Watch Trailer

Monster : The Ed Gein Story [S03 : E05] Sinhala Subtitles | සිහින ලොව බිඳ වැටෙයි… [සිංහල උපසිරසි] (18+)

අද පළවෙන්නේ Monster: The Ed Gein Story පස්වැනි කතාංගයයි. පසුගිය කොටසේදී එඩ් ගීන් බර්නිස් වෝර්ඩ්න්ව ඝාතනය කරන අන්දම ඔබ දකින්න ඇති. එඩ් ගීන් ඉන්පස්සේ මොකද කරන්නේ? අද කතාව එතැන් සිට ඉදිරියට…. අද පළ වන කතාංගය ගැන: පස්වැනි කොටස – “Ice” අධ්‍යක්ෂක – Ian Brennan තිරරචනය – Ian Brennan මුල්වරට විකාශය කෙරුණු…

අද පළවෙන්නේ Monster: The Ed Gein Story පස්වැනි කතාංගයයි. පසුගිය කොටසේදී එඩ් ගීන් බර්නිස් වෝර්ඩ්න්ව ඝාතනය කරන අන්දම ඔබ දකින්න ඇති. එඩ් ගීන් ඉන්පස්සේ මොකද කරන්නේ? අද කතාව එතැන් සිට ඉදිරියට…. අද පළ වන කතාංගය ගැන:
  • පස්වැනි කොටස – “Ice”
  • අධ්‍යක්ෂක – Ian Brennan
  • තිරරචනය –  Ian Brennan
  • මුල්වරට විකාශය කෙරුණු දිනය –  2025 ඔක්තෝබර් 03
  • IMDb Ratings –  6.7/10
අද කතාව පටන් ගන්නේ ඇඩලයින් සහ ගොවි සහයකයෙක් ලෙස ක්‍රියා කරන තරුණයෙක් අතර ඇතිවෙන සම්බන්ධයකින්. එහෙත් ඇඩලයින් විස්කොන්සින් අතහැර නිව්යෝක් නගරයට සංක්‍රමණය වෙන්න සැලසුමක් ඇතිවයි ජීවත් වෙන්නේ. ඒ ඡායාරූප ශිල්පිනියක් වෙන්න අදහස් කරමින්. කෙසේ හෝ ඇඩලයින් තමන්ගේ මව සමඟ ගැටීමකින් පස්සේ ඇයට සිදුවෙනවා අම්මාට එකඟ වෙලා මැහුම් ගෙතුම් කවයට යන්න. ඒ පුහුණු පාඨමාලාව අතරේදී, ඔවුන්ව පුහුණු කරන එලිනෝර් එම්. ඇඩම්ස්ට සරදම් කරන ඇඩලයින් එම පුහුණු පාඨමාලාවෙන් ඉවත්ව යන්නේ එලිනෝර්ගේ අවමංගල්‍යයේදී තමන් සිනාසෙන බවට පවසමින්. පසුව එලිනෝර්ගේ අවමංගල්‍යයේදී ඇඩලයින් දීප්තිමත් රතු පැහැති ඇඳුමක් ඇඳගෙන සිනාසෙමින් සිටින අන්දම දකින්න ලැබෙනවා. එඩ්ව හමුවන ඇඩලයින් නගරය හැර යන තමන්ගේ අදහස දන්වනවා. එපමණක් නෙවෙයි එඩ් විසින් කපා කොටා දැමු මළ සිරුරු ඇය ඡායාරූප ගත කරන්නේ ඇයගේ ආභාසය වුණු වීජී නම් ඡායාරූප ශිල්පියාට පෙන්වීමේ අරමුණින්. නගරයට යන ඇඩලයින්ගේ අරමුණ සාර්ථක වෙයිද? වීජී ඇඩලයින්ගේ ඡායාරූප වලට කෙළෙස ප්‍රතිචාර දක්වනු ඇතිද? එඩ් මීළඟට සිදු කරන්නේ කුමක්ද? ඇඩලයින්ගේ අතීතය ගැන ඇයගේ මාව හෙළිකරන රහස කුමක්ද? අද කතාවෙන් මේ ගැන දැනගනිමු. වමේ සිට දකුණට;  Alanna Darby ක්‍රිස්ටියන් ජෝගන්සන් ලෙසින්, Vicky Krieps ඉල්සේ කෝක් ලෙසින්  කම්පන සහගත දර්ශන සහ ලිංගික දර්ශන අඩංගු වන බැවින් මෙය අතිශයින්ම වැඩිහිටියන්ට සුදුසු නිර්මාණයක්.  අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්! දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න! ඔබට තෙරුවන් සරණයි!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත සඳහා අදාළ වේ.

723 downloadsDownload Monster-The-Ed-Gein-Story-S01E05.zip24 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Next BT1

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

723 downloadsDownload Subtitles24 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි සහෝ සබ් එකට..........