍යා පදනම අර්බුදකාරි තත්ත්වයකට මුහුණ දෙනවා විශේෂයෙන්ම ලෙස්ලි. ඒ වගේම ඔලිම්පස් නගර වාසීන් ද මේ හේතුවෙන් නොසන්සුන් තත්ත්වයකට පත්වෙලා. පෘතුවියේ දී එම ගැටළු විසඳගන්නා තෙක් අඟහරු මත ඉන්න තම පිරිසට මේ ගැන කළ හැකි කිසිවක් නොමැති බව පවසන හැනා, රොබට් සමඟ ද්‍රව ජලය ඇතැයි පෙන්නුම් කළ ප්‍රදේශය කරා යනවා. හීනෙකින්වත් හිතපු නැති සිදුවීම් ටිකක් තමා ඊළඟට තියෙන්නේ.
සැබෑ ලෝකය:
ලෝකයේ තිබෙන ප්‍රධාන පෙළේ ධනවත් සමාගම් දුප්පත් රටවල ඇති සාරවත් ස්වභාවික සම්පත් සූරා කන ආකාරය, විශේෂයෙන්ම ඔවුන් විවිධ ප්‍රදේශවල සිදුකරන තෙල් හා ගෑස් කැණීම් පිළිබඳව, එමඟින් සමස්ථ ප්‍රජාවට, බොහෝ රජයන්ට ඇති කරන බලපෑම් ගැන සඳහන් කරනවා. වර්තමානයේ පෘතුවිය මත ඇත්තටම සිදුවෙන දේවල් ගැන කතා කරනවා සහ මේ සියළු අත්දැකිම් එක්ක අඟහරු මත සම්පත් පිළිබඳ කෙසේ ක්‍රියා කරයිද යන්න ගැනත් ප්‍රවීණයින් අදහස් දක්වනවා.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,068 downloadsDownload Mars-S02-E05.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-07-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සජීවි වේහැල්ල
Subtitles
4 comments
Hashan M. Priyadarshana
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
තව එක එපියයි.....රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thank you bro sub ekata.. :)
Ithuru tikath ikmanta demu..
Jaya wewa.!