ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න මේ අරගෙන එන්නෙ Midnight Texas කතා මාලාවේ මට බාර වුණු කතාංගයන් දෙකෙන් එකක්. ඒ කියන්නෙ හයවැනි කතාංගය. පහුගිය 8 වෙනිද තමයි මේ කතාංගය විකාශනය වුණේ. ලොකු ප්‍රමාදයක් නොවී ෆෝන් එකෙන් කොටල තමයි මේකත් මේ ඉවරයක් කර ගත්තෙ. ෆෝන් එකෙන් කොටන හැම සබ් එකක්ම ආයෙත් බයිස්කෝප් සෙට් එකේ කෙ…

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න මේ අරගෙන එන්නෙ Midnight Texas කතා මාලාවේ මට බාර වුණු කතාංගයන් දෙකෙන් එකක්. ඒ කියන්නෙ හයවැනි කතාංගය. පහුගිය 8 වෙනිද තමයි මේ කතාංගය විකාශනය වුණේ. ලොකු ප්‍රමාදයක් නොවී ෆෝන් එකෙන් කොටල තමයි මේකත් මේ ඉවරයක් කර ගත්තෙ. ෆෝන් එකෙන් කොටන හැම සබ් එකක්ම ආයෙත් බයිස්කෝප් සෙට් එකේ කෙනෙකුට දීල එකලාසයක් කරල තමයි එවන්න වෙන්නෙ. මොකද නැත්තං සමහර අයට සබ් එක වැඩ කරන්නෙ නැති නිසා. මේ වතාවෙ ඒකට උදව් කළේ විමා. ඒකටත් ගොඩක් ස්තුතිවන්ත වෙනව මේ වෙලාවෙ. එහෙමනම් ආරළු බූරළු නැතුව පහුගිය කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු..
පහුගිය කොටසින්..
ඉතිං පහුගිය කොටස ඇත්තටම ගලාගෙන ගියේ ඔලිවියාගෙ පරණ මතකයක් එක්ක බැඳිල වුණු සිද්ධි දාමයක් එක්ක. කොහොමහරි හෝම් කුකින් එකේ ඉන්න මැඩෝනා වැඩ කරන්නෙ ඔලිවියාගෙ තාත්ත වෙනුවෙන් කියල ඔලිවියා දැනගන්නව. මේක දැනගන්න ඔලිවියා මළ පැනල යනව තාත්ත හොයාගෙන. එහෙම ගියාට යන කාරණාව ඉෂ්ට කර ගන්නව වෙනුවට ඔලිවියා එයාගෙ තාත්තගෙ මායා දැහැනකට නතු වෙනව. ලෙම් මේ වෙනකොට කායි එක්ක කතා කරල තමන්ගෙ වැම්පයර් බලය නැති කරගෙන මනුස්සයෙක් වෙලා ඉන්න නිසා එයාට කරකියා ගන්න කිසි දෙයක් නැති වෙනව. ඒ නිසා තමයි ලෙම්, ෆීජිගෙන් උදව් ඉල්ලන්නෙ.ඉතිං ෆීජි ඉන්නෙත් ලොකු අවුලකනෙ. බොබෝ බල්ලෙක් වෙලා නිසා ෆීජි බලන්නෙ එයාව බේර ගන්න. මේකට එයාට අඳුරු මායාකාරීයකගෙ උපදෙස් ලැබෙනව. කොහොමහරි ලෙම් උදව් ඉල්ලුවම ෆීජි උදව්වට යනව. හැබැයි ෆීජි සතුව තියෙන ආලෝකමත් මායාවන්ගෙන් ඔලිවියාවත්, බෝබෝවත් බේරගන්න ෆීජිට බැරි වෙනව. ඒ නිසා ෆීජි අඳුරු මායාව වැලඳ ගන්නව. හැබැයි මේක නරක පෙරනිමිත්තක්. කොහොමහරි ෆීජි ඔලිවියා දැහැනින් මුදවා ගන්නව. මේ අතරෙ ලිරික් විසින් සිකෝයා මැරුව කියල මැන්ෆ්‍රෙඩ් හොයා ගත්තනෙ. හැබැයි ලිරික් නම් කියන්නෙ කායි බේරගන්න සිකෝය මැරුව කියල. ඒත් කායි මොකකින් බේර ගන්නද ලිරික් එහෙම දෙයක් කළේ? බලයක් නොතිබුණු ලිරික්ට නොපෙනී ඉඳීමේ බලය ලැබුණෙ කොහොමද? මේ ඔක්කොම පිටිපස්සෙ කායි ඉන්නව කියල මැන්ෆ්‍රෙඩ් සැක කරනව.
අද කොටසින්..
ඉතිං ඔන්න කායි ගැන සැකය තියාගෙන මැන්ෆ්‍රෙඩ් අනිත් අයටත් මේ ගැන කියනව. නමුත් ඉතිං තාම සාධාරණ හේතුවක් නම් නැහැ කට්ටියට කායිව සැක කරන්න. මේ අතරෙ මිඩ්නයිට් වලින් මැන්ෆ්‍රෙඩ්ව දාල ගියපු ක්‍රීක් හදිසියේ ආයෙත් මිඩ්නයිට් වලට එනව. එයා කියන්නෙ එයාට මැන්ෆ්‍රෙඩ්ගෙන් වොයිස්මේල් එකක් ආව කියල. ඒත් මැන්ෆ්‍රෙඩ් එහෙම එකක් යවල නෑ. ඒ වගේම තව වොයිස්මේල් එකක් කායිගෙ ෆෝන් එකට ගිහින් තියෙනව, ඒකෙ විදියට ඒක යවල තියෙන්නෙ පේෂන්ස්, මැන්ෆ්‍රෙඩ්ට. නමුත් පේෂන්ස් එහෙම එකක් යවලත් නැහැ. තව පණිවුඩයක් ගිහින් තියෙනව ජෝයිගෙන් වෝකර්ට. හැබැයි ඇත්තටම ජෝයි එහෙම එකක් යවලත් නැහැ. එහෙනම් මේ සෙල්ලම් කරන්නෙ කවුද? ඒකට උත්තර අද ලැබෙනව. මේ අතරෙ ෆීජි අන්ධකාරයේ ගැඹුරට කිමිදෙන හැටි බලාගන්නත් පුළුවන්. ෆීජි තවදුරටත් අපි දන්න ෆීජිමද කියල ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි. මැන්ෆ්‍රෙඩ් කායි ගැන සැක කරන නිසා ඔන්න කට්ටිය අද කායිගෙ ඔෆිස් එකට කඩා පනිනව. මෙතනදි කායිගෙ රහස් කුප්පි වල දාපු ලෙම්ගෙ බලය තමයි කට්ටිය හොයන්නෙ, ඒක ලැබේවිද? ජෝයි, මැන්ෆ්‍රෙඩ් දෙන්නට අර කායි ලඟ තියෙන අමුතු ඔළුව ගැන හොයන්න ඕන වෙනව. හැබැයි ජෝයි කරන වැඩක් නිසා ඔළුවෙත් ලොකු වෙනසක් වෙනව. මේ අතරෙ අවසාන මිනිත්තුවේ කවුරුවත් බලාපොරොත්තු නොවුණු මරණයක් ගැන දකින්න ලැබෙනව. ඒ කවුද? ඉවසීමෙන් බලන්න. ලබන සතියෙත් මමම තමයි මිඩ්නයිට් අරගෙන එන්නෙ. ඒ කතාංගය වඩා රසවත් වෙයි කියල ඔන්න දැන් ඉඳලම ලක්ෂණ පහළ වෙලා තියෙන්නෙ. එහෙනම් ගිහින් එන්නම්, ජය වේවා..!


Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,744 downloadsDownload Midnight.Texas_.S02E06.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
16 comments
suranuwan
hansakalakshan
thanks saho.......
Nilush Angana
Sub ekata thanx
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයEranda Malith 2.0
සබ් එකට ස්තූතියි ජයවේවා
rangika Kariyawasam
බෝම ස්තුතියි සහෝ.ජයවේවා
sasala
thanks
Lakshan
Thanks Bro.
madawaththa
Tnx Broh..
Bhathiya gamage
thanks
Kulanjana Maduranga
subata thanks saho...
Ayesh Prashan
Thank You
dinusha
thanx sub akata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
madawaththa
Tnx bro..
MAALnath
Thanks ........................good luck .....................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Midnight, Texas [S02 : E06] Sinhala Subtitles | කුප්පි සහ ඉත්තෝ..! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/10/Midnight-Texas-Season-1-1.jpg)


thanks bro....