1995 වර්ෂයේ විකාශය වෙමින් මිනිත්තු 24 බැගින් වුනු කොටස් 26 පුරා දිග හැරුනු මේ Shinseiki Evangelion AKA Neon Genesis Evangelion ඇනිමෙ කතා මාලාව Action, Drama, Sci-fi, Suspense, Psychological, Mecha යන Genre වලට අයත් වෙනවා. Avant Garde හා Award Winning ඇනිමෙ එකක් බවට පත් වෙමින් masterpiece එකක් බවට ප…

1995 වර්ෂයේ විකාශය වෙමින් මිනිත්තු 24 බැගින් වුනු කොටස් 26 පුරා දිග හැරුනු මේ Shinseiki Evangelion AKA Neon Genesis Evangelion ඇනිමෙ කතා මාලාව Action, Drama, Sci-fi, Suspense, Psychological, Mecha යන Genre වලට අයත් වෙනවා. Avant Garde හා Award Winning ඇනිමෙ එකක් බවට පත් වෙමින් masterpiece එකක් බවට පත් වුනු මේ කතාවේ අතිශය ගැඹුරුතම තොරතුරු අඩංගු 21 හා 22 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ.🔥

ඔන්න මම කලින් ලිපියේ අන්තිමට සඳහන් කළානෙ මීළඟට අරන් එන්නෙ Directors Cut episodes කියලා. මේකයි… මේ මුළු සීරීස් එකටම Director Cut episodes හතරක් තියෙනවා. ඒ තමයි 21,22,23,24 කියන කොටස් හතර. ඒ වගේම 21,22,23,24 කියන කොටස් හතරට Normal episodes හතරකුත් තියෙනවා. මේ Directors Cut episodes හතරේම run tima එක Normal episodes වල run time එකට වඩා වැඩියි. ඒ වගේම මේ කොටස් හතරේ Normal episodes වල නැති සිදුවීම් කිහිපයක්ම පෙන්නනවා. ඉතින් Normal episodes වලට වඩා Directors Cut episodes බලන එක අතිශයින්ම වැදගත්. ඉතින් Normal episodes හතර නොබැලුවත් කමක් නෑ කියලයි මම recommend කරන්නෙ. කොහොම වුනත් මේ මුළු කොටස් 8 ටම මම උපසිරැසි අරන් එනවා. එතකොට මේ ලිපියෙන් අරන් එන 21 හා 22 කියන කොටස්වලට උපසිරැසි 4 ක් අන්තර්ගත වෙනවා. ඒ තමයි Directors Cut උපසිරැසි 2 සහ Normal උපසිරැසි 2.

එහෙනම් කලින් කොටස්වල සිද්ධ වුනු දේ අපි දැන් කෙටියෙන් මතක් කර ගනිමු.

ඉතින් මිත්‍රවරුනි, ඔන්න එහෙනම් Neon Genesis Evangelion ඇනිමෙ කතා මාලාවේ අතිශය උද්වේගකර කොටස්වලටයි අපි මේ ප්‍රවේශ වෙන්නේ. ඇනිමෙ බලන හෝ නොබලන කෙනෙක් වේවා, තවමත් ඔයා මේ Dark Fantasy ය නොබැලුවා නම් හෝ අතරමඟින් නතර කළා නම් කියන්න තියෙන්නෙ ඔයා ලොකු වැරැද්දක් කර ගත්තා කියල තමයි. මේ වෙද්දි ශින්ජිගේ Unit-01 එකේ සැබෑ පිබිදීමක් අපිට බලාගන්න ලැබුනා. ඒ වගේම ඒ මට්ටමේදී Unit-01 එකත් එක්ක සටනට යන කෙනාට නම් No Chance ඉතින්. දකින්න ඇතිනෙ මුල්ම වතාවට Geo Front එක කඩාගෙන ඇතුළට ආපු ඒන්ජල්ට සලකපු විදිහ. 😶 ඒ වගේම නියමුවාත් ඩමී පේනුවත් ප්‍රතික්ෂේප කරපු Unit-01 එක ශින්ජි ඉකාරි එක්ක යම් සම්බන්ධයක් තියෙනවා කියල කතාව මුල ඉඳන් බලපු ඔයාට පැහැදිලි වෙන්න ඇති. කමාන්ඩර් ඉකාරිට අනුව හැම දෙයක්ම වෙන්නෙ එයාගෙ සැලැස්මට අනුවයි. මොනවද ඒ සැලසුම්? මේ හැම දේකම ආරම්භය කොතනද? කවදද? අපි යමු අතීතයට. අපි මීළඟට හමු වෙන්නෙ අන්තිම Directors Cut episodes දෙකෙන්. උපසිරැසිය ගැන පහළින් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ කොටස් දෙකෙන් හමුවෙමු.👋

ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ BD පිටපත සදහා අදාළ වේ.

935 downloadsDownload Neon-Genesis-Evangelion-E21E22-1.zip72 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

935 downloadsDownload Subtitles72 KB

3 comments

  1. Anonymous

    Superb animation

    1. ලංකන් Weebs

      Thank you.❤️

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P