Watch Trailer

Monsters: The Lyle and Erik Menendez Story (2024) [S02 : E09] Sinhala Subtitles | “අලුගෝසුවෝ” [සිංහල උපසිරැසි සමඟ]

Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitles මේ පළවෙන්නේ Monsters: The Lyle and Erik Menendez Story කතා මාලාවේ නවවැනි හෙවත් අවසන් කොටසයි. මේ දක්වා මෙනෙන්ඩස් ඝාතන ද්විත්වය හා බැඳුණු සිදුවීම් අතිශය නාට්‍යෝචිත ආකාරයෙන් විවිධ දෘෂ්ඨිකෝණ වලින් ඉදිරිපත් වුණු අන්දම ඔබ දකින්නට ඇති. අත…

Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitles

මේ පළවෙන්නේ Monsters: The Lyle and Erik Menendez Story කතා මාලාවේ නවවැනි හෙවත් අවසන් කොටසයි. මේ දක්වා මෙනෙන්ඩස් ඝාතන ද්විත්වය හා බැඳුණු සිදුවීම් අතිශය නාට්‍යෝචිත ආකාරයෙන් විවිධ දෘෂ්ඨිකෝණ වලින් ඉදිරිපත් වුණු අන්දම ඔබ දකින්නට ඇති. අතිශය උද්වේගකර ලෙස ඉදිරිපත් වුණු සාක්ෂි වලින් තර්ක වලින් එකිනෙක ගැටෙමින් ඉදිරියට ගිය මෙනෙන්ඩස් ඝාතන නඩුවේ අවසන් තීන්දුව අතීරණාත්මක ලෙසින් අවසන් වුණු හැටි පසුගිය කොටසින් ඔබ දැක්කා. ඒවගේම ලයිල් කළ අමනොඥ ක්‍රියාවක් නිසා ඔවුන්ට මුහුණදෙන්න නියමිතව තිබුණු දෙවැනි නඩුව අවාසිදායක තැනකට තල්ලු වෙමින් තිබුණු අන්දම ඔබ දකින්නට ඇති. අද එතැන් සිට…

අද පළ වන කතාංගය ගැන:

නවවැනි කොටස – “Hang Men” – “අලුගෝසුවෝ”

අධ්‍යක්ෂණය – Michael Uppendahl

තිර රචනය – David McMillan & Reilly Smith & Todd Kubrak & Ian Brennan

මුල්වරට නිකුත් කෙරුණු දිනය – 19 සැප්තැම්බර් 2024

IMDb Ratings – 7.4/10

අද කොටසේ මොකද වෙන්නේ? ලයිල් සහ එරික්ගේ කළින් පැවැත්වුණු නඩු විභාගය අතීරණයකින් අවසන් වුණාට පස්සේ නැවත වතාවක් ඔවුන්ට එරෙහිව නඩුවක් පවරනු ලබනවා. එහෙත් ලයිල් මෙනෙන්ඩස් සාක්ෂිකරුවන්ට බොරු සාක්ෂි දීමට බලපෑම් කළ බව හඬ පට මඟින් හෙළි වුණු නිසා ඔහුට මෙවර නඩු විභාගයේදී සාක්ෂි දීමට අවසර ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙනෙන්ඩස් සහෝදරයන් දෙදෙනාගේ ඉරණම රැඳෙන්නේ මෙතෙක් අධිකරණයේදී දුර්වල ලෙසින් සාක්ෂි දුන් එරික් මෙනෙන්ඩස්ගේ සාක්ෂි මතයි. අධිකරණයේදී අතිශය උද්වේගකර ලෙසින් විත්තියේ සහ පැමිණිල්ලේ තර්ක විතර්ක ද සමඟින් නැවතත් වතාවක් සාක්ෂි ඉදිරිපත් වෙනවා. පැමිණිලි පාර්ශවය තර්ක කරන්නේ එරික් සහ ලයිල් දෙමව්පියන්ගෙන් දේපළ ලබාගැනීමේ අවශ්‍යතාවය මත ඔවුන්ව ඝාතනය කළ බවයි. ඒ වගේම විත්තිය තර්ක කරන්නේ ඔවුන් ඝාතනය කළ බව සත්‍ය වුවත්, එයට හේතුව ඔවුන් දෙදෙනා කුඩා කළ සිට දෙමව්පියන් අතින් විවිධ අඩන්තේට්ටම් සහ ලිංගික අපචාර වලට ගොදුරු වුණු නිසා බවයි. මේ සියල්ල අධිකරණය කෙළෙස විනිශ්චය කරනු ඇතිද? අවසානයේ ජූරි සභාව ලබාදෙන තීන්දුව කුමක්ද? එරික් සහ ලයිල් මෙනෙන්ඩස් දෙදෙනාගේ ඉරණම කෙසේ විසඳෙනු ඇතිද?

අද කොටස බලලම දැනගන්න.

මෙහි සිංහල උපසිරැසි සපයා ඇත්තේ, Monster.2022.S02E09.720p.NF.WEBRip.x264-GalaxyTV [211 MB] පිටපතට වන අතර මෙම නමින් ගූගල් සෙවුමක් කර පිටපතේ ටොරන්ට් එකක් ඔබට සොයාගත හැකිවනු ඇති.

මෙහි සංවේදී දර්ශන සහ ලිංගික දර්ශන අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු නිර්මාණයක්.

එසේ නම් යළිත් සිංහල උපසිරැසියකින් හමුවන තුරු ඔබට ආයුබෝවන්!

තෙරුවන් සරණයි!

එහෙමනම් රයන් මර්ෆිගේ Monsters කතා මාලාවේ ඊළඟ Season එක නිකුත් වෙනතුරු අපි බලන් ඉමු!

How he became what he became was a very interesting story!

Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitles


The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

465 downloadsDownload Monsters-The-Lyle-and-Erik-Menendez-Story-2024-S02-E09-Sinhala-Subtitles.zip38 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitles  

Next BT1

All BT1

Next BT1

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

465 downloadsDownload Subtitles38 KB

2 comments

  1. Sandaru Nimsara

    Thanks bro❤️

  2. keshan

    MONSTER: The Ed Gein Story ekath ona