1995 වර්ෂයේ විකාශය වෙමින් මිනිත්තු 24 බැගින් වුනු කොටස් 26 පුරා දිග හැරුනු මේ Shinseiki Evangelion AKA Neon Genesis Evangelion ඇනිමෙ කතා මාලාව Action, Drama, Sci-fi, Suspense, Psychological, Mecha යන Genre වලට අයත් වෙනවා. Avant Garde හා Award Winning ඇනිමෙ එකක් බවට පත් වෙමින් masterpiece එකක් බවට ප…

1995 වර්ෂයේ විකාශය වෙමින් මිනිත්තු 24 බැගින් වුනු කොටස් 26 පුරා දිග හැරුනු මේ Shinseiki Evangelion AKA Neon Genesis Evangelion ඇනිමෙ කතා මාලාව Action, Drama, Sci-fi, Suspense, Psychological, Mecha යන Genre වලට අයත් වෙනවා. Avant Garde හා Award Winning ඇනිමෙ එකක් බවට පත් වෙමින් masterpiece එකක් බවට පත් වුනු මේ කතාවේ අතිශය ගැඹුරුතම තොරතුරු අඩංගු 23 හා 24 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ.🔥

මේකෙත් මීට කලින් කොටස් වගේම Directors Cut episodes 2 ක් ඇතුළත් වෙනවා. ඒ වගේම මේ 2 තමයි අන්තිම Directors Cut episodes 2 වෙන්නෙ. ඉතින් මෙතනත් මීට කලින් වතාවෙ වගේම මුළු උපසිරැසි 4 ක් අරන් ඇවිත් තියෙනවා. අපි දැන් සීරීස් එකේ අවසානයට ළං වෙලයි ඉන්නේ. එහෙනම් කලින් කොටස්වල සිද්ධ වුනු දේ අපි දැන් කෙටියෙන් මතක් කර ගනිමු.

කලින් කොටස් වලින් අපිට අවුරුදු 15 කට කලින් සිදුවීම් මාලාවක් බලාගන්න පුලුවන් වුනා. ඒ වගේම අතිශය රහසිගත තොරතුරු වගයකුත් එක්ක, මේ හැම සැලසුමක්ම කාගෙද කියල අපිට දැනගන්න ලැබුනා. මුල ඉඳන්ම අපිට දකින්න ලැබුනු දෙයක් තමයි අසුකා කැපී පේන්න ගොඩක් කැමති කෙනෙක් කියන එක.ඒත් හැමවෙලේම වගේ අසුකාට වඩා ශින්ජිව කැපිල පෙනුනා. මේ නිසා හැමවෙලේම තමන් පැරදුනායි කියල හිතන අසුකා දැන් හැමෝටම වෛර කරන තත්වයට පත් වෙලා. මිසාතෝගේ ගෙදර තිබුනු සමගිය නැති වෙලා ගිහින්. ඒ අතරෙ තවත් ඒන්ජල් ප්‍රහාරයක් එල්ල වෙනවා. මේක කලින් එල්ල වුනු ප්‍රහාරවලට වඩා සෑහෙන්න වෙනස් ප්‍රහාරයක්. මොකද මේ ප්‍රහාරය එල්ල වෙන්නෙ අභ්‍යවකාශයේ ඉඳන් වගේම ඒක එවා රොබෝ නියමුවාට එල්ල කරන මානසික ප්‍රහරයක් වෙනවා. තමන් ගැන තියෙන අධිතක්සේරුව නිසා මේ ප්‍රහාරය ඉල්ලගෙන කන අසුකා Unit-02 එකත් එක්ක සම්පූර්ණයෙන්ම අඩපණ වෙනවා. ශින්ජි කමාන්ඩර් ඉකාරිගේ තහනමකට ලක් වෙලා පැත්තකට වෙලා ඉන්නවා.

සුපිරි දිගු දුර ස්නයිපර් ප්‍රහාරයකින් වත් විනාශ කරන්න බැරි නිසා, කමාන්ඩර් ඉකාරිගේ නියෝග මත “ලොන්ගිනස් හෙල්ලය” මඟින් ඒන්ජල්ව විනාශ කරන්න රෙයි අයනමි සමත් වෙනවා. ලොන්ගිනස් හෙල්ලය කියන්නෙ මොකක්ද කියල ඔයා මේ වෙනකොටත් දන්නවා ඇති. අසුකා මනසින් තවත් පහළට වැටෙනවා. ඊට පස්සෙ අවසාන ඒන්ජල්ගේ පැමිණීම සිද්ධ වෙනවා. ඒ කියන්නෙ “සීලේ” ඒකේ දර්ශනය අනුව, සැලැස්ම අනුව එන අවසාන ඒන්ජල්. මේ එන්ජල් නිසා ශින්ජිට සහ Nerv එකට පෙර නොවූ විරූ දෙයකට මුහුණ දෙන්න වෙනවා. මේ පාර හැමෝම මුහුණ දෙන සිදුවීම මොකක්ද? කවුද මේ අවසාන ඒන්ජල්?

මේ කොටස් පෙළ තමයි මුළු කතාවෙන්ම අතිශය වැදගත් කොටස් වෙන්නෙ. මොකද මුල ඉඳන් ම අපිට කුතුහලයක් වුනු හුඟක් දේවල් වලට උත්තර මේ කොටස් වලදි හම්බ වෙනවා. විශේෂයෙන්ම මේ Directors Cut episodes වලදි අපිට මුණ ගැහුනු දේවල්. බලන්නකො එහෙනම් මොකද වෙන්නෙ කියලා. අපි දැන් Neon Genesis Evangelion ඇනිමෙ කතා මාලාවේ අවසානයට ළං වෙලයි ඉන්නේ. අවධානයෙන් නරඹන්න මේ කොටස් ඔක්කොම. උපසිරැසිය ගැන පහළින් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් මීළඟට අවසාන කොටස් දෙකෙන් හමුවෙමු.👋

ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

  Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති උපසිරසියෙ BD පිටපත සදහා අදාළ වේ.

1,085 downloadsDownload Neon-Genesis-Evangelion-E23E24-1.zip62 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1All BT1Next BT1

Subtitles

1,085 downloadsDownload Subtitles62 KB

1 comment

  1. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.