මේ කතාව 2011 වසරේ චීනයේ විකාශය වුණ bu bu jing xin එහෙම නැත්නම් Scarlet heart කියන ටෙලි කතාවේ අනුවාදයක් කියලා කියන්ඩ පුලුවන්. ඒ චීන ටෙලි කතාව නිර්මාණය වුණේ ඒ Tong Hua කියන ලේඛිකාවගේ එම නමම තියෙන නවකතාවක් ආශ්‍රයෙන්. චීන ටෙලි කතාව බොහොම දීර්ඝ එකක්. ඒ කතාවත් මේ අනුවාදයත් අතර ගොඩක් වෙනස් කම් තියෙනවා. කො…

මේ කතාව 2011 වසරේ චීනයේ විකාශය වුණ bu bu jing xin එහෙම නැත්නම් Scarlet heart කියන ටෙලි කතාවේ අනුවාදයක් කියලා කියන්ඩ පුලුවන්. ඒ චීන ටෙලි කතාව නිර්මාණය වුණේ ඒ Tong Hua කියන ලේඛිකාවගේ එම නමම තියෙන නවකතාවක් ආශ්‍රයෙන්. චීන ටෙලි කතාව බොහොම දීර්ඝ එකක්. ඒ කතාවත් මේ අනුවාදයත් අතර ගොඩක් වෙනස් කම් තියෙනවා. කොහොම නමුත් ඒක රසවින්දනයට බාදාවක් නම් වෙන්නෙ නැහැ.
ගෝර්යෝ රාජධානි සමය පසුබිම් කරගෙන තමයි කොරියානු කතාව නිර්මාණය වෙලා තියෙන්නෙ. වර්තමානයේ ජීවත් වෙන ගෝ හාජින්කියන රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු තරුණියක් හදිසියේ ගෝර්යෝ රාජධානි සමයට ගමන් කිරීම මතයි කතාව ඇරඹෙන්නෙ. ඇය අතීතයට යනවාමයි කියන්ඩත් බැහැ. නමුත් හදිසි අනතුරක් නිසා ඇය දියේ ගිලෙනවා නැවත නැගිටින්නෙ ගෝර්යෝ රාජධානි සමයේ ජීවත් වුණ හේ සූකියන තරුණිය විදිහට. ඒ කාලය ගෝර්යෝ රාජධානියේ ආරම්භක කාලසීමාව. තේජෝ රජතුමා තමයි එතකොට ඒ කාලයේ රජවෙලා ඉන්නෙ. රාජ්‍යයේ නිර්මාතෘ කියලා කිව්වොත් හරි. ඉතින් ඒ රජතුමාට දරුවො ගොඩාක් ඉන්නවා. කුමාරවරුයි, කුමාරියොයි මහ ගොඩක් ඉන්නවා.
හේසූ කියන්නෙ 8 වැනි කුමාරයාගෙ බිරිඳගෙ ඥාති සොයුරියක්. ඇය හේ වංශයේ කෙනෙක්. ඉතින් 8 වැනි කුමාරයගෙ ගෙදර තමයි හේසූඉන්නෙ. කුමාරයගෙ බිරිඳ අසනීපෙන්. ඇයට කියන්නෙ ම්‍යන්ග්හී කියලා. වෙලාවකට හේ මැතිනිය කියලත් අමතනවා. 8 වැනි කුමාරයගෙ මෑණියන් රජුගෙ උප බිසවක්. හ්වැන්ග්බෝ උප බිසව. 8 වැනි කුමාරයාට සහෝදරියක් ඉන්නවා යොන්හ්වා කියලා.
එහෙම නම් මම කතාවෙ කියැවෙන කුමාරවරු ටික ගැන සරළව පැහැදිලි කරන්නම්.
8 වැනි කුමරු- වැන්ග් වූක්
13 වැනි කුමරු- වැන්ග් වූක්/ Beak Ah
3 වැනි කුමරු -වැන්ග් යෝ
4 වැනි කුමරු- වැන්ග් සෝ
14වැනි කුමරු -වැන්ග් ජන්ග්
10 වැනි කුමරු- වැන්ග් ඉයුන්
9 වැනි කුමරු -වැන්ග් වොන්
මේ අයගෙන් 3 වැනි, 4 වැනි සහ 10 වෙනි කුමාරවරු අගබිසවගෙ දරුවො. ඇයව කතාවෙදි තමයි යූ බිසව කියලා හඳුන්වන්නෙ. ඇය හදන්නෙ කොහොම හරි වැන්ග් යෝ කුමරුව කිරුළ හිමි කුමරු බවට පත් කරගන්න. 3 වෙනි කුමාරයත් බොහොම දරුණු ඒ වෙනුවෙන් ඕනෙම දෙයක් කරන විදිහෙ කෙනෙක්. 4 වැනි කුමාරයා වැන්ග් සෝ අගබිසවට ඔහු ගැන කිසිම ප්‍රසාදයක් නැහැ වගේම ඔහු අවාසනාව ගෙන එන කෙනෙක් විදිහටයි ඇය හඳුන්වන්නෙ.
ඒ වගේම මේ 4 වැනි කුමාරයා රජුගෙ වෙනත් බිසවකට හදා වඩාගන්න බාර දීලයි තියෙන්නෙ. මොකද යම් හේතුවක් නිසා ඒ බිසවගෙ දරුවා මිය ගිහින්, ඉතින් ඒ වෙනුවෙන් ඇයට වැන්ග් සෝ කුමරුව හදාවඩා ගන්න බාර දෙනවා. මේ උප බිසව කන්ග් කියන උසස් වංශයකට අයත් බලවත් කෙනෙක්. නමුත් ඇය වැන්ග්සෝට කොහෙත්ම කැමති වෙන්නෙ නැහැ. ඇය ඔහුව වෘකයින් සිටින තැන් වලට දමා එන්න අණ කරනවා, පහර දෙනවා. ඉතින් මේ කුමාරයා හැදෙන්නෙ හිරකාරයෙක් වගේ. ඉතින් ඔහුට ජීවිතේ බේරගන්න වෘකයින් මරන්ඩ වෙනවා. ඒ නිසාම ඔහුට නමක් පටබැඳෙනවා“සිඟාල සුනඛයා” කියලා. ඒ වගේ ඔහු කුරිරු ලෙස මිනිසුන් මරන්නෙක් විදිහටයි ප්‍රචාරය වෙන්නෙ. ඒ නිසා හැම කෙනෙක්ම ඔහුට බයයි. නමුත් ඇත්තටම ඔහුගෙ මුහුණෙ තියෙන කැළල නිසා කිසි දවසක ඔහුට රජ වෙන්න බැහැ. ඉතින් එහෙම කුමාරයෙක් වැඩක් නැති නිසයි අර වගේ උමතු උපබිසවකට ඔහුව ලබා දෙන්න අගබිසව තීරණය කරන්නෙ.
කොහොම හරි වසර ගණනාවකට පසු ඔහු මැදුරට එනවා නැකත් චාරිත්‍ර දවසේ කටයුතු කරන්න. ඒක සැනකෙලි පැවැත්වෙන දවසක් එදාටරජු ඉදිරියේ හැම කුමාරයෙක්ම විශේෂිත රංගනයක යෙදෙනවා. ඒ නරක ආත්ම පළවා හරින්න. ඉතින් 4 වැනි කුමාරයත් පළවෙනි වතාවට එයට සහභාගිවෙන්න තීරණය කරලා ඉන්නෙ. ඔන්න ඔය දවසෙම තමයි ගෝ හාජින්, හේ සූ විදිහට ගෝර්යෝ රාජ්‍යයට පිවිසෙන්නෙ.
Due to copyright issues, we do not provide any torrent links.
Moon.Lovers.Scarlet.Heart.Ryeo.E01.160829.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
932 downloadsDownload Moon.Lovers.Scarlet.Heart_.Ryeo_.E01.Baiscopelk.com_.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
32 comments
shehan
Lahiru Yasas Fernando
godak kalayaka idan balagena hitiyee sub ekata thankss
Udara Damith B/K
අඩෝ අපිටත් හතර පහක් බදින්ඩ තියෙනවනම්
Udara Damith B/K
බොහෝම ස්තුතියි
Kulanjana Maduranga
niayamai…thawath aluth kathawak.thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
silent$
Thanxxxx Keep it UP !!!!!!!!!
jinadaree
thank you...
Chamika
Thnx sub denakan balagena hitapu drama ekak
නවින් නිසල්
සබ් එකක් දෙයි කියලා හිතුවෙම නැහැ . එනකම් බලාගෙන ඉදපු සිරිස් එකක් . තැන්ක්ස් වෙන්න ඕනා !!
ishi
godaaak thanxx sub denakan balan hitye mekata... ithuru ewathikmanata denna...
Chami.S
Lassana kathawak wage.
Thanks sub ekata...Sumal
Thanks
Link ekaķ dennakomadhu
Thank you Thank you Thank you so much... i'm waiting for this drama sub...
Neer
Ane kauru hari mata meka download karaganna link ekak dennako
Milinda Lakmal
540p
Anu
Thxx sub ekata
lakindu sadumina
ammo thanks sub ekata. mekata sub eka enakan balagena hitiye. w2 world, hwarang, Weightlifting Fairy Kim Bok-Joo, the k2 me aluth drama tiketh sub denna puluvannam godak hodai. mevai sub enakan balan innva. fighting..!
Tharu
Sub walata Thank You
Nawo
Thanx akki sub 1kata.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kasun Lakshan
khoma sthuthi karannada manda.. mekat asub denakan hitiye.. godaaaaaak sthuthi akke
Mahesh
Sub ekata thanx sis
s
Lassana kathawak.me wage nirmana api denawata thxx oyata.digatama denn oyata jaya
Thushad
달의 연인-보보경심 - 려.E01.160829.360p-NEXT.
Navindu Gunawardan
අනේ කවුරු හරි මේකේ ලින්ක් එක දෙන්නකෝ..
Google එකේ search කරාම දෙන්නේ sub වර්ග විතරයිනේ..පින් සිද්දවෙයි.ලින්ක් එක දෙන්නකෝ..Nirodha uthpala
Index of /serial/Scarlet Heart/ gahapan serama eanne direct link only
Aruna
Akki please flower boy next door drama eke subtitles karanna please
Indumil
Thank you sis
සංකල්ප
අනේ please Scholar who walks at the night එකේ සබ් දෙන්නකෝ...ඒක නිවමයි..
Tharushi.A
Me drama eka download karanna puluwan link ekak ewannko pls
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..N.sadali chethana
Shooii anee ❤️❤️❤️ godak thankss
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thankz.ithuru episode tikath ikmanta denna