1995 වර්ෂයේ විකාශය වෙමින් මිනිත්තු 24 බැගින් වුනු කොටස් 26 පුරා දිග හැරුනු මේ Shinseiki Evangelion AKA Neon Genesis Evangelion ඇනිමෙ කතා මාලාව Action, Drama, Sci-fi, Suspense, Psychological, Mecha යන Genre වලට අයත් වෙනවා. Avant Garde හා Award Winning ඇනිමෙ එකක් බවට පත් වෙමින් masterpiece එකක් බවට ප…

1995 වර්ෂයේ විකාශය වෙමින් මිනිත්තු 24 බැගින් වුනු කොටස් 26 පුරා දිග හැරුනු මේ Shinseiki Evangelion AKA Neon Genesis Evangelion ඇනිමෙ කතා මාලාව Action, Drama, Sci-fi, Suspense, Psychological, Mecha යන Genre වලට අයත් වෙනවා. Avant Garde හා Award Winning ඇනිමෙ එකක් බවට පත් වෙමින් masterpiece එකක් බවට පත් වුනු මේ කතාවේ 19 හා 20 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ.🔥

කලින් කොටස්වල සිද්ධ වුනු දේ අපි දැන් කෙටියෙන් මතක් කර ගනිමු.

ඩිරැක් මුහුදේ ඒන්ජල්ගේ විනාශයෙන් පස්සෙ, ඒ ඒන්ජල් මිනිස්සුත් එක්ක සන්නිවේදනයක් ගොඩනගා ගන්න හදනවද කියල සමහරුන්ට සැක පහල වෙනවා. ඒ අතරෙ Nerv දෙවෙනි ශාඛාව ඒකෙ ඉදිකරමින් හිටපු Eva Unit-04 එක මිනිස්සුත් එක්කම අතුරුදහන් වෙලා කියල Nerv මූලස්ථානයට දැනගන්න ලැබෙනවා. එකපාරටම කමාන්ඩර් ඉකාරි මීළඟ එවා රොබෝ වෙනුවෙන් සිව්වන දරුවෙක් ව තෝරනවා. ඒ තමයි ශින්ජිගේ යාළුවෙක් වෙන ටෝජි සුසුහරා. Eva Unit-03 එකේ නියමුවා විදිහට ටොජිව යොදාගෙන Unit-03 එක ක්‍රියාත්මක කරන්න හදනකොට, ටෝජිගේ මනස ප්‍රතික්ෂේප කරන Unit-03 එක කෙලින්ම ඒන්ජල් කෙනෙක් බවට පත් වෙනවා. Unit-03 එකේ මේ පරිවර්තනය නිසා 13 වෙනි ඒන්ජල් විදිහට නම් කරන මේ ඒන්ජල්ව විනාශ කරන්න ශින්ජිට පැවරෙනවා. ඒත් ශින්ජිගේ ප්‍රතික්ෂේප කිරීම නිසා ඩමී නියමුවා ආධාරයෙන් Unit-03 එක දරුණු විදිහට විනාශ කෙරුනා. ඒත් ඒක ඇතුළෙ ඉන්නෙ ටෝජි බව ශින්ජි දන්නෙ නෑ.

ඩමී නියමුවා සහ ඩමී පේනුව කියල කියන්නෙ නිකන් හරියට auto pilot වගේ දෙයක්. හැබැයි auto pilot ම නෙමෙයි, මොකද ඒකට වෙනම කතාවක් තියෙනවා. ඒකත් ළඟදීම අපිට බලාගන්න පුලුවන්. මේකෙනුත් අපිට කරුණු දෙකක් ගැන සැක හිතෙනවා. එක තමයි එවා රොබෝලා කියල කියන්නෙ ඒන්ජල්ලාගේ පිටපත්ද කියන එක… අනික තමයි භෞතික නියමුවෙක් නැතුව එවා එකකට කොච්චර වියරු වෙන්න පුලුවන්ද කියන එක. ශින්ජි මේ කිසි දෙයක් දන්නෙ නෑ. මීළඟට මොකක් වේවිද? අපි දැන් ප්‍රවේශ වෙන්නේ Neon Genesis Evangelion ඇනිමෙ කතා මාලාවේ ගැඹුරුම හරියට. සියලු රහස් එකින් එක දිග ඇරෙන හරියට. ඒ වගේම හොඳම හරියට. මේ කොටස් දෙක බලල හොයාගන්නකො මොකද වෙන්නෙ කියලා. ඒ වගේම අපි මීළඟට අවතීර්ණ වෙන්නේ අතිශය රහසිගත තොරතුරු අඩංගු Directors Cut episodes වලටයි. උපසිරැසිය ගැන පහළින් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ කොටස් දෙකෙන් හමුවෙමු.👋

ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ BD පිටපත සදහා අදාළ වේ.

1,958 downloadsDownload Neon-Genesis-Evangelion-E19E20.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

1,958 downloadsDownload Subtitles33 KB

5 comments

  1. Anoma Miss

    one punch man anthima episode 2ka dpnko

  2. Anonymous

    Thanks

    1. ලංකන් Weebs

      ස්තූතියි.❤️

  3. kalana wasala

    THANKS...MCN

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P