මුල් කොටසේ සිදුවීම් ටික ගලාගෙන ගිය විදිහ නම් තේරුණාද මන්දා?! කතාව පටන් ගත්තෙම කවුදෝ මන්දා ගෑනු ලමයෙක්ට පිරිමි දෙන්නෙක් එකතු වෙලා කරදර කරන්න යද්දී එක්තරා පල්ලියක නමක් සදහන් වුනු වෑන් රථයකින් ආව ගෑනු දෙන්නෙක් ඇවිල්ලා අර මිනිස්සු දෙන්නාගෙන් ඒ ගෑනු ලමයව බේරගෙන එයාවත් ඒ වෑන් එකට දාගෙන එක්කගෙන ගියපු එකනේ…

මුල් කොටසේ සිදුවීම් ටික ගලාගෙන ගිය විදිහ නම් තේරුණාද මන්දා?! කතාව පටන් ගත්තෙම කවුදෝ මන්දා ගෑනු ලමයෙක්ට පිරිමි දෙන්නෙක් එකතු වෙලා කරදර කරන්න යද්දී එක්තරා පල්ලියක නමක් සදහන් වුනු වෑන් රථයකින් ආව ගෑනු දෙන්නෙක් ඇවිල්ලා අර මිනිස්සු දෙන්නාගෙන් ඒ ගෑනු ලමයව බේරගෙන එයාවත් ඒ වෑන් එකට දාගෙන එක්කගෙන ගියපු එකනේ. ඒ ආරාධනාවම හරිම ත්‍රාසජනකයි කියලා බලපු අයට නම් තේරෙන්න ඕන. ඇලෙක්ස්ට ඕන වුණේ එයාගේ යාලුවෝ ටික ආයෙමත් එයාගේ ගෙදරට එකතු කරගන්න. ඒකම තමයි මුල් කොටසේ පරමාර්ථය වෙලා තිබුණේ. ඒ නිසයි මුල් කොටසට “Reunion” කියලා නමක් පවා පාවිච්චි කරලා තිබුණේ. නිකෝගේ සහෝදරිය වෙච්චි ඒමිගේ මරණයෙන් පස්සේ තමයි මේ ළමයි ටික එයාලගේ පවුල්වල දෙමව්පියන්ගේ බලපෑම් නිසා වෙන් කරලා තියෙන්නේ. එහෙම ඉදලා සෑහෙන කාලයක් ගත වුන නිසාම තමයි ඇලෙක්ස් ගිහිල්ලා හැමෝටම වගේ ආරාධනාවක් කලේ. ඒත් ඒ ආරාධනාව කලත් ඒ අය කැමති වුනේ නම් නැහැ. අපිට මොලීගෙන් අමුතුම දෙයක් දැකගන්න පුලුවන් වුනා. පුදුමාකාර විදිහේ බලයක්. මේ අතරෙම ආයෙමත් වතාවක් අර මුලදී අකරතැබ්බයක් වෙන්න ගිහිල්ලා බේරුණු කෙල්ල ඩේස්ටිනිව මුණගැහෙනවා කැරොලිනාට. ඇලෙක්ස් ආරාධනා කරලා තිබුනත් කිසිම කෙනෙක් එයාගේ ගෙදරට ආවේ නැහැ. ඒ වෙනුවට කට්ටිය තම තමන්ගේ වැඩ වලට වැටිලා හිටියේ. මොලී ගෙදර තිබුණු වාහනේ එයාගේ බලයන් පාවිච්චි කරලා තල්ලු කරලා එතනම නින්ද ගිහිල්ලා. ඇත්තටම ඒ එයාගේ හැටි. එයා එයාගේ බලය පාවිච්චි කලාට පස්සේ කොහෙට හරි වැටිලා එයාට නින්ද යනවා.චේස්ගේ ස්පාඥ භාෂාව හුරු කරන්න උදව් කරන්නම් කියලා පොරොන්දු වුනු ගර්ට් චේස් එනකන් මග බලන් හිටියා. ඒත් චේස් නම් ආවේ නැහැ මොකද එයා එයාගේ යාලුවන්ගේ පෙරැත්ත නිසාම සාදයකට ගියා. මෙතනට කැරොලිනා පවා ආවා.එතනදී කැරොලිනා මත්ද්‍රව්‍යයක් අරගත්තා. මේ නිසාම එයාට අමුත්තකුත් දැනිලා එයාව දිලිසෙන්නත් අරගෙන එක පාරටම ඇදන් වැටුනා. එතකොට තමයි චේස්ගේ යාලුවෝ ටික එකතු වෙලා කැරොලිනාට අතවර කරන්න යද්දී චේස් එයාගේ යාළුවන්ටත් ගහලා කැරොලිනාව බේරාගත්තේ.
හැමෝම තම තමන්ගේ වැඩ වලට ගිහින් කරදර ඇතිවෙලා ඉන්න අතරේ නොහිතපු විදිහට ඇලෙක්ස්ගේ ගෙදරට එයාගේ යාලුවෝ ටික චේස්, කැරොලිනා, නීකො, ගර්ට්, මොලී මේ හතර දෙනාම ආවේ. මේ අතරේ මේ අයගේ අම්මලා තාත්තලා හවුලේ පවත්වාගෙන යන ප්‍රයිඩ් සංවිධානයේ රැස්වීමත් ඇලෙක්ස්ගේ ගෙදර පවත්වමින් තිබුණේ. පිට අය දන්න විදිහට නම් මේ ප්‍රයිඩ් කියන්නේ පුණ්‍යමය කටයුතු කරන හොද සංවිධානයක්. යාලුවෝ ටික එකට එක ගෙදරට එකතු වුනාට ඒමි නැති අඩුව නිසා මේ අය නිකන් කරකවලා අත හැරලා දාලා වගේ. මොකක්ද කරන්න ඕන, මොනාද කතා කරන්න ඕන ඔය කිසිම දෙයක් නොතේරන අය වගේ හැසිරුණේ. ඊටපස්සේ තමයි කට්ටිය අමුත්තන්ගේ ගෙදර ඉදලා එතන ඉදන් කෙලින්ම තිබුණු ඇලෙක්ස්ගේ තාත්තාගේ කාර්‍යාලයට ගියේ. මෙතනදී ඇලෙක්ස්ගේ අතින් වැරදිලා දොරක් ඇරෙන්නේ අඩුම තරමේ එයාවත් දැනගෙන හිටියේ නැති. මේක කෙලින්ම යන්නේ මෙයාගේ ගෙදර පහලට.ඒක යට තියෙන අබිරහස් ස්ථානයට උඩින් තමයි ඇලෙක්ස්ලගේ ගෙදර හදලා තියෙන්නේ. මේ අය පහලට ගියාම තමයි දැක්කේ මේ පස් දෙනාගේ අම්මලා තාත්තලා රතු පාටට හුරු ඇදුම් ඇදගෙන කෙල්ලෙක්ව පිටසක්වල ජීවින්ගේ යානයක් (පෝඩ්) වගේ එකකට බලෙන්ම වගේ දානවා දැක්කේ. ඒත් මොලී එයාගේ ෆෝන් එක අරගෙන පින්තුරක් ගද්දි ෆෝන් එකේ තිබුණු ෆ්ලෑෂ් ලයිට් එක පහලට වැටිලා පහල හිටිය එයාලගේ දෙමව්පියෝ දැනගත්තා කවුරුහරි කෙනෙක් එයාල කරන වැඩේ බලාගෙන හිටියා කියලා. මේ දේවල් වෙද්දී මේ තරුණ ලමයි පස්දෙනා හොදාකාරවම දැක්කා අර පෝඩ් එක ඇතුලට දැම්ම ගෑනු ළමයා ඇතුලට ගියා මිසක් ආයේ එලියට ආවේ නැහැ කියලා. ඒ වගේම ඒ ගෑනු ලමයව මේ පස්දෙනාගෙන් කෙනෙක් හොදටම අදුරනවා.
මුල් කොටසේ මේ හැම සිදුවීමක්ම එකක් නෑර ඔහේ ගලාගෙන යන්න වගේ ගියාට පෙන්නුවේ නැහැනේ අර පෝඩ් එක (ඇත්තටම මේක පෝඩ් එකක් නෙවෙයි. අමුතු විදිහේ දිලිසෙන බදුනක් වගේ එකක්නෙ) ඇතුලට දැම්ම ගෑනු ළමයා කවුද කියලා. හැබැයි එතන හිටියේ ඩේස්ටිනි නොහොත් කතාව මුලදීම කට්ටියක් ඇවිත් පල්ලියට අරගෙන ගිය කෙල්ල කියල මේ තරුණ කණ්ඩායමේ ඉන්න කැරොලිනා අදුරගන්නවා. මෙතනින් පස්සේ තමයි මේ අය සැක කරන්න පටන් ගන්නේ එයාලගේ දෙමව්පියෝ අර ලමයව මරලා දාලා බිල්ලක් දුන්නාදෝ කියලා. ඉතින් තමන්ගේ දෙමබ්පියන්ට සැක නොහිතෙන විදිහට මේ තරුණ කණ්ඩායමේ වෑයම වෙන්නේ එදා ඇත්තටම මොකක්ද වුණේ කියලා දැනගන්න. ඇත්තටම ප්‍රයිඩ් කියන්නේ හොද සංවිධානයක් නෙවෙයි කියලා මේ අය තාමත් දන්නේ නැහැ. එතකොට අර දිලිසෙන පෝඩ් එක ඇතුලට දාන්න කලින් චාරිත්‍රයක් හැටියට මත්ද්‍රව්‍යයක් බොන්න දීලා අත පය නැති කරවන හැටි, ඔය වගේ මුල් කොටසින් දකින්න ලැබුනේ නැති සිදුවීම් ගනනාවක් මේ කොටසින් ඔයාලට අද බලාගන්න පුලුවන් වේවි. මොකද වෙන්නේ කියලා බලාගන්න මං ඔයාලට බාර දෙන්නම්.
සාර්ථක නොවේවි, එච්චර ගතියක් නැති වේවි කියලා හිතාන උන්නු කතාවක් සුපිරියක් වෙච්ච නිසාමයි බයිස්කෝප් කණ්ඩායමේ අපි එකතු වෙලා මේකට උපසිරැසි ගන්වන්න හිතුවේ. ඔයාලාටත් අවවාදයක් හැටියට මෙහෙම දෙයක් කියන්නම්. “මේක නිකන් එක පාරටම ලස්සන සූට් එකකට බැහැලා සුපිරි වීරයෝ කියලා පෙන්නන්න දගලන කතාවක් නම් නෙවෙයි. නැති ඉවසීමත් ප්‍රගුණ කරලා බලන්න. මොකද මේක ඩ්‍රාමා සිරිස් එකක් නිසා සිදුවීම් සියල්ල එකක් නෑර රස විදින්න නම් හොදට මේක බලන්න ඕන. කම්මැලියි කියලා අතහරින අයට කියන්න තියන්නේ එයාලා එහෙම කරලා කරගන්න හදන්නේ ලොකු පාඩුවක් කියලා.” ඉතිරි කොටස් අට තවත් සහෝදරයෝ අට දෙනෙක් ඔයාලට අරගෙන ඒවි. එහෙනම් රැදිලා ඉන්න බයිස්කෝප් සිංහලෙන් එක්කම.
ගිහින් එන්නම්. ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
6,828 downloadsDownload Marvels-Runaways-01x02.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
චාමර සම්පත්
Subtitles
46 comments
priyan99
shanakasabith
thanks brooo anith epi wala sub ekath ikmaanata denno
Lushan Tharinda
Thanks for the sub...
sachintha
Sub ekata thanks chamara sahooo...
Elama....sulochana12345
thanks machan..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanula D
සබ් එකට තෑන්ක්ස් සහෝ.ජයවේවා.
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
sanjeewa6106
Thanks for the Sub. All the best.
geeganagamage
බොහෝම ස්තුතියි මේක දෙනකම් බලාගෙන හිට්යේ .
nirodha uthpala
Hope ho yami yami paine yami thx for ßsub sahodaraya digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Udara Damith Dissanayaka
බොහොම ස්තූතියි
..elakalana2007
හැම ෙකාටසක්ම කුතුහලෙයන් පිරිලා. බලලා ඉවරවුනත් අාපහු සබ් ඒකත් ඒක්ක බලනවා මහන්සියට ෙගාඩක් ස්තූතියි!
තරිඳු පෙරේරා
නියමයි සහෝ ඉක්මනට දීලා සබ් එක බොහොම ස්තූතියි
අනිත් ටිකත් මේ වගේ හොදට කරන්න සුබ පතනවා ඔබට!!! :)
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
පට්ට කතාවක් මේක....Sahanp
thanks broo
C.R.Jayalath
Jaya Wewa Chamara Aiya!!!!
lushan...thusi
thanx bro
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
lushan...thusi
thanx broo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kasun A.
sabata thuthi saho.jaya!
udithasanka
thnkz buddy
Darshika96
thanks bro sub ekata...
Nonim Nuwan
thanks aiyye
D.Chamara
thanka....
Sajana_pathirana
ස්තූතියි
ravin
Thanks for the sub
ganganathdinendra
thankx for the sub
Isharaeranda
sub ekata thanks
Shani
Thanks saho
trok
tnx bro
Dushan Tharuka
Thank You !!!
Rasitha Pradeep
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
wajira
thanks bro
SanjulaJeter
thanks!
Stranger
thanks
bhanukarasanga
thanks bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Sachintha Kalhara Benet
ela, thanks.
jayen jayama wewa.kasunperera
ela
Sajithlakshan
thanks ....................
Anonymous
thanks aaaa
sahangayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thanks bro sub ekata