Little Mom [E04] Sinhala Subtitles 2021 වර්ෂයේදී ඉන්දුනීසියාව තුල විකාශනය වූ Little Mom කතාමාලාව අග්නිදිග ආසියාව පුරා මහත් ජනප්‍රියතාවයක් අත්කරගැනීමට සමත්වූ අතර IMDB 7.5 ක අගයක් වාර්තා කිරීමටද සමත්වූ කතාමාලාවකි.. Little Mom [E04] Sinhala Subtitles අද අප රට තුල පවතින ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී සිදු…
Little Mom Sinhala Subtitles
2021 වර්ෂයේදී ඉන්දුනීසියාව තුල විකාශනය වූ Little Mom කතාමාලාව අග්නිදිග ආසියාව පුරා මහත් ජනප්‍රියතාවයක් අත්කරගැනීමට සමත්වූ අතර IMDB 7.5 ක අගයක් වාර්තා කිරීමටද සමත්වූ කතාමාලාවකි..
Little Mom Sinhala Subtitlesඅද අප රට තුල පවතින ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී සිදුවන දරුණු අඩුලුහුඩුකම් නිසා වයස අවුරුදු 15/16 වයසේ පසුවන නවයොවුන් දැරියන් ගැබ් ගැනීම් වලට ලක්වන සිදුවීම් බහුලව අසන්නට දකින්නට ලැබෙන අතර මේ නිසාවෙන් ඔවුන් හා ඔවුන්ගේ පවුල් වල උදවියද දැඩි මානසික ව්‍යාකූලතාවයකට පත්වෙයි. ඉතින් මෙම කතාවෙ ප්‍රධාන හරය දිවයන්නේත් එවැනි සිදුවීමකට මුහුන දීමට සිදුවූ නවයොවුන් වියේ දරුවන් දෙදෙනෙකු වටායි..
එහිදී ඔවුන් සමාජයට, තමාගේ පාසලට හා දෙමව්පියන්ට මුහුන දීමේදී මුහුණපාන ගැටළු කතාව තුල විද්‍යාමාන කිරීමට Little Mom නිර්මාපකයින් හරිම අපුරුවට සමත්වී ඇතිබව මාගේ හැඟීමයි. ඒ වාගේම දරුවන් පාසලේදී මෙන්ම තමන්ගෙ නිවසේදීත් විවිධ හිරහැරයන්ට භාජනය වීම හා එහි ප්‍රතිපලයක් ලෙස දරුවන්ගේ ක්‍රියාකාරකම් තුල සිදුවන වෙනස් වීම් මෙහිදී ඉතා සියුම්ව පෙන්වා දී තිබෙනවා. ඉතින් දරුවන් සිටින දෙමව්පියන්, නවයොවුන් වියේ පසුවන දරුවන් මෙම කථාමාලාව නරඹා එමගින් දැනුමට යමක් එකතු කරගනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.
Little Mom Sinhala Subtitlesඑහෙනම් අපි Little Mom කතා මාලාවෙ තුන්වෙනි කොටසේ සිදුවීම් මතක් කරගමු..
Little Mom Sinhala Subtitlesයූඩා නවුරව අතහැර තමන්ගේ දෙමව්පියන් සමග ජපානයට යෑමට පිටත්වීම නිසා නවුරා තමන්ගේ කුසේ සිටින දරුවාත් සමග තනිවෙනවා. නැවතත් ගුවන්තොටුපලෙන් නිවසට පැමිණෙන නවුරාට දෙමව්පියන්ගෙන් එල්ලවන්නේ සුලුපටු දෝස් මුරයක් නම් නෙමෙයි.. මවගෙන් සහ පියාගෙන් මෙලෙස තමන්ට එල්ලවන චෝදනා හමුවේ දැඩිව අසරන වන නවුරා ජීවිතය නැතිකර ගැනීමට සිතාගෙන පාලමක් මතට පැමිනෙනවා. නමුත් වාසනාවකට මෙන් ඒ අසලින් ගමන් කරන කීනන් නවුරව දැක ඇය සියදිවි නසාගැනීමට කරනු ලබන උත්සාහය ව්‍යාර්ථකරනු ලබනවා. ඉන්පසු නැවතත් නිවසට පැමිනෙන නවුරා සමග කතා කරන නවුරාගේ දෙමව්පියන් අලුත් සැලැස්මක් නවුරා හමුවේ තබනවා. එනම් දරුවා ලැබෙන තෙක් ඔවුන්ගේ පදිංචි නිවස අතහැර ගොස් බාලි වල ජීවත් වීමයි. නමුත් නවුරා පාසලේ මිතුරන්ට සදහන් කරන්නේ ඇය දෙමව්පියන් සමග පැපුවා වෙත යන බවයි..
මෙලෙස බාලිවෙත යන නවුරාගෙ පවුල එහි නව අවන්හලක් විවෘත කරනවා. ඉගෙන ගනිමින් සාමාන්‍යය ජීවිතයක් ගත කරමින් සිටින නවුරා දිනක් තමන්ගෙ අවන්හලට පැමිණෙන තමාගේ හොදම මිතුරියන් දෙදෙනා හා සෙලීන් ඇතුළු පිරිස දකිනවා. නවුරා අවන්හල තුල සැගවීමට ක්‍රියාකලත් ඇයව දකින සෙලීන් ඇයට කතා කරනවා. එහිදී නවුරා විසින් තමන් පියා සමග නිවාඩුවක් ගත කිරීමට බාලිවෙත පැමිණි බව සදහන් කරනවා.. කෙසේ හෝ යහලුවන් සමග කතා බස් කරමින් සිටින අතර Cipta bangsa උසස් පාසල හා Pastika උසස් පාසල අතර පැවැත්වෙන බාස්කට්බෝල් තරගය නැරඹීමට පැමිනෙන ලෙස නවුරාට ඇයගෙ යෙහෙලියන් ආරාධනා කරනවා.
කෙසේ හෝ ඒ ආරාධනාව පිළිගත් නවුරා එහි ගිය විට වර්තමානයේ Cipta bangsa උසස් පාසලේ බාස්කට්බෝල් කන්ඩායමේ නායකයා වන්නේ කීනන් බව දැනගන්නවා. මෙසේ අදාල තරගය නරඹමින් සිටින අතර Pastika උසස් පාසල නියෝජයනය කරමින් ක්‍රීඩාපිටිය වෙත පැමිනෙන එහි නායකයා දැක නවුරා සහ ඇයගේ යෙහෙලින් පුදුමයට පත්වෙනවා.. ඒ පැමිණෙන්නේ වෙන කිසිවෙක් නෙමෙයි නවුරාගෙ පෙම්වතා වූ යූඩා.. තරගය දිගටම නැරඹීමට නොහැකි තැන එතනින් ඉවතට යන නවුරා, යූඩා ඉවතට පැමිණෙන තෙක් රැක සිට තමාව අතහැරීමට හේතු විමසනවා.. එතැනින් තුනවන කොටස අවසන් වනවා..
අද කොටසෙන් ඔයාට බලාගන්න පුළුවන්, නවුරා ගැන සැක හිතන සෙලීන් නවුරව හඹායන ආකාරය. ඇය සැක කරනවා නවුරා බාලිවෙත පැමිනියේ චාරිකාවක් සදහා නොව පදිංචිය සදහා බවට. ඉතින් කීනන්වත් හවුල් කරගෙන සෙලීන් නවුරා පසුපස ලුහුබදිනවා.. මේ අතර නවුරාට මත්පැන් පෙවීමට සෙලීන් ගත් උත්සහයක් නිසා අලකලංචි ගොන්නකුත් සිදුවෙනවා. අපි බලමු මේ කොටසෙන් යූඩගෙ සහ නවුරගෙ සම්බන්ධයේ අනාගතය කෙසේ විසදෙයිද කියලා..
එහෙනම් පස්වෙනි කොටසෙන් නැවත හමුවන තෙක් ඔබට සුභ දවසක්…
Little Mom Sinhala SubtitlesDue to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
447 downloadsDownload Little-Mom-E04-Sinhala-Subtitles.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Little Mom Sinhala Subtitles
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
- #Al Ghazali
- #Elina Joerg
- #Little Mom
- #Little Mom [E04]
- #Little Mom [E04] Sinhala Sub
- #Little Mom [E04] Sinhala Subtitles
- #MaxxA
- #Mira Asmara
- #Natasha Wilona
- #Raisya Bawazier
- #Rhani
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Teuku Rasya
- #TV
- #ඉෂාන් මධුෂංක(ඉෂූ)
- #උපසිරැසි
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika Lakmal
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement





.බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..