ඔන්න ලංකන් Weebs අපි හැමෝම බලන් හිටපු Demon Slayer: Mugen Train Arc එකට උපසිරැසිය ගෙනාව. මේ ඇනිමේ සීරිස් එකේ සීසන් 1 එකේ සහ Mugen Train චිත්‍රපටයේ උපසිරැසි වලට හොඳ ප්‍රතිචාර තිබ්බා. ඒකට ගොඩක් ස්තූතියි! ඉතින් Demon Slayer: Mugen Train Arc කියන්නෙ අපි කලින් උපසිරැසි අරන් ආපු Demon Slayer: Mugen Train…

ඔන්න ලංකන් Weebs අපි හැමෝම බලන් හිටපු Demon Slayer: Mugen Train Arc එකට උපසිරැසිය ගෙනාව. මේ ඇනිමේ සීරිස් එකේ සීසන් 1 එකේ සහ Mugen Train චිත්‍රපටයේ උපසිරැසි වලට හොඳ ප්‍රතිචාර තිබ්බා. ඒකට ගොඩක් ස්තූතියි!

ඉතින් Demon Slayer: Mugen Train Arc කියන්නෙ අපි කලින් උපසිරැසි අරන් ආපු Demon Slayer: Mugen Train චිත්‍රපටය කොටස් හතකට කඩල හදපු සීරීස් එක. මේක සමහර තැන්වල සීසන් 2 විදිහටත් හදුන්වල තිබුන.ඉතින් චිත්‍රපටයේ සාර්ථකත්වය නිසාම මේක සීසන් එකක් විදිහට නිකුත් උනා.ඒ උනත් මේ සීරීස් එකේ “Flame Hashira Kyojuro Rengoku” කියන පළමු කොටස චිත්‍රපටයේ නැති අලුත්ම කොටසක්. ඔයාල කැමතිනම් සීසන් 1න් පස්සෙ කෙලින්ම මේ සීරීස් එක බලන්නත් පුලුවන්. ඉතින් ඔයාල Mugen Train චිත්‍රපටය දැනටමත් බලල තියෙනවනම් මේ සීරීස් එක අනිවාරෙන්ම බලන්න ඕන නෑ.මේ Arc එකෙන් පස්සෙ Demon Slayer Entertainment District Arc කියන සීසන් එක නිකුත් වෙනව.අපේ ලංකන්weebs කණ්ඩායම Entertainment District Arc එකටත් ඉක්මනින්ම උපසිරැසි අරන් එනව. මේ උපසිරැසිය ඔයාලට දෙන්න අවස්ථාව දුන්න බයිස්කෝප් ලාටත් ගොඩක් ස්තූතියි!

මේ සීසන් එකේ කතාව ගැන පොඩි විස්තරයක්,

සීසන් 1 බලපු අය දැක්කනේ අවසාන සටනින් වෙච්ච තුවාල සම්පූර්ණයෙන් හොඳ උනාට පස්සෙ ටංජිරෝ, ඉනෝසුකේ, සෙනිට්සු තුන්දෙනා අන්තිමට මිනිස්සු 200 ක් ඉන්න කොච්චියකට නගිනවා. ඉතින් මේ තුන් දෙනාට මේ කෝච්චියේ දි දක්ෂම හෂීරා කෙනෙක් වෙන අග්නි හෂීරා රෙන්ගෝකුව මෙයාලට හම්බෙනවා. ඒ විතරක් නෙමේ මේ චිත්‍රපටයේ ප්‍රදාන හතුරා වෙන lower level Enmu සහ තව ඩීමන් කෙනෙකුත් ඉන්නව මේ කෝච්චියෙ. මෙයාල හැමෝටම සතුටින් ඉන්න වෙන්නෙ ටික වෙලාවයි මොකද පොඩි වෙලාවක් ඇතුලත මිනිස්සු 40ක් අතුරුදහන් වෙනව. මේක ඉතින් අනිවාරෙන් ඩීමන් කෙනෙක්ගෙ වැඩක් කියල එයාල දැන ගන්නව.ඉතින් ටංජිරෝයි යාලුවො දෙන්නයි රෙන්ගෝකු එක්ක එකතු වෙලා කෝච්චියේ ඉන්න ඩීමන්ලව විනාශ කරන්න පුලුවන් වෙයිද?

ටංජිරෝට ඉස්සරහට මොනව වෙයිද? මෙයාලට මේ කෝච්චියෙ ඉන්න ඩීමන්ලව පරද්දන්න පුලුවන් වෙයිද? අග්නි හෂීරා රෙන්ගෝකුට මොනව වෙයිද? කියල දැන ගන්න ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා. වාර්තා පිට වාර්තා තියපු චිත්‍රපටයක් මේක. මේ චිත්‍රපටයේ අවසානෙට ඇස් කදුලෙන් පිරෙන්න තරම් හැගීම්බරයි වගේම ඇගේ හිරිගඩු පිපෙන විදිහෙ සුපිරිම සටන් කිහිපයකුත් තියෙනවා.

තවත් උපසිරැසියකින් හම්බෙමු…!

 

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.

10,517 downloadsDownload DS-MTA-S02-E01-E07-Complete-Season.zip64 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

10,517 downloadsDownload Subtitles64 KB

21 comments

  1. Nilush Angana

    Sub ekata thanx

  2. kavinda gamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  3. Pavith Wijesooriya

    ඒකටත් දුන්නා නේද එහෙනම්.පට්ට ලංකන් weebs.Entertainment district arc එකටත් ඉක්මනට දෙන්න.ජය!!!

  4. Rusara nimnada

    ado kaleka idn bala hitiye thnx bn

  5. Anime No SL Pan

    ආදරෙයි පැලෙන්න.season 3 එන්නෙ කවද්ද කියල දන්න කෙනෙක් කියනවද

    1. Rusara nimnada

      thama season 2 iwara une ne thawa ep 17 thiyenawa thama sub 7 deela thiyenne

  6. Kalu

    ලංකන් weebs ❤️‍ thanks for sub

  7. Anonymous

    Demon slayer hari season 2 ekatath sub dennko bro

  8. Anonymous

    Season 2 ekatath denna. Eka awilla.

  9. Shehan sasanka

    සබ් එක සුපිරි
    Fulmetal alchemist series එකටත් සබ් ඕනේ

  10. gaming javeeya

    Lankan Weebs❤️❤️. ස්තූති සබ් එකට. S2 එකටත් ඕනේ.

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  12. TMZ

    S02 tath onaaaaaaa...Thaaams

  13. Anonymous

    මේකේ season එක ඉවරයි , අනික් ඒවටත් ඉක්මනින් සබ් දෙන්න..

  14. madushanka

    ithuru episodes walatath sub onee

  15. Pavith Wijesooriya

    ඔන්න mugen train arc එකත් සිංහල උපසිරසි එක්කම බැලුවා.කියලා වැඩක් නෑ,සබ් ටික නම් ගින්දර.නියමෙටම කරලා තියෙනවා.සුපිරී ලංකන් weebs.ඩීමන් ස්ලේයර් වලට දිගටම සබ් දෙමු ආ...ජය!
    ගොඩක් ස්තූතියි! ❤️

  16. Tharindu

    E machan mata meka wada karanne nane .aida danna

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. gihan

    බොහෝම ස්තුති උපසිරසියට

  19. Eranda Sandruwan

    Tax brother

  20. Hasindu

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...