Watch Trailer

Mr. Bean (1990–1995) [S01] Complete Season Sinhala Subtitles Sinhala Subtitles | මිස්ටර් බීන් [සිංහල උපසිරැසි]

කොහොමද කට්ටියට? අද ඉතින් මට විශේෂ දවසක්. මගේ විසි පස් වෙනි උපන්දිනේ. උපන්දිනේ දවසේ විශේෂ දෙයක් කරන්න ඕනිමයි කියලා මගේ හිත කිව්ව නිසා ඉන්ටර්නෙට් එක පැත්තෙ කැරකි කැරකි ඉන්නකොටයි ලෝකයක්ම හිනස්සපු මිස්ටර් බීන්ගේ මේ ටීවී සීරීස් එකට සබ් එක ගේන්න හිතුනේ. ලොකු දෙබස් ප්‍රමාණයක් නැති නිසා කොටස් සේරම ටික එකට…

කොහොමද කට්ටියට? අද ඉතින් මට විශේෂ දවසක්. මගේ විසි පස් වෙනි උපන්දිනේ. උපන්දිනේ දවසේ විශේෂ දෙයක් කරන්න ඕනිමයි කියලා මගේ හිත කිව්ව නිසා ඉන්ටර්නෙට් එක පැත්තෙ කැරකි කැරකි ඉන්නකොටයි ලෝකයක්ම හිනස්සපු මිස්ටර් බීන්ගේ මේ ටීවී සීරීස් එකට සබ් එක ගේන්න හිතුනේ. ලොකු දෙබස් ප්‍රමාණයක් නැති නිසා කොටස් සේරම ටික එකට ඔයාලට බලන්න පුළුවන්.

මිස්ටර් බීන් කිව්ව්ම මං හිතන්නෙ නොදන්න කෙනෙක් නැති තරම්. රෝවන් අට්කින්සන්ගේ ඇත්ත නමටත් වඩා එයා ලෝකය පුරාම ජනප්‍රිය වුනේ මිස්ටර් බීන් විදිහට. 1990-1995 කාලේ අතර විකාශය වුන මේ සීරීස් එකේ කොටස් 14 ක් ඇතුළත්. IMDb එකේ සහ ඉන්ටර්නෙට් එකේ හැටියට කොටස් 15 ක් තිබුනට ඇත්තටම තියෙන්නෙ කොටස් 14 ක් විතරයි. ටොරන්ට්වල වගේම ඩිරෙක්ට් ලින්ක් වලත් තියෙන්නෙ කොටස් 14 යි. 15 වෙනි කොටස විදිහට තියෙන්නෙ කලින් කොටස් 14 හොඳම දර්ශන ටික එකතු කරලා හදපු විනාඩි 70 ක විතර තවත් වීඩියෝ එකක්. ඒ නිසා කොටස් 14 කට උපසිරැසි තමා මං අරගෙන ඇවිත් තියෙන්නේ. මේ සීරීස් එක IMDb අගය 8.5 ක් දිනාගෙන තියෙනවා මනාප 112,608 කින්. ඒ වගේම Rotten Tomatoes අගය 100%ක් දිනාගෙන තියෙනවා. හරිනේ ඉතින් ඒ ගාන ලැබෙන්නම ඕනි මේ වගේ සීරීස් එකකට. මේකේ ඉතින් තියෙන කොටස් 14 ගැන විස්තර කියන්න් නම් යන්නෙ නෑ එහෙම වුනොත් බලන්න දෙයක් නැති වෙන හින්දා. ඇති තරම් හිනාවෙන්න නම් පුළුවන්. හිනා වෙලා ලේ පිරිසිදු කරගන්න කැමති අය අනිවා බලන්න.

මිස්ටර් බීන් චරිතය මොන තරම් ජනප්‍රියද කියනව නම් මිස්ටර් බීන්ගේ ඇනිමේෂන් සීරීස් එකක් පවා නිකුත් වුනා. මගේ පුද්ගලික මතය අනුව නම් මිස්ටර් බීන් දෙවෙනි වෙන්නෙ චාලි චැප්ලින්ට විතරයි. ලිපිය ගොඩක් දිගට ලියන්න නම් බලාපොරොත්තුවක් නෑ මොකද දැනටම රෑ දොළහත් පහු වෙලා. මේ අවස්ථාව මට දීපු විමා අයියටත්‌ ගොඩක් ස්තූතියි කියන ගමන් මං එහෙනම් ගිහින් එහෙනම්. හැමෝටම ජය වේවා!.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

1,901 downloadsDownload Mr.-Bean-S01-Complete-Season.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

සොහාන් ජයසූරිය

Subtitles

1,901 downloadsDownload Subtitles28 KB

17 comments

  1. Anonymous

    THANKS FOR SUB

  2. No name

    Thanks machan

  3. Naveen Mbr

    සබ් එකට ස්තූතියි සහ සුභ උපන්දිනයක්!

  4. Anonymous

    Congrats kollo
    Digtma sub ona

  5. Anonymous

    Happy birthday

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. අතුල කාරියවසම්

    සුබ උපන්දිනයක් වේවා...
    කාලෙකින් නේ දැක්කේ
    මොකෝ දැන් වැඩිය පේන්න නැත්තේ සහෝ?

    1. Sohan Jayasooriya

      ජොබ් එකත් එක්ක දැන් සබ් කරන්න කාලෙ හොයාගන්න අමාරුයි සහෝ..ඒකයි..

    2. Anonymous

      අඩෝ එහෙමද..ඉස්සර නම් එක දිගට දුන්නා නේද.. අපිවත් අතාරින්න එපා සහෝ..මේ වගේ ඉඳල හිටලවත් දෙන්න..

    3. Sohan Jayasooriya

      අනිවා අනිවා.. අතාරින්නෙ නම් නෑ..

  8. Heakith Gunaweera

    godak watina wedak digatama karanna

  9. Anonymous

    Sub ekt Thanks sahoo
    Ee wageema Happy Birthday!

  10. user

    Mr. Bean Seirs Eken Vedio eka Download Kranna Link eka neheneh Biscopedownloads eken

    1. Sahan Prabhasara

      youtube thiynw

  11. රොෂාන් ශමීර ජයසිංහ

    ඉස්සර දවසක ඡන්ද ප්‍රතිපල කියන වෙලාවක පාන්දර මිස්ටර් බීන් ගියා.
    එදා ඉදන් හොය හොයා බැලුවා.
    මරු කලෙක්ෂන් එකක්..
    මහන්සිවෙලා උපසිරසි ගෙනාවට බොහොම ස්තූතියි.
    25 වෙනි උපන්දිනයට මගෙන් සුබ පැතුම්..
    ~ සුබ උපන් දිනයක් වේවා.. ~

  12. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P