Watch Trailer

Marvel’s What If…? [S02 : E09] Sinhala Subtitles | ආදරය නිසා මල්ටිවර්ස් එක අනතුරේ [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් දෙවනි සීසන් එකේ අවසාන කතාංගයටත් ආවා. සනූප මල්ලි මේක කරන්න කතාකළාට නැවත වතාවක් ස්තූතියි. හිරාන් අයියේ එපිසෝඩ් එක ආපු ගමන් දැනුම් දුන්නට ස්තූතියි. මේක කරලා ඔයාලට දෙනකන් මමත් නොවසිල්ලෙන් ඉන්නේ… එහෙනම් අපි අද කතාංගයට යමු මේක නම් තනිකරම පිස්සුවක් ගායිස්. ප්‍රශාන්ත් නීල් යුනිවර්ස් එකක් එක හැද…

What If

ඔන්න එහෙනම් දෙවනි සීසන් එකේ අවසාන කතාංගයටත් ආවා.
සනූප මල්ලි මේක කරන්න කතාකළාට නැවත වතාවක් ස්තූතියි.
හිරාන් අයියේ එපිසෝඩ් එක ආපු ගමන් දැනුම් දුන්නට ස්තූතියි.
මේක කරලා ඔයාලට දෙනකන් මමත් නොවසිල්ලෙන් ඉන්නේ…

එහෙනම් අපි අද කතාංගයට යමු
මේක නම් තනිකරම පිස්සුවක් ගායිස්.
ප්‍රශාන්ත් නීල් යුනිවර්ස් එකක් එක හැදුවා ආදරය කියන තේමාව අරගෙන
ඒවගේම මාවල් ස්ටුඩියෝ එකත් ඒ තේමාවම මේ කතාමාලාව පුරා පතුරවලා
පලවෙනි සීසන් එකේදී අපි දැක්කා ඩොක්ටර් ස්ට්‍රේන්ජ් විශ්වයක්ම විනාශ කරනවා
ක්‍රිස්ටීන්ව බේරගන්න ගිහින් ඒ සීසන් එකේම කැප්ටන් කාටර් විශ්වය වෙනුවෙන්
තමන්ගේ ආදරය අතහරිනවා.
ඒ පරිත්‍යාගයම ආපහු මේ සීසන් එකේ කලින් කතාවෙදිත්කාටර්ට කරන්න සිද්ධ වුනා.
මෙව්වා බලනකොට මගෙත් ඇස්බොඳ වෙනවා. (කඳුළු වලින්)
ඉතින් අන්තිම කොටසෙදි දැක්කා වගේම ස්ට්‍රේන්ජ් කාටර් හම්බවෙන්න ආවා.

ඔන්න ඉතින් පලවෙනි වතාව සම්පූර්ණ මාවල් ඉන්ට්‍රෝ එකම ස්ටයිල් එකෙන් මේකෙදි බලාගන්න ලැබෙනවා.
මේ කතාවෙදි එයාලට පලවෙනි කතාමාලාවටත් වඩා දරුණු තර්ජනයකට මුහුණ දෙන්න වෙනවා.
ඉතින් ඒක නිසා තමා ස්ට්‍රේන්ජ් කාටර්ව හොයාගෙන එන්නේ.
කෙලින්ම ඉතින් සුපිරිම ටීම් අප් එකක් බලාගන්න පුළුවන්.
මම ස්පොයිල් කරන්නේ නැහැ, ඔයාලම බලාගන්නකෝ.
හැබැයි සමහරවෙලාවට ඇත්ත ලෝකේ වගේම කතා වලත්
අපි යාළුවෝ කියලා ළඟින්ම ආශ්‍රය කරන අය ඇත්තටම වෙස්මුහුණු දාගන ඉන්න පිරිසක්.
ඉතින් මේ වෙස්මුහුණු ගැලවෙන කතාංගයයි.
මේකෙදි ආදරය වෙනුවෙන් මල්ටිවර්ස් එක පරිත්‍යාග කරයිද??
මල්ටිවර්ස් එක වෙනුවෙන් ආදරය පරිත්‍යාග කරයිද??
එන්න අපි  what if අල්ටිමේට් එන්ඩින් එක බලමු.
මේකේ අන්තිම තැනදි කෑගැහුනේ නැත්තන් උඹලා අමු තිරිසන්නු බන්.

එහෙනම් අඩුපාඩු ගුණදොස් ගැන කමෙන්ට් එකක් දාගෙනම මේක ඩවුන්ලෝඩ් කරගන්න.
Berlin කතාමාලාවේ එපිසෝඩ් එකකින් හෙට අනිද්දා හම්බවෙමු.
ජයවේවා!!

 

What If, What if Season 02, What If Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

9,276 downloadsDownload Marvels-What-If.-S02-E09-Sinhala-Subtitles-1.zip16 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous Season

All BT1

Nxt Season BT12

 

What If, What If Season 02, What If Season 02 Sinhala Sub

Subtitles by

නිර්මාල් විමුක්ති

Subtitles

9,276 downloadsDownload Subtitles16 KB

14 comments

  1. Anonymous

    එනකම් බලාගෙන හිටියා ආදරෙයි පැට්ටෝ

  2. Nishan S Ariyarathna

    Thanks

  3. Anonymous

    Thank You!

  4. Deneth Hasaranga

    Enakan balan hitiye

  5. ඇසල

    දැන්නම් Subtitle එක සිංහලෙන්ම තියෙනවා.
    ThankYou!

  6. Anonymous

    piccu kolla, enkm baln hitiye❤️

  7. kaveen nadeera

    download link nadda bro

    1. Hiran Ganepalla

      අපේ ටෙලිග්‍රෑම් චැනල් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

  8. Sanupa Ranmeth

    ෆිනාලෙ එක ඉක්මනටම දුන්නා නේද. මරු ආ. ❤️ එපිය නම් තනිකර පිස්සුවක්ම තමයි. මට නම් මේක 10/10 දෙන්න පුළුවන් ෆිනාලේ එකක්. කාටර් සහ ස්ටීවන් කියන්නේ එකම කාසියේ දෙපැත්ත. ඒක නියමෙටම පෙන්නන එපියක්. පළවෙනි සීසන් එකත් එක්ක බලද්දී දෙවෙනි සීසන් එක වෙනම ලෙවල් එකක තියෙන්නේ. ඇනිමේෂන්, ස්ටෝරිය, කැරැක්ටර්ස්, ඒ හැම අතින්ම. තුන්වෙනි සීසන් එක ගැන සෑහෙන්න බලාපොරොත්තු තියාගන්න පුළුවන් වගේ.

    ආපහු ස්තුති කරන්න ඕනේ මට කරන්න බැරි වුණු වෙලේ බෑ නොකියා සබ් එක දෙන්න බාරගත්තට. එපි දෙක කරමුද කියලා මුලින්ම ඇහුවේ අයියගෙන්. විශ්වාසේ නිසා :D . එහෙම නම්, තුන්වෙනි සීසන් එකෙන් හමුවෙමු. සබට තුති අයියේ. ✌️

  9. chinthaka chathuranga

    thanks bro

  10. Thisara Prabhath Senarathne

    Thankz broh

    ❤️

  11. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. baiscopelkISHU

    සබ් ඔක්කොම ගත්තා සීරීස් එකේ.. දෙන්නටම බොහොම පිං