Watch Trailer

Love Death + Robots [S03] Complete Season Sinhala Subtitles | රොබෝවරු තිදෙනා සහ බිහිසුණු මුහුදු ගමන [සිංහල උපසිරැසි] [18+]

ආයූබෝවන් හැමෝටම, ගොඩක් අය ආසාවෙන් නරඹපු කතාමාලාවක් වෙන Love Death and Robots 03 වෙනි කතා මාලාවට උපසිරසි ගන්වන්න අවස්ථාවක් ලැබුනා. මේක වෙන් වෙලා තිබුනේ අපි හිරාන් සහෝට උනත් එයාගේ කාර්‍යබහුලත්වය නිසා මේක මම භාරගත්තා. ඉතිං කලින් කතා සමයේ කොටස් 08කින් සමන්විත උනත් මේ කතා සමයේ කොටස් 09ක් තියෙනවා. ඒ වගේම…

ආයූබෝවන් හැමෝටම, ගොඩක් අය ආසාවෙන් නරඹපු කතාමාලාවක් වෙන Love Death and Robots 03 වෙනි කතා මාලාවට උපසිරසි ගන්වන්න අවස්ථාවක් ලැබුනා. මේක වෙන් වෙලා තිබුනේ අපි හිරාන් සහෝට උනත් එයාගේ කාර්‍යබහුලත්වය නිසා මේක මම භාරගත්තා. ඉතිං කලින් කතා සමයේ කොටස් 08කින් සමන්විත උනත් මේ කතා සමයේ කොටස් 09ක් තියෙනවා. ඒ වගේම 04 වෙනි කතා මාලාවක් ගැනනම් තාමත් නිශ්චිත තොරතුරක් නෑ. රසිකයන් ඒ පිළිබඳ නෙට්ෆ්ලික්ස් ආයතනයෙන් විමසුවම බොහොම ධනාත්මක ප්‍රතිචාර ලැබුනා කියලා සඳහන් වෙනවා. ඒ නිසා තවත් සීසන් එකක් එයි කියලා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඉතිං පරක්කුත් වෙලා තියෙන එකේ අපි මේ පාර තියෙන්නේ මොනවගේ කතාද කියලා ඉක්මනට බලලා ඉමු.

01. Three Robots: Exit Strategies – රොබෝවරු තිදෙනා නැවතත්

පලවෙනි කතා සමයේ දෙවෙනි කතාංගය වන Three Robots එකෙ හිටපු පිස්සු රොබෝලා තුන් දෙනාව මතකද ? මිනිස්සු ලෝකයෙන් වඳ වෙලා ගිහින් තියෙන කාලෙක මිනිස්සු කොහොමද හිටියෙ බලන්න තමයි මෙයාලා ආවේ. ඔහොම ඇවිදින ගමන් අයාලේ යන පූසෙක්ව හම්බෙලා අන්තිමට පූස් හමුදාවක්ම මෙයාලගේ පස්සේ ආවනේ. ඔන්න ආපහු සැරයක් මේ තුන්දෙනා මිනිස්සුන්ට මොකද උනේ බලන්න ආපහු පොඩි රවුමක් යනවා. මින්ස්සු වඳ උනේ කොහොමද ? බේරුන කවුරුවත්ම නැද්ද කියලා මේ කොටසෙන් බලාගන්න පුළුවන්.

02. Bad Travelling – බිහිසුනු මුහුදු ගමන

මේ කතා සමයේ මම පෞද්ගලිකවම ආසම කතාව තමයි මේක. මේ කොටස අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ සුප්‍රසිද්ධ ත්‍රාසජනක සිනමාපට අධ්‍යක්ෂක David Fincher මහත්මයා. මෙතුමගේ ෆිල්ම් බලලා තියෙන අය මෙයාගේ වැඩ ගැන දන්නවනේ. බිහිසුණු සමුද්‍ර ජීවීන් සිටින මුහුදක ගමන් කරන නෞකාවකට ගොඩවදින භයානක සහ අති දැවැන්ත කකුළුවෙකු සමඟ ගනුදෙනු කරන නාවිකයන් පිරිසකගේ ඉරණම මේ කතාවෙන් බලාගන්න පුළුවන්. Fincher මහත්මයගේ ත්‍රාසජනක රසය මේකෙත් උපරිමව ගැබ් කරලා තියෙනවා.

03. The Very Pulse of the Machine – යන්ත්‍රයක හදගැස්ම

ඈත අභ්‍යවකාශයේ සඳක් ගවේශනය කරන කාන්තා ගගනගාමීයෙක් හදිසි අනතුරකින් තම සහයකයා සහ යානය විනාශ වූ පසු දිවි ගලවා ගනු පිණිස මනස කළඹවන චාරිකාවක ගමන් කරන අතර ඇය යථාර්ථය සහ මායාව අතර දෝලනය වෙමින් ගමනේ යෙදෙන අයුරු ඔයාලත් නරඹන්න.

04. Night of the Mini Dead – සොම්බි ආක්‍රමණය

සෝම්බීන් එහෙමත් නැත්තම් පිල්ලීන් කියන අය ගැන හැමෝම දන්නවා නේද, ඒ ගැන විවිධ සිනමාපට රාශියක් නිපද වෙලා තියෙනවා වගේම මේ කතා සමයෙත් සෝම්බියන්ට කොටසක් වෙන් වෙලා තියෙනවා. රාත්‍රියේ සොහොනක විනෝදවන පෙම්වතුන් යුවලක් නිසා මුළු ලෝකෙම සෝම්බි තර්ජනයකට මුහුණ දෙන හැටි මේ කොටසෙන් පෙන්වනවා.

05. Kill Them All – වියරු ඝාතක යන්ත්‍රය

CIA ආයතනයේ රහස් ව්‍යාපෘතියකින් නිමවූ බිහිසුණු සයිබර්-ජානමය ඝාතක යන්ත්‍රයක් පාලනයෙන් තොර වෙනවා. මේ යන්ත්‍රය විනාශ කරන්න පැවරෙන්නේ වෙනත් මෙහෙයුමක සිටින ඇමරිකානු විශේශ බලකා කණ්ඩායමකටයි. ඔවුන්ට මේ සිත් පිත් නැති මෘගයා මෙල්ල කරන්න හැකි වේද ?

06. Swarm – අති බුද්ධිමත් ජාන පිටපත් ජීවියා

අතීතයේ ඉඳන්ම මිනිස්සු අනිත් සත්වයන්ට විශාල තර්ජනයක් උනා. ඒත් තවමත් මනුෂ්‍යන්ට සැලකිය යුතු තර්ජනයක් කරන්න තරම් හැකියාවක් තියෙන ජීවින් කොට්ඨාසයක් තවමත් බිහිවෙලා නෑ. ඒත් ඒ වගේ හැකියාවක් තියෙන ජීවින් කොටසක් මේ මන්දාකිණියේ කොහේ හෝ ඉන්නවනම්, තමන්ගේ අවස්ථාව එනකන් බලාගෙන.

07. Mason’s Rats – මේසන් සහ සුපිරි මීයෝ

ජෛව විවිධත්වය නිසා පරිණාමය වෙන්නේ මිනිස්සු විතරද ? එතකොට මිනිස්සු කරන පරිසර විනාශය නිසා සත්තු පරිණාමය උනොත්, මේසන් උන්නැහේගේ වී ගබඩාවේ මී ගොයියෝ ටිකත් ඕං කාලේ හැටියට වෙනස් වෙන්න පටන් අරන්.

08. In Vaulted Halls Entombed – උමං මාර්ගයේ අභිරහස් සිරකරුවා

ප්‍රණ ඇපකරුවෙක්ව කැරලිකරුවන්ගේ ග්‍රහණයෙන් මුදවා ගන්න මුඩු බිමක පිහිටි ස්වාභාවික උමං මාර්ගයක් තුලට අවතීර්ණ වන හමුදා කණ්ඩායමකට මුහුණ දෙන්න සිදුවන්නේ හාත්පසින්ම වෙනස් තර්ජනයකටයි. මොවුන්ට දිවි ගලවාගෙන උමගෙන් එළියට එන්න හැකිවෙයිද ?

09. Jibaro – අධික තණ්හාව විනාශයට මුල වේ

මෙවර කතා මලාවේ අති විශිෂ්ටම කතාංගය විදියට මේ කතාංගය හදුවන්න පුළුවන්. සතර අභිනයන්ගෙන් වාචික අභිනය ඉතාම අඩුවෙන් යොදාගෙන නිර්මානය කර ඇති මේ කොටසින් තණ්හාව නිසා මිනිසාගේ විනාශය සිදුවන අයුරු අපූරුවට නිරූපනය කරනවා.

ඔන්න ඔහොම තමයි මෙවර කතාංග ටික පෙළ ගැහිලා තියෙන්නේ. පළමු කතාමාලාව උපසිරසි ගන්වපු උදයංග සහෝවත්, දෙවෙනි කතාමාලාව උපසිරසි ගන්වලා මේ කතාමාලව මට කරන්න බාර දුන්නට හිරාන් සහෝටත්, ඒ වගේම චාමර සම්පත් සහෝදරයටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් උපසිරසිය අරන් ඔයාලගේ ප්‍රතිචාරත් එකතු කරගෙනම යන්න. ඉක්මනටම තවත් උපසිරසියකින් නැවත හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

5,657 downloadsDownload Love-Death-Robots-S03-Complete-Season-Sinhala-Subtitles.zip45 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

5,657 downloadsDownload Subtitles45 KB

34 comments

  1. Anuja Lakshitha

    thanks ayye sub ekt

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. No name

    Thanks sub ekata

  4. umesh

    thank you brother sub ekata

  5. Sandaru Nimsara

    සියලුම උපසිරැසිවලට බොහොම ස්තූතියි සහෝ❤️

  6. Suranjan

    Thanks....jayawewa....!

  7. Anonymous

    Sub ekt tnx sgo! EPISODE 9ට සබ් එක upload වෙලා නෑ වගේ. එකත් දාමු

    1. යුරාන් ධනුක (දනුවා)

      9 එපියේ කිසි දෙබසක් නෑ.

  8. fsfssdf

    epi 9 na

    1. අශාන් ලහිරු

      ඒකට සබ් ඕන නෑ දෙබස් නෑ

  9. Thilinda Randeera

    බලාගෙන හිටපුු එකක්, ස්තූතියි සහෝ. දිගටම දෙන්න ❤️

  10. Chandanvan93

    Thanks.kalayak balan hitiya

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  12. Bimsara Yashan(ඔලිව)

    බොහොම ස්තූතියි සහෝ සීසන් එකටම සබ් දුන්නට. ජයවේවා!

  13. Anonymous

    ❤️

  14. Pavith Wijesooriya

    සම්පූර්ණ සීසන් එකටම සබ් ලබා දීම ගැන ගොඩක් ස්තූතිවන්ත වෙනවා අයියේ.4 වෙනි සීසන් එකක් නිකුත් වුණොත් මේ වගේම උපසිරසි බලාපොරොත්තු වෙනවා.ජය!

  15. Anonymous

    episode 9 naa bn

    1. අශාන් ලහිරු

      ඒකට සබ් ඕන නෑ දෙබස් නෑ

  16. Tharindu

    episode 9 naa bn

    1. අශාන් ලහිරු

      ඒකට සබ් ඕන නෑ දෙබස් නෑ

  17. Anonymous

    Thanks Bro

  18. mahesha

    download karanna ba nee

  19. Sci-fi Pissa

    Supiri Bro......

  20. Danu

    E9 eka na

    1. අශාන් ලහිරු

      ඒකට සබ් ඕන නෑ දෙබස් නෑ

  21. Wikum

    කතා මාලාවේ අතිවිශිෂ්ඨම කතාවට සබ් එක නෑ මචං. ඒකත් දැම්මා නම් මරු..

  22. visal

    Casino cruise kiyala එකකට යනව සබ් එක ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑ ඇයි එ

  23. අසේල

    අඩේ.. පට්ටම මචං... බොහොම ස්තූතියි, ස්තූතියි කියන්න වචන මදි.. මේ අමාරු කාලයේ සැපෙන් සනීපෙන් සිටීමට ලැබේවා..!

  24. vishu

    ස්තූතියි

  25. Anonymous

    බොහොම ස්තූතියි මහත්මයා

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Anonymous

    ගොඩක් ස්තුතියි සහෝ මේ කරන සේවයට

  28. Supun Thiwanka

    මෙකෙ සීසන් 4 ආවා ඒකට සබ් එක දෙන්නකො. ලොකුවට මහන්සි වෙන්න දෙයක් නෑනෙ මෙ කතාවෙනම්. සිසන් එකටම එක දවසෙන් වගෙ සබ් එක දෙන්න පුළුවන්නෙ. සබ් එක දෙන්නකො ඒ නිසා.

  29. Sandaru Nimsara

    S 4 onee

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.