Watch Trailer

Monarch : Legacy of Monsters [S02 : E01] Sinhala Subtitles | ලී ෂෝ ගේ නැවත පැමිණිම [සිංහල උපසිරසි]

Monarch: Legacy of Monsters [S02 : E01] Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් අද මම MonsterVerse රසිකයන් එනකම් මග බලාගෙන හිටපු Monarch : Legacy of Monsters දෙවැනි කතා මාලාවේ පලමු කතාංගයට සිංහල උපසිරසි අරගෙන ආවා. මේ කතාංගයට IMDb: 7.9/10 ලැබිලා තියෙනවා. මේ සීසන් එකෙන් “කොං” ගේ, ගොඩ්සිලා ගේ දර්ශන…

Monarch: Legacy of Monsters Sinhala Subtitles

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් අද මම MonsterVerse රසිකයන් එනකම් මග බලාගෙන හිටපු Monarch : Legacy of Monsters දෙවැනි කතා මාලාවේ පලමු කතාංගයට සිංහල උපසිරසි අරගෙන ආවා. මේ කතාංගයට IMDb: 7.9/10 ලැබිලා තියෙනවා. 

මේ සීසන් එකෙන් “කොං” ගේ, ගොඩ්සිලා ගේ දර්ශන වගේම තවත් අලුත් ටයිටන්ලා ගැනත් අපිට බලාගන්න පුළුවන් වෙන බව නිකුත් වුණ Trailers වලින් දැනටමත් අපි දන්නවනේ. 

පලමු කතා මාලාවේ අවසානය මතකද?

2015 වසරේදී කේට්, කෝරා සහ ෂෝ ඇක්සිස් මුන්ඩි වල හිරවෙලා ඉද්දි, දශක ගණනාවකට කලින් අතුරුදන් වුණ කෙයිකෝව මුණගැහෙනවා. ඉතින් මෙතනදී කෙයිකෝ ට එයාගේ මහත්තය වන බිල්ව, ස්කල් අයිලන්ඩ් එකේ ගවේෂණයකදී මියගිය බවත් දැන ගන්න ලැබෙනවා. ඊට පස්සේ මේ අය කොහොම හරි ෂෝ ගේ පරණ පලායාමේ යානය භාවිතා කරලා මතුපිට ලෝකයට එන්න උත්සාහ කරනවා. යානය පණ ගැන්වීමත් එක්කම ඒ අවට හිටිය අයන් ඩ්‍රැගන් කෙනෙක් එතනට එනවා. එයාගේ පහර දිමකින් යානයට හානි වෙනවා. ඒක හරි ගස්සන්න ෂෝ ආපහු යානෙන් එලියට එනවා. මේ අතරේ හොද වෙලාවට ගොඩ්සිලා ඇවිත් අර අයන් ඩ්‍රැගන් එක්ක සටන් කරනවා. කොහොම හරි ෂෝ යානයේ දෝෂය හදා ගත්තත් එයාට යානය ඇතුලට යන්න ලැබෙන්නේ නෑ. ඉතින් ෂෝ එයාගේ යාලුවන්ට (කේට්, කෝරා සහ මේට) මතුපිට ලෝකයට යාමට ඉඩ සලසමින් එයාගේ ජීවිතය කැප කරනවා.

කේට් ඇතුලු පිරිස ඇක්සිස් මුන්ඩි වලින් එනකොට මතුපිට ලෝකයේ වසර දෙකක් ගෙවිලා ඉවරයි (එයාලා හිර වුණේ 2015 වේ. අයෙත් මතුපිට ලෝකයට ආවේ 2017). ස්කල් අයිලන්ඩ් එකේ තියෙන ඒපෙක්ස් සයිබර්නෙටික්ස් පර්යේෂණ මධ්‍යස්ථානයේදී, හිරෝෂියි කෙන්ටාරෝයි ඇතුලු අය සාර්ථකව කේට් ඇතුලු පිරිස හිටපු යානය 2017 වසරේදී මතුපිටට ගෙන්වා ගන්නවා. හැබැයි ඒ අය නැවත ගෙන්වා ගැනිමත් එක්ක මේ දූපතේ ඉන්න “කොං” මොකක් හරි හේතුවකට ගොඩක් කලබල වෙලයි ඉන්නේ. එතනින් පලවෙනි කතා මාලාව අවසන් වෙනවා.

දෙවෙනි කතා මාලාවේ පලමු කතාංගයට ආරම්භයක් දුන්නොත්, 

ඉතින් අර කලබලයට පත් වෙලා හිටපු කොං මුලු මධ්‍යස්ථානය ම විනාශ කරන්න පටන් ගන්නවා. මේ නිසා එතන ඉන්න අය (කේට් ඇතුලු පිරිසත්) දූපත ලඟ නවත්වලා තියෙන මොනාක් ආයතනයට අයත් Outpost 18 කියන විශාල නෞකාවට පලා යානවා. 

පලමු කතා මාලාවේ වගේම මේකෙත් 1957 වසරේදී සිදු වුණ සිදු විම් එහෙමත් අපිට කඩින් කඩ බලා ගන්න ලැබෙනවා. මේ පාර කෙයිකෝ, ෂෝ සහ බිල් මුහුදු රාක්ෂයෙක් ගැන තමයි විමර්ශනය කරන්න කරන්න යන්නේ. 

Title – Cause and Effect

Directed by – Lawrence Trilling

Written by – Chris Black

Original release date – February 27, 2026

Rotten Tomatoes – 78%

 

එහෙනම් දෙවන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,559 downloadsDownload Monarch-Legacy-of-Monsters-S02E01.zip24 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

Next BT1

 

 

Monarch: Legacy of Monsters Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

3,559 downloadsDownload Subtitles24 KB

5 comments

  1. dhil

    thanks bro

  2. Viraj

    Thanks

  3. Buddhika laKMal

    ස්තූතියි සමීර සහෝ සබ්එකට

  4. Anonymous

    thanks sub ekat

  5. Sahan Gayantha

    thanks a lot NIshan Sameera saho sub ekata