Watch Trailer

Moon Knight [S01 : E05] Sinhala Subtitles | රහස්… රහස්… රහස්…! [සිංහල උපසිරසි]

කට්‍ටිය මග බලාගෙන ඉඳපු Moon Knight කතා මාලාවේ පස්වෙනි කොටසයි මේ අරන් එන්නේ. මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ කලින් කොටස් වගේ ආපු දවසෙම මේ කොටස අරන් එන්න බැරි වුණු එක ගැන. අධ්‍යාපන වැඩ එක්ක ආයෙත් වතාවක් කාර්‍යබහුල වුනු නිසා තමා ඊයෙම මේක කරගන්න බැරි වුනේ. ඒත් පුලුවන් වුනු ඉක්මණින්ම සබ් එක කොටලා මේ විදිහට ඔයා…

කට්‍ටිය මග බලාගෙන ඉඳපු Moon Knight කතා මාලාවේ පස්වෙනි කොටසයි මේ අරන් එන්නේ. මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ කලින් කොටස් වගේ ආපු දවසෙම මේ කොටස අරන් එන්න බැරි වුණු එක ගැන. අධ්‍යාපන වැඩ එක්ක ආයෙත් වතාවක් කාර්‍යබහුල වුනු නිසා තමා ඊයෙම මේක කරගන්න බැරි වුනේ. ඒත් පුලුවන් වුනු ඉක්මණින්ම සබ් එක කොටලා මේ විදිහට ඔයාලට අරගෙන එනවා.

කොන්ශුව හිර කිරීමත් එක්කම මාර්ක්/ ස්ටීවන් සහ ලයිලා හැරෝව නතර කරන මෙහෙයුම කරගෙන ගිය විදිහ අපි කලින් සතියෙ කොටසින් දැක්කනේ. කොන්ශු නැති නිසා දැන් මාර්ක්ට සුවවීමේ හැකියාව නැහැ. ඒ හේතුව නිසාම මූන් නයිට්ව කැඳවීමේ හැකියාවත් මාර්ක්‍ය අහිමි වෙලා තියෙන්නේ. ඉතිං මරණය කියන දේ එක්කත් දැන් ස්ටීවන්- මාර්ක් දෙන්නට ගැටෙන්නෙ සිද්ද වෙනවා.

කොහොම හරි කලින් කොටසෙදි හැරෝ ලයිලය හෙළි කරනවා ලයිලගේ තාත්තගෙ මරණය වෙනුවෙනුත් මාර්ක් සම්බන්ධයි කියලා. මේ නිසා මාර්ක් එක්ක ලයිලා බහින් බස් විමකුත් වෙනවා. කොහොම හරි ස්ටීවන්ගේ උදවුවෙන් කට්ටිය අමිට්ව හොයාගත්තත් හැරෝ ඇවිල්ලා ස්ටීවන්ට/ මාර්ක්ට වෙඩි තියලා අමිට්ගෙ ගල් පිළිමය ලබාගන්නවා. කොන්ශුගේ උදවු දැන් නැති නිසා මාර්ක්ව (පේනුන විදිහට) මිය යනවා.

එතනින් පස්සෙ තමා ඔලුව කැරකිලා යන වැඩේ සිද්ද වෙන්නේ. වෙඩි කෑවට පස්සේ මාර්ක් අවදි වෙන්නේ මානසික රෝහල් වාට්ටුවක. එතන හැරෝ කියන්නෙ මානසික වෛද්‍යයවරයෙක්. මේ දෙයින් හොඳටම බය වුනු මාර්ක් එතනින් පැනගන්න දුවලා යනවා. ඒ අතර තුර මාර්ක්ට කාමරයක තිබිලා මිනී පෙට්ටියක් හොයාගන්න ලැබෙනවා. ඒකෙන් එන සද්දෙ ඇහිලා පෙට්ටිය විවෘත කරල බලද්දි මාර්ක්ට හොයාගන්න ලැබෙන්නෙ ස්ටීවන්ව.

තවත් විශේෂ දෙයක් තමා මේ කාමරය තුළ තිබිලා ස්ටීවන් හිටපු එක වගේම තව පෙට්ටියක් හොයාගන්න ලැබෙනවා. බොහෝ දුරට මේ ඉන්නේ මම කලින් සතියෙත් මතක් කරපු මාර්ක්ගේ අනිත් පර්සනැලිටි එක වෙන ජේක් ලොක්ලී වෙන්න පුලුවන්.

කොහොම හරි දෙන්නා පැනගන්න දොරකින් එලියට යන්න හදද්දිම තවත් අත්භූත දෙයක් වෙනවා. ඒ තමා මේ දෙන්නට කතා කරන හිපපොටේමස් කෙනෙක් හම්බෙන එක. කොහොම හරි මෙයාව දැකල නම් මාර්ක්- ස්ටීවන් දෙන්න හොඳටම බයවෙනවා. මේ සීන් එක තමා කොහොම හරි කලින් සතියේ ජනප්‍රියම මීම් ටෙම්ප්ලේට් එක වුණෙත් 😅

• ටව්රට්

ඔයාලට පුදුම ඇතිනේ කවුද මේ කතා කරන හිපපොටේමස් කියලා. මේ තමා ඊජිප්තු ශිෂ්ටාචාරයේ දේව කතාවල ඉන්න ටව්රට් කියන දේවතාවිය. ඇය තමා කාන්තාවන්ට සහ දරු උපත්වලට අධිපති දේවතාවිය වෙන්නෙත්. ඒ හේතුව නිසාම ටව්රට් කියන්නෙ කොන්ශු, ඔසයිරස්, අමිට් වගේ අහංකාර දරුණු චරිතයක් නෙවේ. අනිත් දෙවිවරුන්ට සාපේක්ශව ටව්රට් කරුණාවන්‍ට මිත්‍රශීලී කෙනෙක් විදිහට නූතන ෆැන්ටැසිවල ගොඩ නගල තියෙනවා. ටීවි සීරීස් එකේදි ටව්රට්ට හඬ කවන්නේ Antonia Salib විසිනුයි.

• ඩුවට්

ඩුවට් එක කියන්නේ ඊජිප්තු මිනිස්සු විශ්වාස කරපු විදිහට ජීවිතයත් මරණයත් අතර පවතින නවාතැන්පොළට. සරළව කිව්වොත් ඩුවට් එක කියන්නේ ඊජිප්ට්තුවේ අපායට. ඩුවට් එකේදි තමා කෙනෙක්ගෙ මරණින් පස්සේ සිදුවන දේවල් තීරණය වෙන්නේ. ඒ වගේම මේ අධියරේදී කෙනෙක් කරපු හොඳ නරක බලලා ඒ ආත්මයට වෙන්න අවශ්‍යය යුක්තිය ඉටු කරලා ආත්මයේ අනාගතය තීරණය කෙරෙනවා.

ඩුවට් එකේ Osiris, Anubis ඇතුලු දෙවිවරුත් වාසය කරනවා. මාර්වල් විශ්වයෙත් ඩුවට් එක mythology පැත්තට ආවම විශේෂ තැනක් ගන්නවා. මූන් නයිට්ට විතරක් නෙවෙයි, තෝර්ගෙ මාවල් විශ්වයේ ක්‍රියාදාමවලට පවා මේ ඩුවට් එක සම්බන්ඳ වෙලා තියෙනවා.

කොහොම හරි කලින් සතියෙ මාර්ක් යන මානසික රෝහලත් මාර්ක් මියගියාට පස්සෙ යන ඩුවට් එකේ කොටසක්. ඩුවට් එක ගැන විස්තර ගොඩක් අද ඔයාලට බලාගන්න පුලුවන්.

එහෙනම් තව එක කොටසකින් Moon Knight කතා මාලාව අවසන් වෙනවා. තාමත් දෙවෙනි සීසන් එකකට රීනිව් කරලා නැතත් කතා මාලාවේ සාර්ථකත්වය නිසාම මූන් නයිට්ගේ ගමන ලබන සතියෙන් නම් අවසන් වෙන එකක් නැහැ. එහෙනම් පළමු අදියරේ අවසන් කොටසින් හමුවෙමු.

Season 01 Episode 05: “Asylum”

Directors: Mohamed Diab
Run time: 47 minutes
Air Date: April 27, 2022
IMDB rating: 9.2
Age rating: TV-14

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

28,287 downloadsDownload Moon-Knight-S01-E05.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සචින්ත කල්හාර බෙනට්

Subtitles

28,287 downloadsDownload Subtitles26 KB

42 comments

  1. Anonymous

    Thank you very much !

  2. No Name

    Thanks cago

  3. spider

    sub ekata godak thanks

  4. dasun

    Thank For Sub

  5. Sumith Kumara

    thank bro

  6. Mr knight

    Thnks mchn

  7. Kalhara

    thanks brother ❤️

  8. Anonymous

    Niyamai

  9. Anonymous

    iye balanna bari una. Anyway thanks brow

  10. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  11. Achi

    බොහොම ස්තුතියි සහෝ ❤

  12. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තූතියි...❤

  13. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්.... ජය වේවා....❤️

  14. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  15. Raveesh

    ඉක්මනටම සබ් දෙනවට බොහොම ස්තූතියි සගෝ ❤️

    1. Minol Perera

      ස්තුතියී සහෝ

  16. Anuja Lakshitha

    thanks kollo sub ekt

  17. Anonymous

    Thank you sago

  18. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  19. ravidu ishan

    සබ්එකට Tnx Mchn ✌️✌️ ජය!!

  20. Hashan

    Thnx for the sub bro❤️

  21. Thilinda Randeera

    ඉක්මණට දුන්නට ස්තූතියි

  22. Naveen Mbr

    උපසිරැසියට ස්තූතියි!

  23. bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  24. chinthaka.max4

    thankx machan

  25. dasun

    sub ekata thanks

  26. Anonymous

    the blacklist Season 07 ekata sub eka denne nedda?kauru hari bara aragena thiyanwada?

  27. Anonymous

    Moon night, E6 sinhla sub naddooo

  28. Anonymous

    Episode 6 ikmnt dendooo

  29. X

    Episode 6 ikmnt dendooo

    1. Sithira Janiya

      Ikmnta ep 6 dannako plz❤️

  30. Anonymous

    ep 6 daannako bn

  31. ගෝඨාභය රාජ පස්ස

    6 ona machaaaan

  32. Anonymous

    peaky-blinders last sub ek krl diynko bosa

  33. සචින්ත බෙනට්

    හයවෙනි කොටසේ උපසිරැසි තව සුලු මොහොතකින්...

  34. lakshan

    thanks ....................

  35. sahangayantha

    thanks a lot saho sub ekata

  36. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  37. Dewadithya

    Thanks for Sub!

  38. Anonymous

    GG bro ❤

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. ravindra

    thanks