Watch Trailer

Mortal Kombat: Legacy (2011) [E01 – E05] | මාරක සටන් ලෙගසිය…[සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් ඔන්න මම ටිකක් කම්මැලියෙක් නිසා ඒකටම හරියන්න පොඩි රාජකාරියක් ලැබුණා. කොහොම උනත් මේ වැඩේට ක්‍රියාදාම වලට ආල වඩන රසිකයොනම් ගොඩාක් කැමති වෙයි. ඔයාල හැම කෙනෙක්ම දන්නව ඇතිනෙ මෝටල් කොම්බැට් (Mortal Kombat) කියන පරිගණක ක්‍රීඩාව, අන්න ඒකෙ ඉන්න චරිත අරගෙන හදපු ටෙලි කතා මාලාවක පළමුවැනි කතා සමය තමයි…

Mortal Kombat Legacyහරි එහෙනම් ඔන්න මම ටිකක් කම්මැලියෙක් නිසා ඒකටම හරියන්න පොඩි රාජකාරියක් ලැබුණා. කොහොම උනත් මේ වැඩේට ක්‍රියාදාම වලට ආල වඩන රසිකයොනම් ගොඩාක් කැමති වෙයි. ඔයාල හැම කෙනෙක්ම දන්නව ඇතිනෙ මෝටල් කොම්බැට් (Mortal Kombat) කියන පරිගණක ක්‍රීඩාව, අන්න ඒකෙ ඉන්න චරිත අරගෙන හදපු ටෙලි කතා මාලාවක පළමුවැනි කතා සමය තමයි මේ විදියට මම අද ඔයාලට අරන් ආවෙ. වෝනර් සමාගමෙන් තමයි මේක එළිදැක්වුණේ. ඇත්තටම එයාල මේක කරල තියෙන්නෙ එයාලගෙ පරිගණක ක්‍රීඩාව ප්‍රේක්ෂකයින් අතරට හොදින් අරන් යන්න. පස්සෙ මේකෙන් චිත්‍රපටත් නිපදවනව එයාල. කොහොම හරි පහුගිය වසරක (2011) මෙයාල මේකෙ බ්ලූරේ තැටියක් නිකුත් කරා. ඒ නිකුත් කරාපු බ්ලූරේ පිටපත තමයි මේ අද මම ඔයාලට අරන් ආවෙ. Action, Crime, Fantasy, Thriller කියන කාණ්ඩයන්ට අයත්වන මේ කථාසමයට කොටස් නමයක් තියෙනවා. ඒ කොටස් නමය ඇතුළෙ ජැක්ස්, සෝනියා, කේනෝ, ස්ට්‍රයිකර්, ජොනී කේජ්, කිටානා, මෙලීනා, රෙයිඩන්, ස්කෝපියන්, සබ් සීරෝ, සහ සයිරක්ස් කියන අය අතරෙ තමයි කතාව ගලාගෙන යන්නෙ. මේකෙ කොටස් නමය ඇතුළෙ වෙන වෙනම ඒකාංගික කොටස් හයකින් මේ හැම කෙනෙක්වම හදුන්වා දෙනව. අද මම දෙන්නේ මෙහි මුල් කොටස් පහ පමණයි.

Mortal Kombat-Legacy | කළු මකරා (I) (II)
ඉතින් එහෙනම් මේ අද ඔයාලට අරන් ආපු පළවෙනි මෙකෙ තියන පළවෙනි කොටස සහ දෙවනි කොටසින් හදුන්වල දෙන්නෙ “ජැක්ස්, සෝන්‍යා, කේනෝ සහ ස්ට්‍රයික්ර් කියන චරිත හතර වටා ඇදෙන කතාවක්. මේ අරන් ආපු කොටස රූපවාහිනියෙ විකාශනය උණේ 2011 අප්‍රියල් 11 දිනයි..

Mortal Kombat-Legacy | ජනප්‍රියත්වය ගිලිහුණු සුපිරි තරුව
ඔන්න එහෙනම් තුන්වෙනි කොටසින් කියවෙන්නෙ මාෂල් ආර්ට් සටන්කරුවෙක් වෙච්චි ජොනී කේජ් ගැන. මේ කථාවෙන්ම මෙයා ගැන කියල ඉවරයක් වෙනවා. මෙයා පොඩි කාලෙ බොහොම කුලෑටි ලමෙක් විදියට ඉදලා ලොකු වෙනකොට මාෂල් ආර්ට් සටන් කලාවට යොමුවෙන්න පටන්ගන්නවා. ටිකෙන් ටික මෙයා ඒකෙන් තමන්ගෙ පෞර්ෂත්වය දියුණු කරගෙන ඉදිරියටම යනව ගොඩක් ජනප්‍රිය වෙනව ඒත් මෙයාටත් එක්තරා කඩාවැටීමක් ඇතිවෙනව අන්තිමේදි මෙයාට මොනාද වෙන්නෙ කියල ඔයාලටම බලන්න ඉඩ දීලා මම නිහඩ වෙනවා….

Mortal Kombat-Legacy | මාර දූවරු.. (I) (II)
ඔන්න මේකෙන් කියන්න යන්නෙ අක්කල නංගිලා දෙන්නෙක් ගැන, උපතින්ම සහෝදරියො නොවුණත් පස්සෙ වෙන විදියකින් එහෙම වෙනව. මෙයාලගෙ එක්කෙනෙක් හොද කෙනෙක් අනිත් කෙනා නරක කෙනෙක්, උප්පත්තියෙන් තමයි ඒ දෙ වෙනස් වෙන්නෙ ඉතින් මේ දෙන්නගෙ නම් තමයි කිටානා සහ මලීනා කටානා කියන්නෙ එඩීනියාව කියන රාජ්‍යයේ රජතුමාගෙ දුව එක දේකින් මේ රජතුමාට තමන්ගෙ රාජ්‍ය අහිමි වෙනවා ඒකෙන් පස්සෙ ගොඩක් දේවල් වෙනස් වෙන්න ගන්නවා. ෂාහෝ ඛාන් ගැනත් කියවෙනව මේකෙදි.

එහෙමනම් යාළුවනේ මම මේක ඉතුරු ටිකත් ඔයාලට බොහොම ඉක්මනින් දෙනවා. ඒ දෙන්නේ තව අලුත් ආරංචියකුත් මග එනවා කියල පොඩි ඉගියකුත් එක්කමයි. මේ කතාමාලාව දෙන අතර මැදදිම ඔයාලට ඒ ගැනත් දැනගන්න ලැබේවි. බොහෝ දුරට දැනටමත් ඔයාල දන්නවා වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේකෙ ටොරන්ට් එකේ මේ කොටස් සේරම ඇතුළත් වෙනවා. අපේ රොයිලි අයියගෙ මෙන්න මේ උපදෙස් පිළිපැදල උවමනා කොටස පමණක් බාගත කරගන්නලකො. එහෙම නැත්තම් මේ සේරෝම බාගත කරගත්තත් පුරශ්නයක් නෑ ඕං.. එහෙමනම් අද පටන් ඔබත් එක්වන්න “Mortal Kombat-Legacy” නොහොත් “මාරක සටන් ලෙගසිය” සමගින්. ඉක්මනින් හමුවෙමු….! 😀

Mortal Kombat: Legacy (2011) on IMDb

 

 

We do not provide any torrent links

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත

4,199 downloadsDownload Mortal-Kombat-Legacy-2011-2013-S01-E01-E05.zip24 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/vima.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                                      All Episodes                              Next Episodes >>

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

4,199 downloadsDownload Subtitles24 KB

34 comments

  1. wow

    wow,,maru :D

  2. lk

    thanks macho :) balanna one

  3. quik

    thanks

  4. ranga

    mey game alatath patta asai adama balanwa txz

  5. venura

    good work ithuru tikath denna jaya!!!!

  6. dushman

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  7. sds

    elane saho :D

  8. rusuru | රුසිරු

    පට්ට නේ බලන්න ඕනේ සහෝ

  9. amilatk

    jayen jaya!!!!

  10. hh

    download wenna damma anith episode tikath demu

  11. vee

    maxxa saho

  12. tharanga

    බොහොම තුති :) විමා

  13. shani

    thanks

  14. lasidu

    එළකිරි

  15. “චූටී මල්ලි”

    මොකද්ද බන් මේ
    ගේම් එක ගැනනම් අහලා තිබ්බා
    ම්ම්ම්ම්ම්ම්....බලමුකො එහෙනම්
    සබට තුති
    ඔබට ජය..............

  16. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔහෙප්ලයන් මෙන්න මේකා එක සැරේ කතා 5 ක්ම දීලා...
    ඔහොම දුන්නොත් පුතෝ 100, 50 දෙතුන් වාරෙකින්ම ගහන්න පුළුවන් වෙයි...
    බැලින්නම් මේකා නේ සයිට් එකේ ඉන්න ඉස්පීඩ් ම හාදයා...
    හොදා හොදා...
    කොරගෙන යමුකෝ....

    1. ශාන් විමුක්ති [විමා]

      අනේ නෑ බන් මේක මගේ කම්මැලි කමටම හරියන විදියට ලැබුනු එකක්. මෙ පහම එක සබ් එකක් විදියට අරගන්නෙ. මම පනහ සීය ගහනකොට උබ මැරුනු තැන් වල ගසුත් නෑ :P
      ආහ් මොකක්ද ඒ කුප්ප කතාව :o

  17. හර්ෂ ලහිරු

    නියමයි විමා
    උබ කම්මැලියා වුනාට කමක්නෑ
    අනිත්ටිකත් ඉක්මනටම දීහන් ජය

  18. #ChalinduDeshan (කිනා)

    අප්පේ.. මූ එකපාර පහක්ම බස්සලා.
    බෑ බෑ කිය කිය ඔහොම කරන එක හරිද අප්පා. එල ඈ..
    අනිව බැලිල්ලක් තමා.
    ස්තූථියි බං.
    ජයවේවා!

  19. දිල්ෂාන් කාලිංග

    මේක වෙන්න ඇති නේ උඹේ රහස.
    මට නම් එපා මේක.
    ඒ කිව්වට බාන ලිස්ට් එකට දැම්මා හොඳේ.
    :)

  20. කැලුම් රණවක

    එල එල විමා පට්ට බාණ්ඩයක් දීලානෙ...අනිවා බාගන්න ඕනි මෙකනම්..
    උපසිරැසියට තුති වේවා කිව්වා... :)

  21. dev

    bohoma stuti saho..... .
    balamuko story eka.. .

  22. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි විමෝ මේකට සිංහල උපසිරැසි යොදලා ගෙනාවට. ඉස්සර ආසාවෙන් බලපු මෝටල් කොම්බැට් ටීවී කතා මාලාවකුත් තිබුනා. හැබැයි උන් හැම වෙලාවෙම ගහගන්නේ කළුවර තැන් වල.. ;)

  23. mudiya / මුදියා

    නියමයිනෙ වීමො.කොහොමහරි බලනව.ඉතිරි ටිකත් සං ගාල දෙමු.ජයවේවා.බොහෝ.........................................................................ම ස්තූතියි...!

  24. රොයිලි

    බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. මෙයා එකපාර කොටස් 03 ක් දීලානේ. මෙහෙම ගියොත් දෙතුන් පාරෙන් ඔක්කොම ඉවර කරයි වගේ. ජය෴෴ :P :P

  25. sanjeewa

    Oyanam Niyamay Bro!!!!!!!!Thanx kiwa............

  26. සංජය

    තෑන්ක්ස් ශාන්...

  27. visal

    i want commondo sinhala subtiles

  28. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  29. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  30. Sanjeewa

    thanks for sub

  31. wimma

    puliwannam macho mortl combat paranama tv serios eka dapanko kon la o ge kathawa oke arambaya issara 1999 awrudde wage baluwa ayeth balanna asai

  32. geeganagamage

    බොහොම ස්තුතියි

  33. podda

    thanks bro!!!