Monsters: 103 Mercies Dragon Damnation [S01 : E01] Sinhala Subtitles අද උපසිරසි අරගෙන ආවේ මම සාමාන්‍යයෙන් උපසිරසි ගේන්නේ නැති genre එකකට; ඇනිමේ හෙවත් ජපන් ඇනිමේෂන් කතාවකට. කතාවේ නම තමයි Monsters: 103 Mercies Dragon Damnation. සුප්‍රසිද්ධ One Piece රචක Eiichiro Oda සෙන්සෙයි, 1996 දී වන් පීස් ලියන්න…

අද උපසිරසි අරගෙන ආවේ මම සාමාන්‍යයෙන් උපසිරසි ගේන්නේ නැති genre එකකට; ඇනිමේ හෙවත් ජපන් ඇනිමේෂන් කතාවකට. කතාවේ නම තමයි Monsters: 103 Mercies Dragon Damnation. සුප්‍රසිද්ධ One Piece රචක Eiichiro Oda සෙන්සෙයි, 1996 දී වන් පීස් ලියන්න කලින් 1995 වසරේ ලියපු Monsters නම් one-shot manga එක පදනම් කරගෙනයි Netflix ආයතනය ඊයේ (21) පළවෙනි එපිසෝඩ් එක නිකුත් කළේ. වන් පීස් කතාමාලාවේ එන “අසිපත් දෙවි” රියුමා හෙවත් “Sword God” Ryuma ගේ ජීවිතය මේ ඇනිමේ එකෙන් අපට දැකගන්න පුළුවන් වේවි.
මට වන් පීස් කියන කොටි වලිගේ අල්ලලා දුන්නේ විමා අයියා තමයි ඉතින්. වන් පීස් ලයිව් ඇක්ෂන් සීරිස් එකේ එපියක් කරන්න කතා කරනකන් වන් පීස් කියන්නේ මොකක්ද කියලවත් මං දැනන් හිටියේ නෑ. ඒ මදිවට මට හම්බවුණේ අන්තිම එපියෙ සබ් එක කරන්න. ඉතින් මුළු සීසන් එකම බලන්නෙපැයි. හැබැයි බලන්න ගත්තට පස්සේ කතාවට ඇබ්බැහි වුණා කිව්වොත් වරදක් නෑ. කොච්චර ඇබ්බැහි වුණාද කියනවා නම් ලයිව් ඇක්ෂන් එක ඉවර කරලා ඇනිමේ එකත් බලන්න ගත්තා. දැන් Dressrosa arc වෙනකන් බලලා ඉවර කරා. ඉතින් ඔය අතරේ මේ වගේ ස්පෙෂල් එකක් එනව කියල දැනගත්තාම සබ් නොකර කොහොමද.
කොහොම නමුත් මේක වන් පීස් ෆෑන්ස්ලා වගේම ෆෑන්ස්ලා නොවන අයටත් එක සේ රසවිඳින්න පුළුවන් කතාවක් බව කියන්න ඕනේ. (ඒක බාගෙට බොරුවක්; ෆෑන්ස්ලට පොඩි ට්‍රීට් එකක් එපිය අග තියෙනවා ). එහෙනම්, චරිතේ ගැන නොදන්න අයට චරිතේ ඉක්මනට හඳුන්වලා දෙන්නම්කෝ.
Spoilers for One Piece: Thriller Bark

Thriller Bark හි දකින්න ලැබුණු “අසිපත් දෙවි” රියුමා
රියුමාව අපට වන් පීස් කතාමාලාව තුළ මුලින්ම හඳුන්වලා දෙන්නේ Thriller Bark කියන arc එකේදියි. සමුදුරේ වෝලෝඩ් කෙනෙක් (Warlord of the Sea – ඔවුන්ගේ බලගතු බව හේතුවෙන් World Government එක විසින් නීතිගත කරන ලද මුහුදු කොල්ලකාරයින්) වන Gecko Moria (ගෙකෝ මොරියා) සතු සොම්බි කෙනෙක් හැටියටයි. ෂැඩෝ-ෂැඩෝ ෆෘට් එක කාපු ගෙකෝ මොරියා සෙවණැලි සම්බන්ධ තමන්ගේ බලය පාවිච්චි කරලා අනුන්ගේ සෙවණැලි අරගෙන, මළමිනීවලට ඇතුළත් කරලා ඔවුන්ව සොම්බිලා ලෙස පාලනය කරනවා. ඉතින් හරියටම කිව්වොත්, අපට Thriller Bark වල දකින්න ලැබෙන්නේ රියූමාගේ මළකඳ මිස රියූමා නෙමෙයි.
කොහොම නමුත් රියූමා කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා ඒකෙදී පැහැදිලි කරනවා. ඔහු, අතිදක්ෂ සමුරායිවරුන්ට ප්‍රසිද්ධ වානෝ රාජධානියේ ශ්‍රේෂ්ඨතම සමුරායිවරයා විදියටයි සැලකෙන්නේ. ඉතින්, එයා විශිෂටයන්ගෙත් විශිෂ්ටයෙක් කිව්වොත් ඒක අතිශයෝක්තියක් නෙමෙයි. මොකද ගින්දර පවා කපන්න පුළුවන් තරම් බලවත් කීයෙමොන් වගේ සමුරායිලගෙන් අපි දැනගත්තනේ වානෝ රාජධානියේ ඉන්නේ එසේ මෙසේ සමුරායිලා නෙමෙයි කියලා. රියුමා කියන්නේ කොච්චර legendary සමුරායි කෙනෙක්ද කියනවා නම් එයාට අයිති වෙලා තිබුණ කටානා පවා සලකන්නේ වානෝ රාජධානියේ ජාතික නිධාන හැටියටයි.
රියූමා කියන්නේ ජෝයිබෝයි සහ ඉමූ ලත් එක්ක Ancient Era එකේ ජීවත් වුණු සමුරායි කෙනෙක්. මෙයාගේ කඩුසටන් ශිල්පයේ නිපුණත්වය කොච්චරද කියනවා නම් එයා “Sword God” හෙවත් “අසිපත් දෙවි” නමින් විරුදාවලිය ලබනවා. මං වැරදි නම් නිවැරදි කරන්න, ඒත් මං හිතන්නේ Zoro කියන්නේ Ryuma ගේ පරම්පරාවෙන් එන කෙනෙක් බව තහවුරු කරලා තියෙනවා.
මේ වෙනකොට මේ ස්පෙෂල් එක IMDb දර්ශකයේ 8.9ක අගයක් ලබාගෙන තියෙනවා. ඒවගේන One Piece ඇනිමේ එකේ Zoroට හඬකවන Kazuya Nakai, මේකේ පොතේගුරා ගේ කාර්යය සිද්ධ කරනවා. තව Yoshimasa Hosoya (රියුමා), Kana Hanazawa (ෆ්ලෙයා), Hiroki Tochi (ෂිරානෝ) ආදී අයත් හඬකැවීමට දායක වෙලා තියෙනවා.
එහෙනම් එපිසෝඩ් එක බලලා මේ legendary සමුරායිගේ වැඩකිඩ බලාගන්නකෝ. එපිය බලලා ඉවර වුණායින් පස්සේ රියුමාගේ තව වීරක්‍රියා බලාගන්න තිබුණා නම් කියලා හිතේවි. ඒත් අවාසනාවට මේක ස්පෙෂල් එකක් නිසා එක එපියයි නිකුත් වෙන්න නියමිත වෙලා තියෙන්නේ. දෙවෙනි එපියක් එන එකක් නෑ. එහෙනම්, අලුත් උපසිරසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. පීස් ✌️.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,393 downloadsDownload Monsters-103-Mercies-Dragon-Damnation-S01-E01-Sinhala-Subtitles.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #Anime
- #Editor's Pick
- #MaxxA
- #Monsters
- #Monsters: 103 Mercies Dragon Damnation
- #Monsters: 103 Mercies Dragon Damnation [S01 : E01] Sinhala Subtitles
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
apa
Ishan Madusha
බොහෝම ස්තූතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks for the sub. puluvan nam death parade anime ekatai hunter x hunter ekatai sub denna.