මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ සබ් එක කරන්න පරක්කු වෙච්ච එක ගැන. ඊයේ (08) සබ් එකේ තුන් කාලක් විතර කරනකොට ෆයිල් එක කරප්ට් වෙච්ච නිසා ආයෙමත් මුල ඉඳන්ම සබ් එක හදන්න වුණා. ඒක තමයි පරක්කු වුණේ. ඒකට සමාව ඉල්ලනවා. එහෙනම් අපි බලමු අද සබ් එක දිහා. Disney Plus සහ Marvel එකමුතුවෙන් නිර්මාණය වෙන සීරීස් ටික සුපිරියටම…

මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ සබ් එක කරන්න පරක්කු වෙච්ච එක ගැන. ඊයේ (08) සබ් එකේ තුන් කාලක් විතර කරනකොට ෆයිල් එක කරප්ට් වෙච්ච නිසා ආයෙමත් මුල ඉඳන්ම සබ් එක හදන්න වුණා. ඒක තමයි පරක්කු වුණේ. ඒකට සමාව ඉල්ලනවා. එහෙනම් අපි බලමු අද සබ් එක දිහා.
Disney Plus සහ Marvel එකමුතුවෙන් නිර්මාණය වෙන සීරීස් ටික සුපිරියටම තිබුණා කියලා ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඉතින් අද මේ උපසිරසි අරගෙන එන්න හදන්නේ එහෙම නිකුත් වෙන හත් වෙනි සීරීස් එකට. ඒ තමයි Ms. Marvel. මේ වෙනකොට Disney Plus සහ Marvel එකමුතුවෙන් සීරීස් 6ක් නිකුත් වෙලා තියෙනවා. ඒවා තමයි,
මේ සීරීස් මාවල් රසිකයින් අතරේ සෑහෙන්න ජනප්‍රිය වුණා කියන එක කියන්න අවශ්‍ය නෑ. ඉතින් කලිනුත් කිව්වා වගේ අද මේ උණු උණුවේ අරගෙන එන්නේ Disney Plus එකට ආව අලුත් ම සීරීස් එක: මිස් මාවල්.
ඉතින් අපි මෙයා ගැන පොඩ්ඩක් දැනගෙන ඉමු.
මිස් මාවල් හෙවත් කමාලා ඛාන් ගැන කියනවා නම් මෙයා මාවල් කොමික් පිටු අතරට සාපේක්ෂව අලුත් චරිතයක්. සාමාන්‍යයෙන් චරිතයක් නිර්මාණය වෙන්නේ දෙන්නෙක් නැත්නම් තුන් දෙනෙක් අතින් වුණාට මිස් මාවල් නම් නිර්මාණය වෙන්නේ පුද්ගලයින් 5ක් විසිනුයි. එයාල තමයි Sana Amanat, Stephen Wacker, G. Willow Wilson, Adrian Alphona සහ Jamie McKelvie යන අය. මෙයා මුලින්ම කමාලා කාන් විදියට හඳුන්වා දෙන්නේ Captain Marvel #14 (කලාපයෙනුයි. ඊට පස්සේ 2014 වෙනකොට Ms. Marvel යටතේ මෙයාට සෝලෝ සීරීස් එකක් ලැබෙනවා. ඉතින් මෙයා මාවල් විශ්වයට සාපේක්ෂව අලුත් චරිතයක් කියලා කියන්න පුළුවන්. මෙයා Avengers, Champions, Secret Warriors, New Avengers ආදී කණ්ඩායම් බොහොමයක සාමාජිකාවක් වෙලා ඉඳලා තියෙනවා.
ඇත්තටම කියනවා නම් කමාලා කාන්ට කලින් Ms. Marvel වෙලා හිටියේ දැන් Captain Marvel විදියට අපි කවුරුත් දන්න කැරොල් ඩැන්වර්ස්. ඒත් එයා Captain Marvel වුණායින් පස්සේ Ms. Marvel තැනට කෙනෙක් වුවමනා වුණා. එතනින් තමයි කමාලා කතාවට අවතීර්ණ වෙන්නේ.
කමාලා ගැන පොඩි හැඳින්වීමක් කරනවා නම් මෙයා නිව් ජර්සිවල ජීවත් වෙන පාකිස්තානු-ඇමෙරිකානු ගෑණු ළමයෙක්. ඒවගේම ලොකු මාවල් රසිකයෙක්. මෙයාගේ ආසම වීරවරිය තමයි කැප්ටන් මාවල් හෙවත් එවකට මිස් මාවල්, කැරොල් ඩැන්වර්ස්. මෙයාගේ හොඳම යාළුවෝ තමයි බෲනෝ සහ නකීයා. බෲනෝ තමයි කොමික් වලදී මෙයාට එයාගේ බලයන් දියුණු කරගන්න උදව් කරන්නේ. ඒවගේම කමාලා මුලින්ම තමන්ගේ රහස්‍ය අනන්‍යතාවය හෙළි කරන්නෙත් මෙයාට තමයි.
ඉතින් කමාලාට බලය ලැබෙන විදිය ගැන කතා කරන්න ඉස්සර වෙලා අපට දැනගෙන ඉන්න වෙනවා මාවල් එකේ ඉන්න Inhumans ලා කියන කොට්ඨාසය ගැන. Inhumans ලා කියන්නේ කොමික් වල තියෙන විදියට නම් පිටසක්වළයන් විසින් විවිධාකාර පරීක්ෂණවලට ලක් කරපු සාමාන්‍ය මිනිස්සුන්ගෙන් පැවත එන්නන්. ඉතින් මෙන්න මේ විදියට පැවත එන්නන් ළඟ තියෙනවා Inhuman ජාන. ඒත් ඒවා ස්වභාවයෙන් අක්‍රීය වෙලා තියෙන්නේ. ‘ටෙරාජින් මිස්ට්’ හෙවත් ටෙරාජින් මීදුමට මෙයාලා නිරාවරණය වුණාම තමයි මෙන්න මේ කියන ජාන සක්‍රීය වෙලා මෙයාලගේ බලයන් මතු වෙන්න පටන් ගන්නේ. ඉතින් කමාලා කාන් කියන්නෙත් මේ වගේ Inhuman ලගෙන් පැවත එන්නෙක්.
එහෙනම් අපි බලමු මෙයාට බලය ලැබෙන විදිය. මේක අපි දකින්නේ 2014 වසරේ නිකුත් වුණු එයාගේ සෝලෝ මිනි සීරීස් එකේදී. කතාව පටන් ගන්නේ කමාලා පාටියකට යන්න එයාගේ දෙමව්පියන්ගෙන් අවසර ඉල්ලීමත් එක්ක. ඉතින් එයාට අවසර හම්බ නොවුණු නිසා එයා තීරණය කරනවා හොරෙන් හරි පාටියට යන්න. ඉතින් එයා හොරෙන්ම පාටියට ගියාට එයාට සිද්ධ වෙන්නේ එතන ඉන්න ළමයින්ගේ හාස්‍යයට ලක් වෙන්න. බෲනෝ එයාව ආරක්ෂා කරන්න හදනකොට එයාට පොඩි එකෙක් වගේ සලකන එක නවත්තන්න කියලා එයාගේ ඇඟටත් ගොඩවෙන කමාලා ඊළඟට කරන්නේ තරහින් ආපහු ගෙදර යන එක. ගෙදර යන අතරේ එයා දකිනවා මුළු නගරයම අමුතුම මීදුමකින් වැහිලා තියෙනවා. මේ තමයි ටෙරාජීන් මීදුම. මේක ආශ්වාස කරන මෙයාට ඊළඟට සිහිය නැති වෙනවා. එතකොට එයාට පේනවා එයාගේ ආසම වීරයින්ව: කැප්ටන් ඇමරිකා, අයන් මෑන් සහ විශේෂයෙන්ම, කැප්ටන් මාවල්. ඉතින් කැප්ටන් මාවල් එයාගෙන් අහනවා එයාට කවුද වෙන්න ඕනෙ කියලා. කමාලා මේකට උත්තරේ දෙන්නේ එයාට, කැප්ටන් මාවල් වගේ වෙන්න ඕනේ කියලා. කමාලා ඇහැරෙනකොට එයා දකිනවා එයා ඉන්නේ කෝෂයක් ඇතුළේ කියලා. එයා ඒක කඩාගෙන එළියට එනකොට එයා දකිනවා එයාව කැරොල් ඩැන්වර්ස් මිස් මාවල් වෙලා ඉන්න කාලේ ඇඳගෙන හිටපු කළු සහ කහ ඇඳුමෙන් සැරසිලා ඉන්නවා. ඉතින් මෙහෙම තමයි එයාට බලය හම්බවෙන්නේ.
කමාලාගේ බලයන් ගැන කතා කළොත් ප්‍රධාන වශයෙන්ම එයාට පුළුවන් තමන්ගේ ඇඟේ ඕනම කොටසක් විශාල කරන්න, කුඩා කරන්න නැත්නම් දික් කරන්න. ඒවගේම එයාට තමන්ගේ රූපය පවා වෙනස් කරගන්න හැකියාව තියෙනවා (Shapeshifting). ඉතින් මෙයාගේ බලයන් Marvel එකේ නම් Mister Fantastic ට, DC නම් Plastic Man ට බොහෝ දුරට සමාන බව පේනවා ඇති. මෙයාට තියෙන තවත් හැකියාවක් තමයි ඉක්මනින්ම තුවාල හොඳ කරගැනීමේ හැකියාව. එයා මිස් මාවල් වෙලා ඉන්නකොට ඇති වෙන තුවාල ආපහු කමාලා කාන් බවට පත් වුණු හැටියේම හොඳ වෙනවා. මේවා තමයි එයාට තියෙන බලයන්.
කොහොම වුණත් මෙයාව MCU එකට ගන්නකොට මෙයාගේ බලයන් ටිකක් වෙනස් කරන්න තීරණය කරලා ඇති බවක් තමයි පේන්නේ. එයාගේ බලයන්වලට දිලිසෙන ගතියක් එකතු කරලා තියෙනවා වගේම එයාගේ බලයන් බ්‍රේස්ලට් එකකින් ලැබෙන බව පේන්න තියෙනවා. මේක නිසා සමහර ෆෑන්ස්ලා ටිකක් මුස්පේන්තු වෙලා ඉන්න බව නම් කිව යුතුයි. ඒත් මේ තරම් ලොකු වෙනසක් කරන්න අනිවාරෙන්ම හොඳ හේතුවක් ඇති. කවුද දන්නේ? සමහර විට මේක ඉදිරියේ ඒමට නියමිත Secret Invasion එකට වේදිකාව සකස් කිරීමක් වෙන්නත් පුළුවන්. ඒක හොයාගන්න නම් ඉතින් කතාව බලන්නම වෙනවා.
කමාලා කාන් හෙවත් මිස් මාවල්ගේ චරිතය ලයිව් ඇක්ෂන් තිරයට අරගෙන එන්නේ රංගනයට කෝඩුකාරියක් වන Iman Vellani විසිනුයි. මේක තමයි ඇයගේ පළවෙනි ඇක්ටින් ජොබ් එක. ඉතින් මාවල් සීරීස් එකකින්ම තමන්ගේ රංගන ජීවිතය ආරම්භ කරනවා කියන්නේ සෑහෙන්න ලොකු වැඩක්. මීට අමතරව මේ සීරීස් එකට Fawad Khan, Aramis Knight, Matt Lintz, Yasmeen Fletcher, Rish Shah ආදී බොහොමයක් රංගනයෙන් දායක වෙනවා. මේ වෙනකොට කතාවට Rotten Tomatoes දර්ශකයේ 97%ක් සහ IMDb දර්ශකයේ 6.6ක අගයක් ලැබිලා තියෙනවා.
එහෙනම් අද කතාව රසවිඳිමු. ඊළඟ එපිසෝඩ් එකේ උපසිරසි සමඟ ලබන සතියේ හමුවෙමු. සුබ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
11,021 downloadsDownload Ms.-Marvel-S01-E01.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #2022
- #Alysia Reiner
- #Anjali Bhimani
- #Iman Vellani
- #Laurel Marsden
- #Marvel
- #Marvel Cinematic Universe
- #Matt Lintz
- #MCU
- #Rish Shah
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Yasmeen Fletcher
- #Zenobia Shroff
- #සනුප රන්මෙත්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
24 comments
Sandaru Nimsara
Anonymous
Thankyou
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Thilinda Randeera
ස්තූතිය සහෝ දිගටම දෙන්න
සචින්ත බෙනට්
සබට තුති සහෝ ❤️
kavinda gamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
Thanks for the sub!!!!!
Ccc
Web link eka nane
naneNimsara
2nd episode 1th dennnako ada
Darkmoon
thanks sgo sub ekt
Subhashitha
තුති වේවා
Binuka
Epi 2 ikmnt dennko
Nimsara
2nd episode 1th dennnako ada
Ravishna
Episode 2 ඉක්මනට
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
sahangayantha
thanks a lot saho sub ekata
lakshan
thanks ................
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Dewadithya
Thanks for sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
THISANGA
niymy thnks
Ravindra
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Ms. Marvel [S01 : E01] Sinhala Subtitles | මිස් මාවල් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/06/Ms.Marvel-2022.jpg)


සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️