Mashle: Magic and Muscles [S01 : E01 & E02] Sinhala Subtitles ලංකන් weeb රසිකයො හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි අරගෙන ඇවිත් තියෙන්නෙ 2023 වසරෙදි රිලීස් උන mashle: magic and muscles පලවෙනි කතා සමයයි. හැරී පොටර් වගේ මායා ලෝකෙක ජීවත්වෙන one punch man කතාවෙ සයිතමාට වගේ බලයක් තියෙන…

Mashle: Magic and Muscles Sinhala Subtitles

ලංකන් weeb රසිකයො හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි අරගෙන ඇවිත් තියෙන්නෙ 2023 වසරෙදි රිලීස් උන mashle: magic and muscles පලවෙනි කතා සමයයි. හැරී පොටර් වගේ මායා ලෝකෙක ජීවත්වෙන one punch man කතාවෙ සයිතමාට වගේ බලයක් තියෙන ලමයෙකුගෙ කතාවක් බලමුද?

මේ කතාවට පාදක වෙන්නෙත් ගොඩක් ඇනිමෙ වලට වගේම manga එකක් තමා මේක හදන්නත් පාදක වෙලා තියෙන්නෙ 2020 January 27 වන දින නිකුත් වෙන මේ manga එක රචනා කරල තියෙන්නෙ hajime komoto කියන කෙනා වෙලුම් දහ අටකින් සමන්විත මේ Manga එක පාදක කරගෙන Mashle: magic and muscle නමින් තමා මේ ඇනිමෙ එක නිර්මාණය වෙන්නෙ මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Tomoya Tanaka කියන අධ්‍යක්ෂවරයා මේකෙ සංගීත කටයුතු බාරව කටයුතු කරන්නෙ masaru Yokoyama ඒ වගේම මේ ඇනිමෙ එක නිශ්පාදන කරල තියෙන්නෙ ප්‍රසිද්ධ ඇනිමේ නිශ්පාදන සමාගමක් වන A-1 pictures කියන සමාගම. මේ කතාව Imb දර්ශකයෙ 75%ක අගයක් අරගෙන තියනෙව වගේම මේක අයිති වෙන්නෙ action, fantasy, comedy කියන grens වලට 

කතාව ගැන කියනව නම් one punch man කතාව වගේම හොඳ කම්මැලි නැතුව විනෝදෙන් බලගෙන යන්න පුලුවන් ඇනිම් එකක් තමා මේකත්. මේක මයා ලෝකයක ජීවත් උනත් මැජික් කරන්න බැරි නමුත් සයිතමාට වගේ පවර් එකක් තියෙන ලමයෙක් ගැන තමා කතාව ගලාගෙන යන්නෙ. එයාගෙ නම තමා Mash Burnedead මෙයාලගෙ ලෝකෙ මැජික් කරන්න බැරි ලමයින්ව තියාගන්නෙ නැහැ මේ හේතුව නිසා මෙයා මෙයාගෙ භාරකාරයා උන රෙග්‍රො බර්න්ඩීඩ් කියන වයසක සීය කෙනෙක් එක්ක කැලෑවක තමා ජීවත්වෙන්නෙ යම් සිදුවීමක් එයාට ඊස්ටන් මැජික් ඇකැඩමියට ඇතුලු වෙන්න අවස්ථාවක් ලැබෙනවා එතනින් පස්සෙ ඒ පාසලේදි වෙන සිදුවීම් තමා මේකෙ අන්තර්ගතය විදියට තියෙන්නෙ. මෙයාගෙ අපේක්ෂාව වෙන්නෙ එයාගෙ සීයා (පොප්ස්) එක්ක සාමයෙන් ජීවත් වන එකයි ඒත් ඇත්තටම මේ මායා ලොකෙදි මැජික් කරන්න බැරි ළමයෙක්ට ඒ වගේ ජීවත් වෙන්න සමාජය ඉඩදෙයිද?…

මම කරපු දෙවනි උපසිරැසි ගැන්වීම විදියට තමයි ඔයාලට මේ උපසිරැසිය ලැබෙන්නෙ හසරංග සහෝ ඇතුළු අපේ ලංකන් weebs කණ්ඩායමේ අනිත් අයවත් මතක් කරන ගමන් එහෙනම් කතාව බලල comment එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා හැමෝටම සුබ දවසක් ✌️.

ලංකන් weebs වෙනුවෙන්- සඳක මලීෂ

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,003 downloadsDownload Mashle-Magic-and-Muscles-S01-E01-E02.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Next BT1

Mashle: Magic and Muscles Sinhala Subtitles

Subtitles by

ලංකන් Weebs

Subtitles

3,003 downloadsDownload Subtitles23 KB

7 comments

  1. Hasaranga Nadeesha

    දෙවෙනි එකත් නියම කතාවක්නෙ ගෙනල්ලා තියෙන්නෙ. දිගටම වැඩේ කරමු.

  2. kavinda gamage

    බොහොම ස්තුතියි බලාගෙන හිටපු කථාවක්

  3. Anonymous

    thank you .godak asawen balan hitiye

  4. nadun

    maru maru . puluvnnam dr stone ekatath sub denna balanna

  5. Anonymous

    My hero academia anime series එකටත් සින්හල සබ් දෙන්නකෝ

  6. Palingu

    My hero academia anime series එකටත් සින්හල සබ් දෙන්නකෝ

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P