Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitles මේ පළවෙන්නේ Monsters: The Lyle and Erik Menendez Story කතා මාලාවේ අටවැනි කොටසයි. ටිකෙන් ටික අපි කතාවේ අවසානය කරා ලඟා වෙනවා. පසුගිය කොටසින් ඔබ දැක්කා එරික් සහ ලයිල් මහා ජන කැළඹීමක් මැද අධිකරණයේ නඩු විභාගයට පෙනී සිටින අන්දම. අධිකරණයේ…

Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitles
මේ පළවෙන්නේ Monsters: The Lyle and Erik Menendez Story කතා මාලාවේ අටවැනි කොටසයි. ටිකෙන් ටික අපි කතාවේ අවසානය කරා ලඟා වෙනවා. පසුගිය කොටසින් ඔබ දැක්කා එරික් සහ ලයිල් මහා ජන කැළඹීමක් මැද අධිකරණයේ නඩු විභාගයට පෙනී සිටින අන්දම. අධිකරණයේදී ඉදිරිපත්වන කරුණු විත්තිය සහ පැමිණිල්ල යන දෙපාර්ශවයටම අයත් පිරිසටම චිත්තවේගීය කම්පනයන් දනවන්නට සමත් වෙනවා. නඩුව මොන අතට යාවිද? අද කතාව එතැන් සිට…
අද පළ වන කතාංගය ගැන:
අටවැනි කොටස – “Seismic Shifts”- “භූ කම්පන මාරුවක්”
අධ්‍යක්ෂණය – Ian Brennan
තිර රචනය – Ian Brennan
මුල්වරට නිකුත් කෙරුණු දිනය – 19 සැප්තැම්බර් 2024
IMDb Ratings – 7.3/10

මෙනෙන්ඩස් ඝාතන නඩුව අතර එරික් මෙනෙන්ඩස් (මැද වමේ) ඔහුගේ චරිතය නිරූපණය කළ Cooper Kotch (වමේ), ලයිල් මෙනෙන්ඩස් (දකුණේ) එම චරිතය රඟ දක්වන Nicholas Chavez (මැද දකුණේ)
අද කොටසේ මොකද වෙන්නේ? ලයිල් සහ එරික්ගේ නඩු විභාගය පැවැත්වෙන අතර ඔවුන් නිදහසට කරුණක් ලෙස පැවසු අත්මාරක්ශාව සලසා ගැනීමට මේ ඝාතන සිදු කළ බව පැවසීම ප්‍රබලව අභියෝගයට ලක් වෙනවා. මීට හේතුව එරික් අධිකරණයේදී සාක්ෂි දෙන අතර පැවසු වැරදි කරුණක් නිසා. මෙය බොරුවක් බව අධිකරණයේදී ඔප්පු වීමෙන් ඔහු කෙරෙහි තිබුණු විශ්වසනීයත්වය බිඳ වැටෙනවා. මේ නඩු ඇහෙන අතරේ හදිසියේම රාත්‍රියේ මෙනෙන්ඩස් සහෝදරයන් සිටි බන්ධනාගාරය මෙන්ම අධිකරණය ද තිබුණු සැන් ෆර්නැන්ඩෝ නිම්නයේ වුණු ප්‍රබල භූමිකම්පාවක් නිසා ඔවුන් සිටි බන්ධනාගාරය, නඩු ඇසු අධිකරණය මෙන්ම තවත් ගොඩනැඟිලි බොහොමයකට ව්‍යුහාත්මක හානි සිදුවෙනවා. මේ නිසා ඔවුන්ගේ නඩු ඇසීම වෙනත් ස්ථානයකට මාරු කෙරෙනවා. දිගින් දිගටම එල්ල වන ජනමාධ්‍යයේ අපහාස උපහාස මධ්‍යයේ මේ නඩුවෙන් ජයගන්නට මෙනෙන්ඩස් සහෝදරයන්ට හැකිවෙයිද? නඩුවේ තීන්දුව කුමක් වෙයිද? ඔවුන් සිරගතව සිටින අතර හදිසියේ සිරගෙදරට අතිවිශේෂ අමුත්තෙක් සිරකරුවෙක් ලෙස රැගෙන එනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි American Crime Story Season 01 කතාවෙන් ඔබ හඳුනාගත් ලෝක පූජිත පාපන්දු ක්‍රීඩක ඔරන්තල් ජේම්ස් සිම්සන්, හෙවත් O.J. සිම්සන්. ඔව්, ඔහුත් සිය දික්කසාද භාර්යාව ඝාතනය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කෙරුණේ මේ කාලයේදීයි. පසුව ඔහු නිදහස් වුණත් නැවත සිරගත වෙනවා. (කෙසේ වෙතත් සිම්සන් 2024 හෙවත් මේ වසරේ අප්‍රේල් 10 වැනිදා 70 වැනි වියේදී පිළිකාවක් වැළඳීමෙන් ජීවිතක්ෂයට පත් වුණා. ) සිම්සන් සහ එරික් අතර සිදුවන රහසිගත සංවාදය කුමක්ද? මේ අතර ලයිල් විසින් කරන බොළඳ අත්වැරැද්දක් නිසා සිදුවන අවාසිය කුමක්ද? මේ සේරම අද කොටස බලලම දැනගන්න. ඊළඟ දවසේ මෙහි අවසන් කොටසින් හමුවෙමු.

එසේ නම් යළිත් සිංහල උපසිරැසියකින් හමුවන තුරු ඔබට ආයුබෝවන්!
මෙහි සිංහල උපසිරැසි සපයා ඇත්තේ, Monster.2022.S02E08.720p.NF.WEBRip.x264-GalaxyTV [186 MB] පිටපතට වන අතර මෙම නමින් ගූගල් සෙවුමක් කර පිටපතේ ටොරන්ට් එකක් ඔබට සොයාගත හැකිවනු ඇති.
මෙහි සංවේදී දර්ශන සහ ලිංගික දර්ශන අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට පමණක් සුදුසු නිර්මාණයක්.
තෙරුවන් සරණයි!
Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
472 downloadsDownload Monsters-The-Lyle-and-Erik-Menendez-Story-2024-S02-E08-Sinhala-Subtitles.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Monsters: The Lyle and Erik Menendez Story (2024) Sinhala subtitlesSubtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
- #2023
- #Andrew Goodman
- #Anthony Daniels
- #Anthony Notarile
- #Ariana Greenblatt
- #Barry Lowin
- #Bonnie Wild
- #Brendan Wayne
- #Casey Adams
- #Chau Naumova
- #Chris Bartlett
- #Clancy Brown
- #Claudia Black
- #Daniel Bohman
- #Dave Filoni
- #David Tennant
- #David W. Collins
- #Dawn Dininger
- #Derek Diaz
- #Diana Lee Inosanto
- #Dmitriy Karas
- #Editor's Pick
- #Eisa Davis
- #Elton Hom
- #Eman Esfandi
- #Evan Whitten
- #Geeta Vasant Patel
- #Genevieve O'Reilly
- #George Lucas
- #Gina Vitori
- #Greg Kufera
- #Hayden Christensen
- #Helen Sadler
- #Ivanna Sakhno
- #Jacqueline Antaramian
- #Jane Edwina Seymour
- #Jennifer Getzinger
- #Jeryl Prescott
- #Justin Sonfield
- #Kat Kuei Chen
- #Kelly Phelan
- #Kurt Nelson
- #Lars Mikkelsen
- #LeeAnna Vamp
- #Mark Rolston
- #Mary Elizabeth Winstead
- #Matthew Law
- #MaxxA
- #Michael Christian Alexander
- #Michele Weaver
- #Moe Irvin
- #Natasha Liu Bordizzo
- #Nelson Lee
- #Nican Robinson
- #Niki Botelho
- #P.J. Johal
- #Paul Darnell
- #Paul Sun-Hyung Lee
- #Peter Clarke
- #Peter Jacobson
- #Peter Ramsey
- #Ray Stevenson
- #Rick Famuyiwa
- #Rosario Dawson
- #Ryan Ryusaki
- #Shakira Barrera
- #Shelby Young
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Steph Green
- #Subs
- #Temuera Morrison
- #Tom O'Connell
- #TV
- #Vinny Thomas
- #Wes Chatham
- #ප්‍රබුද්ධ කේසර විතානගේ
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


