ඔන්න එහෙනම් කඩයිමෙන් පසුව නැවතත් ඔබ හමුවට එන්නෙ මේ වසරේ නිකුත් වුණු ”කෙටි ඇනිමේෂන් කතාමාලාවක්” රැගෙනයි. ඇත්තම කිව්වොත් මේ වසරේ මා පෞද්ගලිකවම ප්‍රිය කරන කතාවක් වුණා මේක. හැබැයි තනියෙම නෙමේ අරං එන්නෙ. වැඩේ ඉක්මණට ඉවර කරගන්න උදව් වුණු බිම්සර l බෙනට් l චාමිකර l අසංක l ලහිරු l යුරාන් යන සහෝදරවරුන්ට බෙහෙ…

ඔන්න එහෙනම් කඩයිමෙන් පසුව නැවතත් ඔබ හමුවට එන්නෙ මේ වසරේ නිකුත් වුණු ”කෙටි ඇනිමේෂන් කතාමාලාවක්” රැගෙනයි. ඇත්තම කිව්වොත් මේ වසරේ මා පෞද්ගලිකවම ප්‍රිය කරන කතාවක් වුණා මේක. හැබැයි තනියෙම නෙමේ අරං එන්නෙ. වැඩේ ඉක්මණට ඉවර කරගන්න උදව් වුණු බිම්සර l බෙනට් l චාමිකර l අසංක l ලහිරු l යුරාන් යන සහෝදරවරුන්ට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. ඒවගේම තමයි මේක ලොකු පොඩි සැමට එකට ඉඳලා නරඹන්න පුළුවන් අපූරු කතාමාලාවක් වෙනවා ඒකාන්තයි.
Maya And The Three නිකුත් වෙන්නෙ නෙට්ෆ්ලික්ස් හරහා. ඒ නම් ඔක්තෝබර් 22 වෙනිදා. මෙම කෙටි කතාමාලාව මේ වෙද්දී කොටස් 9 කින් සමන්විත වෙනවා. ඒවගේම තමයි IMDb අගය 8.4 ක් වැනි ඉහලම අගයකුත් සහ කුණු තක්කාලි අගය 100% අරගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් හිතාගන්න පුළුවන්නෙ ඇනිමේෂන් එකක් වෙලත් මෙච්චර රේටින් අරගන්න පුළුවන් වෙන්නෙ හොඳ කතාවකට පමණයි. කොහොමහරි මෙයට Jorge R. Gutierrez l Diego Luna l Zoe Saldana l Stephanie Beatriz වැනි නළු නිලියන් තමන්ගෙ හඬ දායකත්වය ලබාදෙනවා. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.
ටෙකා කියන්නෙ ඉතා විශාල රාජධානියක්. මෙහි ඉන්නවා මායා නමැති කුමාරිකාවක්. ඇය ගොඩක්ම හිතුවක්කාරී කෙල්ලෙක්. මෙයාට අයියල තුන් දෙනෙක්ම ඉන්නවා. ඒවගේම තමයි මෙයා හොඳ සටන්කාරියක්ද වෙනවා. කොහොමහරි මේ ටෙකා රාජධානියෙ අනාවැකියක් තියෙනවා දවසක තේජාන්විත රාජාලියා සහ නිර්භීත ජැගුවා තුන් කට්ටුව පාතාල ලෝකයෙ අඳුරු උතුමාණන් පරාජය කරනවා කියලා. ඉතින් මායා උත්සහ කරන්නෙ ඒ කෙනා වෙන්න. හැබැයි එයාගෙ තාත්තා හිතාගෙන ඉන්නෙ එයයි එයාගෙ පුත්තු දෙන්නැයි මේ අනාවැකියෙ කියන කට්ටිය කියලා. හැබැයි අම්මට ඕන මෙයාව රැජිණක් කරන්න නැතිව රණශූරියක් කරන්න නෙමේ. ඒවගේම මේ කියන කෙනා දෙවියෙක් වෙනවා, නම යන්නෙ යුද්ධෙට අධිපති දේවියන කියලා. කොහොමහරි දැන් මායාගෙ රාජාභිෂේක දවස. ඔන්න මේ රාජාභිෂේකය දවසෙම පාතාල ලෝකයෙන් චරපුරුෂයෙක් එනවා මායාව එක්කං යන්න. හැබැයි ඒ ඇයි කියලා කවුරුත්ම දන්නෙ නැහැ? මොකද දෙවියන්ට මායාව ඕන කරන්නෙ? එහෙනම් ඔයාලම බලන්නකො. අද කතාවෙදී අපිට චරිත තුනක් හඳුන්වල දෙනවා. ඒ ටික තමයි පහළින් දකින්න ලැබෙන්නෙ.

– සැට්ස් – වවුල් කුමාරයා –

– මික්ලාන් – යුද්ධෙට අධිපති දෙවියන් –

– මික්ටේ – මරණයට අධිපති දෙව්දුව –
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,378 downloadsDownload Maya-and-the-Three-S01-E01.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
11 comments
Dinidu ruwanara
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
poojitha vihanga
sabata thanks ithirivath danta
යුරාන් ධනුක (දනුවා)
Thank you very much bro
Anonymous
Thanks
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
සචින්ත බෙනට්
ස්තූතියි අයියේ
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Ishira
Thanks ❤️ supiri
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හිරාන්
සේරම සබ් ටික එක පාරම බාගන්නවා. ගොඩක්.ස්තුතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Adoo tankz