Watch Trailer

Monsters: The Lyle and Erik Menendez Story (2024) [S02 : E04] Sinhala Subtitles | “මරපන් නැත්නම් මැරියන්!” [සිංහල උපසිරැසි සමඟ]

Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitles හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා Monsters: The Lyle and Erik Menendez Story කතා මාලාවේ හතරවැනි කතාංගයට. පසුගිය කොටසින් ඔබ දැක්කා රොබර්ට් ශපිරෝ වෙනුවට විත්තියේ නීතිඥයා ලෙස ලෙස්ලි ඒබ්‍රම්සන් තෝරාගැනීමට මෙනෙන්ඩස් පවුලේ ඥාතීන් ක්‍රියාමාර්ග…

Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitles

හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා Monsters: The Lyle and Erik Menendez Story කතා මාලාවේ හතරවැනි කතාංගයට. පසුගිය කොටසින් ඔබ දැක්කා රොබර්ට් ශපිරෝ වෙනුවට විත්තියේ නීතිඥයා ලෙස ලෙස්ලි ඒබ්‍රම්සන් තෝරාගැනීමට මෙනෙන්ඩස් පවුලේ ඥාතීන් ක්‍රියාමාර්ග ගත් ආකාරය. ඒවගේම එරික් සහ ලයිල්ගේ විකාරරූපී පලායන සැලසුම හෙළිවීමෙන් පසුව උද්ගත වුණු අයහපත් තත්වය ගැන. එරික් අවසානයේ සිය පියාගෙන් සහ මවගෙන් වුණු අකටයුතුකම් ගැන ලෙස්ලිට කියන්නට තීරණය කරනවා. විත්තියේ නීතිඥවරියක ලෙස ලෙස්ලි ඒබ්‍රම්සන් කළින් සාර්ථකව මුහුණදුන් නඩුවක් ගැනත් ඒ කතාවේ විස්තර වුණා. කෙසේ වෙතත් මෙතෙක් කිසිවෙක් නොදැන සිටි මෙනෙන්ඩස් පවුලේ අතිශය ජුගුප්සාජනක සහ විස්මයජනක රහස් රැසක් එරික්ගේ කටඋත්තරය සමඟින් දිගහැරෙනවා. අද එතැන් සිට….

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඩොමිනික් ඩූන් (වමේ) සහ එම චරිතය රඟන නේතන් ලේන් (මැද වමේ), නීතිඥ ලෙස්ලි ඒබ්‍රම්සන් (මැද දකුණේ) සහ එම චරිතය රඟන එරී ග්‍රේනර් (දකුණේ)

අද පළ වන කතාංගය ගැන:
සිව්වැනි කොටස – “Kill Or Be Killed” – “මරපන් නැත්නම් මැරියන්!”
අධ්‍යක්ෂණය – Paris Barclay
තිර රචනය – Ian Brennan & David McMillan
මුල්වරට නිකුත් කෙරුණු දිනය –  19  සැප්තැම්බර් 2024
IMDb Ratings –  7.8/10

අද කොටස ආරම්භ වෙන්නේ ඝාතන වලට ටික කලකට කළින් එරික් සහ ලයිල් දෙදෙනා රාත්‍රියක ඒ ප්‍රදේශයේ ගෙවල් බිඳීමට ගත් උත්සහයකින්. එය සාර්ථක වුණත් පසුව ඔවුන් කොටු වෙනවා. මේ කොටස ලයිල් විසින් ලබාදෙන කටඋත්තරයක් අතර ඔහු විසින් හෙළි කරන කතාවක්. කළින් කොටසේ එරික්ගේ හෙළිදරව්වෙන් පසුව එරික්ගේ නීතිඥ ලෙස්ලි ඒබ්‍රම්සන් සහ ලයිල්ගේ නීතිඥවරිය විසින් ලයිල්ගෙන් ඒ ගැන විමසන්නේ ඔහුගේ දෘෂ්ඨිකෝණයෙන් මේ කතාවට අදහස ලබා ගැනීමටයි. ඒ එරික් විසින් හෙළි කළ පරිදී, කුඩා කළ සිට හෝසේ විසින් ලයිල්වත්, ලයිල් විසින් එරික්වත් අපයෝජනයට ලක් කර තිබෙන බවයි. මේ ගැන විමසීමෙන් පසුව ලයිල් කුඩා කල සිට සිය පියාගෙන් තමන් අත්විඳි විවිධ අඩන්තේට්ටම් ගැන සවිස්තරව හෙළි කරනවා. හෝසේ මෙනෙන්ඩස් සිය දරුවන් ඉහළ ඉලක්ක වෙත තල්ලු කරමින් දේශපාලනයට අවතීර්ණ වීමට උත්සහ කළ අයෙක් වී තිබෙනවා. එරික් සහ ලයිල් හෙළි කරන අන්දමින් ඔවුන් අතිශය කුඩා කල සිට තමන්ගේම පියාගෙන් කායිකව, වාචිකව සහ ලිංගිකව හිරිහැරයට සහ අපයෝජනයට ලක්ව තිබෙනවා. ඔවුන්ගේ මව මුලදී ඒ ගැන නොදැන සිටියත් මේ බව හෙළිවීමෙන් පසුවත් ඒ ගැන නිහඬව සහය දීමේ පිළිවෙතක සිට තිබෙනවා. අවුරුද් 06 පමණ සිට ඔවුන් දෙපළ ඝාතනයට ලක්වන කාලය දක්වාම වගේම එනම් ලයිල්ට වයස 21 සහ එරික්ට 18 වන තුරුම වරින්වර හෝසේ විසින් අපයෝජනයට ලක් කර තිබෙන බවයි ලයිල් කියන්නේ. ලයිල්ගේ කාමර සගයෙක් වුණු ඩොනවන් මේ ගැන හෙළි කරන්නේ කුමක්ද?  මාධ්‍යවේදී ඩොමිනික් මේ කතාන්දරයට පැටලෙන්නේ කොහොමද? දෙමව්පියන් විසින් තමන්ව ඝාතනය කිරීමට ඉඩක් තිබෙන බවක් එරික් සහ ලයිල් සැක කරන්නේ කොහොමද? ඒවගේම එරික් සහ ලයිල්ට ඔවුන් දේපළ ලබාගැනීම වෙනුවෙන් මේ ඝාතන සිදු නොකළ බවක් ඔප්පු කරගත හැකිවෙයිද? මේ සියල්ල අද කතාවෙන් දැනගනිමු.

එසේ නම් යළිත් සිංහල උපසිරැසියකින් හමුවන තුරු ඔබට ආයුබෝවන්! 

මෙහි සංවේදී දර්ශන සහ ලිංගික දර්ශන අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු නිර්මාණයක්.

තෙරුවන් සරණයි!

Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitles


The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

555 downloadsDownload Monster.2022.S02E04.zip29 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitles  

Next BT1

All BT1

Next BT1

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

555 downloadsDownload Subtitles29 KB

0 comments

No comments yet.