Watch Trailer

Monster : The Ed Gein Story [S03 : E04] Sinhala Subtitles | ලේ රස වැටුණු රසිකත්වය… [සිංහල උපසිරසි] (18+)

මෙන්න එහෙනම් Monster: The Ed Gein Story හතරවෙනි කතාංගය. පසුගිය කොටසින් ඔයාලා දැක්කා එඩ් ගීන් අසරණ ළමුන් බලාගන්න යුවතියක් වුණු එව්ලින්ව පැහැරගෙන ගෙදර අරගෙන ආපු විධිය. ඒ වගේම ඇන්තනී පර්කින්ස් සයිකෝ හි නෝමන් බේට්ස් චරිතය නිසා පෞද්ගලිකව විඳි පීඩාවන් ගැන. එතැනින් පස්සේ එඩ් ගීන්ට මොකද වුණේ? අද කතාව එතැන්…

මෙන්න එහෙනම් Monster: The Ed Gein Story හතරවෙනි කතාංගය. පසුගිය කොටසින් ඔයාලා දැක්කා එඩ් ගීන් අසරණ ළමුන් බලාගන්න යුවතියක් වුණු එව්ලින්ව පැහැරගෙන ගෙදර අරගෙන ආපු විධිය. ඒ වගේම ඇන්තනී පර්කින්ස් සයිකෝ හි නෝමන් බේට්ස් චරිතය නිසා පෞද්ගලිකව විඳි පීඩාවන් ගැන.  එතැනින් පස්සේ එඩ් ගීන්ට මොකද වුණේ? අද කතාව එතැන් සිට ඉදිරියට….

 

අද පළ වන කතාංගය ගැන:

  • සිව්වැනි කොටස –  “Green”
  • අධ්‍යක්ෂක – Ian Brennan
  • තිරරචනය –  Ian Brennan
  • මුල්වරට විකාශය කෙරුණු දිනය – 2025 ඔක්තෝබර් 03
  • IMDb Ratings –  7.2/10

මේ කොටසේ කතාව වෙත එහෙනම් අපි යොමු වෙමු. එව්ලින්ගේ මළ සිරුර බිම් මහලේ එඩ් විසින් සංරක්ෂණය කරන අතරතුර ඇඩලයින් ඉහළ මාලයේ ඔගස්ටාගේ කාමරයේ ඇයගේ මළ සිරුර හොයාගන්නවා. මෙයින් භීතියට පත්වන ඇඩලයින් වහා තම නිවෙසට දිව යනවා. පසුව ඇඩලයින්ට එඩ් පැහැදිලි කරනවා ඒ මළ සිරුර නිවසේ තබාගැනීමට හේතුව. කෙසේ හෝ ඇඩලයින් ඔහුට සවන් දෙනවා. මින් පසුව ඔවුන් දෙදෙනා අතර සම්බන්ධය මඳකට දුරස් වෙනවා. මේ අතරේ හාඩ්වෙයා වෙළඳ සැලක් පවත්වාගෙන ගිය හුදෙකලා කතක් වුණු බර්නිස් වෝර්ඩ්න් හමුවන එඩ් ඇයගෙන් හුණු ඉල්ලා සිටිනවා. මේ අතර ඇතිවන සංවාදයෙන් පසුව එඩ් බර්නිස්ව අවන්හලකට එක්කගෙන යනවා. ඔවුන් දෙදෙනා අතර සියුම් සම්බන්ධයක් ඇතිවෙනවා. මේ කළින් වතාවේ ෂෙරිෆ් සමඟ එඩ්ගේ නිවෙසට පැමිණි නියෝජ්‍ය ෂෙරිෆ් ෆ්‍රෑන්ක්ගේ අම්මායි. ඉන්පසුව එඩ් තමන්ගේ මනෝ භ්‍රාන්තියකදී ඔවුන් අතර සම්බන්ධය ගැන අම්මාට හෙළි කරනවා. ඇය බැන වදින්නේ බර්නිස් ගණිකාවක් බව කියමින්. ඒ වගේම ඇයට සමාජ රෝග සෑදී ඇති බවත් කියනවා. මෙයින් කෝපයට පත්වන එඩ් බර්නිස් සොයා එන්නේ තුවක්කුවක්ද රැගෙනයි. ඉන්පසුව සිදුවන්නේ කුමක්ද? එඩ්ගේ නිවෙසට එන ඇඩලයින්ට එඩ් මීළඟට පෙන්වන්නේ කුමක්ද?

 

1973 දී එඩ් ගීන්ගේ චරිතය පාදක කරගනිමින් ටෝබි හූපර් විසින් The Texas Chainsaw Massacre සිනමාපටය නිර්මාණය කරනවා. එහි ලේදර්ෆේස් නම් චරිතය එඩ්ගීන්ගේ චරිතය මත පදනම් වෙනවා. මේ සිනමාපටය නිර්මාණය කරන අතරතුර ටෝබි එඩ් ගැන හෙළිකරන රහස කුමක්ද? අද කතාවෙන් මේ ටික බලමු.

සිනමා අධ්‍යක්ෂක ටෝබි හූපර් ලෙසින් රඟන විල් බ්‍රිල්, ටෝබි හූපර්ගේ Texas Chainsaw Massacre (1974) සිනමාපටයේ පෝස්ටරයක්, එහි එන ලෙදර්ෆේස් චරිතය සහ ඔහුගේ සම් වෙස් මුහුණ

සංවේදී දර්ශන සහ ලිංගික දර්ශන අඩංගු වන බැවින් මෙය අතිශයින්ම වැඩිහිටියන්ට සුදුසු නිර්මාණයක්. 

අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.

එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!

දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!

ඔබට තෙරුවන් සරණයි!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත සඳහා අදාළ වේ.

825 downloadsDownload Monster-The-Ed-Gein-Story-S03E04-Sinhala-Subtitles.zip26 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Next BT1

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

825 downloadsDownload Subtitles26 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි සහෝ සබ්එකට