1995 වර්ෂයේ විකාශය වෙමින් මිනිත්තු 24 බැගින් වුනු කොටස් 26 පුරා දිග හැරුනු මේ Shinseiki Evangelion AKA Neon Genesis Evangelion ඇනිමෙ කතා මාලාව Action, Drama, Sci-fi, Suspense, Psychological, Mecha යන Genre වලට අයත් වෙනවා. Avant Garde හා Award Winning ඇනිමෙ එකක් බවට පත් වෙමින් masterpiece එකක් බවට ප…

1995 වර්ෂයේ විකාශය වෙමින් මිනිත්තු 24 බැගින් වුනු කොටස් 26 පුරා දිග හැරුනු මේ Shinseiki Evangelion AKA Neon Genesis Evangelion ඇනිමෙ කතා මාලාව Action, Drama, Sci-fi, Suspense, Psychological, Mecha යන Genre වලට අයත් වෙනවා. Avant Garde හා Award Winning ඇනිමෙ එකක් බවට පත් වෙමින් masterpiece එකක් බවට පත් වුනු මේ කතා මාලාවේ අවසාන කොටස් දෙක එක්කයි ඔයා මේ එකතු වෙන්නෙ.🔥
දැන් ලොකුවට වර්ණනා කරන්න දෙයක් නෑ. මුල ඉඳන්ම බලපු අය දන්නවා කතාවෙ තියෙන dark ගතිය, deep ගතිය. ඒ විදිහට ක්‍රම ක්‍රමයෙන් කැප කිරිම් එක්ක ගලාගෙන ආපු, ගැට ලෙහමින් ආපු මේ Neon Genesis Evangelion ඇනිමෙ කතා මාලාවේ අවසානයටයි මේ ඇවිල්ල තියෙන්නෙ. එහෙනම් කලින් කොටස්වල සිද්ධ වුනු දේ අපි දැන් කෙටියෙන් මතක් කර ගනිමු.
16 වෙනි ඒන්ජල් ට මුහුණ දීමත් එක්ක, ශින්ජිව බේරා ගැනීමේ අරමුණින් රෙයි තමන්ගේ Unit-00 එකත් කැප කරල ඒන්ජල් එක්කම පුපුරවා ගනිමින් අවසන් ගමන් යනවා. රෙයි අයනමි කියල කියන්නෙ සැබෑ රෙයි අයනමිද? රෙයි අයනමි කියන මනුෂ්‍ය ස්වරූපය රැගත් තවත් රෙයි අයනමිලා බොහොමයක් කමාන්ඩර් ඉකාරිගේ සැලැස්මට අනුව නිපදවලා තියෙනවා. තමන් කිසි දවසක හෙළි නොකරපු තිත්ත ඇත්ත, දෙවියන් නිර්මාණය කිරීමේ තිත්ත ඇත්ත ඩොක්ටර් රිට්සුකෝ විසින් මිසාතෝ සහ ශින්ජි ඉදිරියේ පාපොච්චාරණය කරනවා. ඒ අතරෙ පස්වෙනි දරුවාගේ පැමිණීම සිද්ධ වෙනවා. අසුකා වෙනුවට එන ආදේශකයා තමයි මේ එන්නෙ. හරිම ඉක්මනින්ම ශින්ජිගේ හොඳ යාළුවෙක් බවට පත් වෙන මේ පස්වෙනි දරුවා හෙවත් “කවොරු නගිසා”, එක පාරටම නියමුවෙක් නැතුවම අසුකාගේ Unit-02 එක ක්‍රියාත්මක කරනවා. එවා එකක් තනි බලයකින් ක්‍රියාත්මක කරන්න පුලුවන් කාටද?
සීලේ එකේ සැලැස්මට අනුව පස්වෙනි දරුවා විදිහට ආපු මේ ඒන්ජල් හා ගැටෙන්න Unit-01 ප්‍රමුඛ ශින්ජිට සිද්ධ වෙනවා. ඒත් අන්තිමේදි තෙවන ඝට්ටනය(Third Impact) සිද්ධ කරලා මනුෂ්‍ය වර්ගයා විනාශ කිරීමේ තම අරමුණ පැත්තකට දාලා, ශින්ජි අතින්ම මැරෙන්න පස්වෙනි දරුවා විදිහට ආපු මේ ඒන්ජල් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා. “මළ මුහුදේ ලියවිලි” වලට අනුව පැමිණෙන අවසාන ඒන්ජල් ඒ විදිහට මිය ගියා. මළ මුහුදේ ලියවිලි අවසානයිද? කමාන්ඩර් ඉකාරිගේ වෑයම මොකක්ද? අසුකා,රෙයි,ශින්ජිගේ දෛවය ලියවිලා තියෙන්නෙ කොහොමද? මේ වෙන කොට කතාවෙ හුඟක් රහස් එළි වෙලා ඉවරයි. හැබැයි මානව උපකරණත්ව ව්‍යාපෘතිය තවමත් ක්‍රියාත්මකයි! තෙවන ඝට්ටනය සිද්ධ වෙලා මිනිස් සංහතිය විනාශ වීමේ ඉඩ කඩක් තාමත් තියෙනවද? මේ අවසානයම නෙමෙයි…
ඔන්න දවස් 13 ක් පුරාවට ඔයාගෙ anime fantasy යට වෙනසක් අරන් ආපු ඒ masterpiece එක, Neon Genesis Evangelion ඇනිමෙ කතා මාලාව මෙතනින් ඉවර වෙනවා. කතාව මීට කලින් හුඟ දෙනෙක් බලල නැතුව ඇති, මොකද මම පටන් ගන්නකොට කිව්වත් වගේ බහුතරය hype series ටික පස්සෙ විතරක් දුවන නිසා. විශේෂයෙන් ලංකාවෙ anime fandom එකට අලුත් අය. කොහොමින් කොහොම හරි මේ කතාවෙ රසයට, කතා සාරයට කිසිම බාධාවක් නොවෙන්න උපසිරැසිය හරියට අරන් ආවායි කියල මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම කතාවෙ අන්තිමට ඔයාගෙ ජීවිතයට හොඳ පන්නරයක් ලැබෙන දෙයකුත් ලැබේවි. මොකද මේ කතාව මිත්‍රත්වය,ආදරය,තනිකම,කැපකිරීම්,මනුෂ්‍යත්වය කියන කාරණා එක්කම ගලාගෙන ආපු කතාවක්. අන්න ඒ නිසාමයි මේක masterpiece එකක් වෙන්නත් හේතු වුනේ. සුපුරුදු විදිහට උපසිරැසිය ගැන ඔයාගෙ comment එක පහළින් දාගෙන යන්න අමතක කරන්න එපා. මේ කතාවෙ කියනවා වගේ ‘යා යුතු මග දුරයි, කැපකිරීම් ගොඩයි.’ මීළඟට තවත් අඳුරුතම අවසානයක් රැගත් “The End of Evangelion” චිත්‍රපටයෙන් තව නොබෝ දිනකින් හමුවෙමු. හැමෝටම සුභ වේවා ජය වේවා! අරිගතෝ🙏
ලංකන් weebs උපසිරැසි කණ්ඩායම වෙනුවෙන් – හසරංග නදීෂ

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ BD පිටපත සදහා අදාළ වේ.
990 downloadsDownload Neon-Genesis-Evangelion-E25E26.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
13 comments
Anoma Miss
Anonymous
Puluwan ikmanata film tika denna .rllata balanna.good luck
ලංකන් Weebs
Thank you.❤️
Ishan Madusha
බොහෝම ස්තූතියි. ජය වේවා!
ලංකන් Weebs
ස්තූතියි.❤️
ලංකන් Weebs
ස්තූතියි.
Subhash
ඔයාලගෙ කැප කිරීම වෙනුුවෙන් බොහොම ස්තූතියිි.දැනට ලොකු පිරිසක් මේව නැරඹුවෙ නැති වුනාට Fandom ඒව මේ කරන කැපතිරීමත් එක්ක ඉදිරි කාලයෙදි වැඩි වෙයි. මුලදි කටුක වුනත් ඉස්සරහට හොද කාලයක් ඒවි anime fandom එකට ලංකාවේ. ඉස්සරහට මේ වගේ ලංකාවේ ලොකු hype නැති හොද series , Film වලට සබ් ගේමු
ලංකන් Weebs
අපිට හුඟක් වටින කමෙන්ට් එකක්.අපිත් ඔය විදිහටම හිතල තමයි මේ වෙනස පටන් ගත්තේ. බොහොම ස්තූතියි සහෝ ඔයාගෙ අදහසට.ලොකු හයියක් මේක.❤️
Dilshan buddika
Supiri
ලංකන් Weebs
ස්තූතියි.
kalana wasala
THANK YOU SO MUCH FOR YOUR HARD WORK BROTHER.THIS IS A GREAT SERIES..
kalana wasala
THANK YOU SO MUCH FOR YOUR HARD WORK BROTHER.THIS IS A GREAT SERIES..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Neon Genesis Evangelion [ E25 & E26] Sinhala Subtitles | සිතේ යදම් බිඳිමින් අවසානය කරා… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/Neon-Genesis-Evangelion-1995-2.jpg)


ado one punch man dpnko