ඔන්න ඉතිං ශීල්ඩ් 13 වෙනි කොටසත් අරගෙන ආවා, වැඩි කතා නැතුව පසුගිය කොටස ගැන විපරම් කරලා බලමු .හිතාගන්නත් ටිකක් අමාරු වගේ අපි Agents of SHIELD කතා මාලාවෙ එපිසෝඩ් 100 බැලුවා නේද මේ වෙනකොට කියලා. ඔව් මීට අවුරුදු 5 ට පෙරාතුව තමයි Marvel’s inaugural TV series එහෙමත් නැත්නම් මාවල්ලගෙ සමාරම්භක රූපවාහිනි කතා…

ඔන්න ඉතිං ශීල්ඩ් 13 වෙනි කොටසත් අරගෙන ආවා, වැඩි කතා නැතුව පසුගිය කොටස ගැන විපරම් කරලා බලමු .හිතාගන්නත් ටිකක් අමාරු වගේ අපි Agents of SHIELD කතා මාලාවෙ එපිසෝඩ් 100 බැලුවා නේද මේ වෙනකොට කියලා. ඔව් මීට අවුරුදු 5 ට පෙරාතුව තමයි Marvel’s inaugural TV series එහෙමත් නැත්නම් මාවල්ලගෙ සමාරම්භක රූපවාහිනි කතා මාලාව පටන් ගන්නෙ. ඒ පටන් ගත්ත කතා මාලාව වසර පහක් තුල අදියර පහක් ඉස්සරහට ඇවිත් පසුගිය සුමානෙ තමන්ගෙ සියවෙනි කතාංගය සම්පූර්ණ කලා.
කතාංග සීයක් ගිය තැන අපි ආපස්සට හැරිලා බැලුවාම මාවල්ලා විසින් තම ප්‍රේක්ෂකයන් වැඩිය දැන නොසිටි චරිත බොහෝමයක් ප්‍රේක්ෂකා තුල ආදරණීය චරිත ටිකක් කරලා තියෙනවා. අපි ගොඩක් ආදරය කරන චරිත කිහිපයක් තමයි කෝල්සන්, මෙලින්ඩා මේ, ෆිට්ස්, සිමන්ස්, මැක්, යෝ-යෝ, ඩේසි, හන්ටර්, බොබී ඒ වගේම වෝඩ් පවා. ඒ වගේම ශීල්ඩ් කතා මාලාව එක තැනකට කොටු නොවුනු කතා මාලාවක්, මොකද මේ සීසන් පහ තුල ශීල්ඩ් කතා මාලාව අපිව අනාගතයට ගෙනිච්චා, අපාය වගේ තැන් වලට ගෙනිච්චා, ෆ්රේම්වර්ක් වැනි විකල්ප යථාර්තයන් තුලට ගෙනිච්චා, ඒ වගේම තමයි කතාවෙ වපසරිය අපිට හිතාගන්නත් බැරි තරමටම පුළුල් වුන එකක්.
Agents of SHIELD කතා මාලාව මුල පටන් ගත්ත විදිහට නෙවෙයි පස්සෙ කතාව වෙනස් වෙන්න ගත්තා. මොකද මුලින් ෆෑන්ස්ලා හිතන් උන්නෙ Agents of SHIELD කතා මාලාව MCU එකේ වෙන හැම ෆිල්ම් එකක් එක්කම සහා චරිත එක්කලා සෘජුවම සම්බන්ධවෙයි කියලා. හැබැයි ඒක නොවුනාම නෙවෙයි, මොකද අපිට නික් ෆියුරි වගේම Lady Sif

අපිට කතාවෙ හම්බවුන නිසා ඒ වගේම යම් අවස්ථාවන් වල Avengers චිත්‍රපටියත් සමගද සම්බන්ධතාවක් තිබුනා. හැබැයි ගොඩක් දුරට මේ කතා මාලාව මාවල් පුරාවෘතය තුල ප්‍රධාන අංගයක් බවට හරවලා තියෙනවා. පසුගිය සතියෙ 100 වෙනි කතාංගයත් එක්කලා ඒ කරපු වැඩේ හරියටම හරියි කියන එකට සාක්ෂි දරනවා. පසුගිය සතිය ගොඩක් හැගුම්බර වගේම ඇසට කදුලක් එක්කලා කියන එක ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑ කියලා හිතනවා. ඒ වගේම ඒ දුක්මුසු අවස්ථාවත් එක්ක යථාර්ථයෙ ඇති වුන පැල්ම වහලා දාන්න අපේ ශීල්ඩ් නියෝජිතයො දරපු උත්සහය එක්ක තමා පසුගිය කොටස නිමා වුනේ. ඒ වගේම තමයි පසුගිය කොටස සම්පූර්ණයෙන්ම වගේ කෝල්සන් වටා තමයි ගෙවුනෙ.
මතක ඇති කියලා හිතනවා Agents of SHIELD කතා මාලාව පටන් ගත්තෙ Avengers ෆිල්ම් එකෙන් ටික කාලෙකට පස්සෙ. ගොඩක් ෆෑන්ස්ලා හිතුවෙ Avengers වලදි මැරුන කෝල්සන්ව විෂන් බවට පත් කරයි කියලා. ඒත් ෆෑන් තියරි බිද දමමින් Avengers age of Ultron වලදි ජාවිස් තමා විෂන් බවට පත් කලේ. ඊට පස්සෙ තමා එක පාරටම මාවල්ලා නිවේදනය කරන්නෙ ෆිල් කෝල්සන් ඇතුලත් වෙන ABC නාලිකාවෙ විකාශනය වෙන අලුත් සීරීස් එකක් පිළිබඳව. එතකොට නම් හැමෝම තිගැස්සෙන්න ඇති, ඒත් සීසන් පහකට පස්සෙ ෆිල් කෝල්සන් අපේ හදවත්වල සොදුරු චරිතයක් බවට පත්වෙලා ඒ වගේම ඔහුගෙ කණ්ඩායමත්. අන්න ඒ හේතු කාරණා නිසා තමා පසුගිය ගොඩක් තදින් හිතට කා වැදුනෙ. 100 වෙනි කොටසෙදි තමයි කෝල්සන් තමන්ගෙ සගයන්ට තියෙන ලෙඩේ ගැන කියන්නෙ. මේකට හේතුව වෙන්නෙ එයිඩව පරාද කරන්න ගෝස්ට් රයිඩර් එක්ක කරපු ගිවිසුම. ඒ ගිවිසුමට අනුව රයිඩර් කෝල්සන්ගෙ ජීවිතෙ ටිකෙන් ටික උදුර ගනිමින් ඉන්නවා. ඒ වගේම තමයි කෝල්සන් තමන්ගෙ තමන්ගෙ ජීවිතේ එක වතාවක් බේරපු ඒ පිටසක්වල තාක්ෂණය මේ වතාවෙ ප්‍රතික්ෂේප කරනවා. මට හිතෙන්නෙ කෝල්සන්ට ජීවිතෙන් සමු ගන්න වගේම ශීල්ඩ් එකට අලුත් නායකයෙක් පත් කරන්න ඕන වෙලා. ඒ ගැන පසුගිය සතියෙන් අපිට දැනගන්න ලැබුනනෙ.
කෝල්සන් තව වතාවක් මැරෙන්න යන්නෙ, හැබැයි ඊට කලින් එයාට ඉවර කරන්න මෙහෙයුමක් තියෙනවා, ඉන් එකක් තමයි ෆිට්ස්ගෙ තාක්ෂණය පාවිච්චි කරලා මොනොලිත් පිපිරීම් වලින් ඇති වුන කාලයේ සහා අවකාශය අතර පැල්ම එහෙමත් නැත්නම් බියෙහි මානය වහලා දාන එක. ඒ වගේම තමයි මේ මානය නිසා කතාවෙ උන්න පරණ චරිත කිහිපයක්ම අපිට හම්බවුනා, ඩෙත්ලොක්, ලෑෂ්, හයිව් වගේ. කෝල්සන් ඇතුලු පිරිස තමන්ගෙ තියෙන විශාලතම බියට මුහුණ දෙන අතරෙ ෆෑන්ලා වෙන අපි කෝල්සන් මැරෙයිද නැද්ද කියන තැන හිරවෙලා ඉන්නවා. මොකද චිත්‍රපටියෙදි කෝල්සන්ගෙ මරණය ගොඩක් හිතට බලපෑව දෙයක් වුනා, පුංචි තිරයෙත් ඒකම වුනොත් ආයෙත් ඉතිං පරණ තුවාල පෑරෙන එකයි වෙන්නෙ. කොහොමත් තාම කෝල්සන් මැරෙයිද නැද්ද කියලා හරියටම කියන්න බැ. අද කොටස බලන්නකො එතකොට තේරුම් යාවි මොකද කියලා.
පසුගිය සුමානෙ අපි දැක්කා කෝල්සන් තමන්ගෙ මරණයට මුහුණ දෙන්න සැරසෙනවා, ඒ වගේම කෝල්සන් කියනවා තමන්ගෙ නියෝජිතයන්ට දිගටම ශීල්ඩ් වෙනුවෙන් සටන් කරන්න්න කියලා, ශීල්ඩ් උරුමය රැක ගන්න. ඒ වගේම ඩීක් එළියට යනවා උදව් අරන් එන්න. ඒ වගේම කෝල්සන් බියෙහි මානය වහලා දාන්න යනවා. ඔතනදි තමයි අපිට ආයෙ සැරයක් මයික් පීටර්සන් හෙවත් ඩෙත්ලොක්ව මුණ ගැහෙන්නෙ සෑහෙන කාලයකට පස්සෙ. ඒත් එතන ඉන්නෙ නම් ඩෙත්ලොක් නෙවෙයි නිකම්ම මයික්, ඒ කෝල්සන්ගෙ හිතෙ මැවුන කෙනෙක්. මෙයා උත්සහ කරනවා කෝල්සන්ට ඒත්තු ගන්වන්න කෝල්සන් මෙච්චර කාලයක් කරපු කියපු හැම දෙයක්ම එයාගෙ හිතේ මවාගත්තු දෙයක් කියලා. කෝල්සනුත් මේක මොහොතකට විශ්වාස නොකලා කියන්න බැ. හැබැයි ඔය අල්ල පනල්ලෙ තමයි නියම මයික් එහෙම නැත්නම් ඩෙත්ලොක් ඇවිත් තමන්ගෙ හිටපු බොස්ට උදව් කරන්නෙ.
එක දෙයක් කියන්න ඕන ගිය සතියෙ ඩීක් ක්වින් ජෙට් එකෙන් කට්ටියත් එක්ක එළියට බහිද්දි මාර ගැම්මක් ආවා ආ.

අන්තිමට හැමෝගෙම එකමුතුවෙන් පස්සෙ සතුටට කාරණාවක් වුනා, ඒ තමයි ෆිට්ස් සහා සිමන්ස් දෙන්නගෙ විවාහය. කෝල්සන් තමයි මෙයාලව එකතු කරන්නෙ, මොකද කෝල්සන් දන්නවා මේ අය කවමදාවත් ශීල්ඩ් එක අතෑරල යන අය නෙවෙයි කියලා. ඉතිං මේ බැදීම, එකතුවීම එක්ක ශීල්ඩ් තවත් ආරක්ෂිත වෙනවා. මේ උත්සවය අතරෙ ඩීක් කියනවා සිමන්ස්ගෙ මුද්ද එයාගෙ අම්මගෙ මුද්ද වගේ කියලා, ඔව්, ඩීක් කියන්නෙ ෆිට්ස්-සිමන්ස් දෙන්නගෙ එකතු වීමෙ ප්‍රතිඵලයක්. අන්තිමට ඒක හොදටම පැහැදිලි වුනා ජෙනරල් හේල් ඒක හොයා ගැනීමත් එක්ක. ඩීක් නොදැනුවත්ව හරි ඉන්නෙ එයාගෙ පවුලෙ අයත් එක්ක. අපි ටිකක් කතාවෙන් බාහිරව කතා කලොත්, ගිය සතියෙ අපිට Fear Dimension එහෙම නැත්නම් බියෙහි මානයක් ගැන අහන්න ලැබුනා. මේක ඇවිත් මාවල් විශ්වයෙ පහලින් ස්ථාපනය කරපු රාජ්‍යයක්. මේ ගැන මුලින්ම සදන් කරන්නෙ ඩොක්ටර් ස්ට්‍රෙන්ජර් කතාවක් තුලින් හරියටම කිව්වොත්, Doctor Strange: Sorcerer Supreme #31 (1991) කලාපය තුලින්. 
සමහර කැපී පෙනෙන බිය අඩංගුවෙලා තියෙන්නෙ මේ මානය තුල. බිය ගැන කතා කරනකොට මාවල් සතු ප්‍රධාන බය පතුරවන චරිතයක් තමයි Nightmare කියන්නෙ.

අපිට මෙකෙදි නම් මෙයාව දකින්න ලැබුනෙ නැ. ඉදිරියට එන ඩොක්ටර් ස්ට්‍රෙන්ජර් ෆිල්ම් එක්කින්වත් Nightmare දකින්න පුළුවන්වෙයි කියලා හිතමු අපි. ඉතිං ඔය දේවල් තමයි පසුගිය කොටස ගැන කියන්න තියෙන්නෙ. ආයෙ ඉතිං අද කොටස ගැන කියන්න අවශ්‍යය නැහැ, ඔය ටිකත් හිතේ තියන් අද කොටස බලන්න කියන ගමන් මම යනවා. ඒ වගේම Avengers Infinity War චිත්‍රපටයේ දෙවනි trailer එකත් රිලීස් වුනා ඒකත් බලන්න කියන ගමන් මම සමු ගන්නවා.
The steps you take don’t need to be big.
They just need to take you in the right direction.
#Hail Marvel !
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
8,237 downloadsDownload S.H.I.E.L.D-S05E14.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Lahiru-e1521354396401.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ලහිරු ප්‍රසාද්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
44 comments
t.w.s.t
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරසට.. කෝහොමත් ෆීල්ඩ් එකේ කොල්සන්ව වගේම ඇවේන්ජර්ස් එකේ කැප්ටන්වත් අපිට තව වැඩි කාලයක් බලන වෙන එකක් නෑ කියලමයි මටනම් හිතෙන්නේ.
TEP
thanks for sub
Lucifer eke sub danndoRasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
සබ් එක එනකම් බලන් හිටියේ....
නියම ලිපිය...sachintha
Sub ekata thanks sahoo
Jaya wewaMaleesha pathirana
Lahiru aiyya nam marama kapa wimen sub krnwa! mm eka hodtma dannawa..!
Amalka Himeshan
අඩෝ ලහියා තැන්ක්ස් සබ් එකට මන් හීතුවෙ තාම දාල නෑ කියල
iDinesh
Thanks!
Kasun A.
sabata thuthi lahiru saho.jaya!
lahiru sadaruvan
denakan balagena hitiye thank you so much saho......
dush135
ela
Amila89
ජය වේවා සහෝ
Hirunaprabodha
ස්තූතියි සහෝ.. ඔබට ජය
කෞශල්‍ය දුෂ්‍යාන්
ශා පට්ට ලිපිය හොදේ........ උපසිරසට බොහොම තුති ලහිරු සහෝ. සදා ජය. :) :) :)
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
nirodha uthpala
Nice lipiya hode umba nattan mekath na thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...
M.R.Insaf
Thanks saho..
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......
futureomega
Sub ekata & lipiyata very very thax bos.
Shalika
api epi 100k bluwa ehnm.subata thanks
D.Chamara
bohoma sthuthi sahooo jaya ...
Kanchana
Thanx saho
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
danushka nuwic
Sub eka download karanna bahane?
Sanath Indika
thx broo
Maduranga80121
මගේ අාසම කතාව බ්‍රෝ..... tnx...
geeganagamage
සුපිරි ලිපියක් ඒ වගේම සබ් එකට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ravindu Rukshan
Thx
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
විමා
ජෙමා + ෆිස්ට් ඉන්නේ තමන්ගේම ළමය එක්ක
හම්මේ ඉතිං <3
පට්ට ලිපිය බන්
මේක මේ සීසන් එකෙන් නවතින එක සිද්දවුනොත් මාර වටිනවා.
චොර කරගන්නේ නැතුව කතාව ඉවරයක් කරගන්න එක හොඳයි,
නැත්නම් මේකවත් ඇරෝ ෆ්ලෑෂ් ගොඩට වැටෙනවා
සබට තුති වේවා.Udara Damith Dissanayaka
එක වෙනම ආතල් එකක් බන්
nimanaka
thanks brother..
macrocomlk
Thanks Lahiru sub ekta......!!!
#MaduDasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ......
Cnw
14 epiyane thiyenne
hiru_tharu
thanks bro,,
Sajithlakshan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
OmarAshen
A episode 14 ne tiyana
Kmym95m
Meka 14 weni ekane bnh
Milinda Senanayaka
@රොයිලි මේකෙ සබ් එක වැරදි එක බ්‍රෝ
Big_Boss
මෙකේ බන් තියෙන්නේ 14 වෙනි එපිසෝඩ් එකේ සබ් නේ බන්
Anonymous
Koo 13 me 14 eke ekne
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Ela sub ekata thanx