Never Have I Ever Sinhala Subtitles හොඳයි, පුරා කතාංගයන් 40ක් මේ කාලය පුරවටම දිගටම මම නොනවත්වා ඔයාලට අරගෙන ආවා. දැන් නම් මහන්සියි. ඔයාලා මේ වෙනකන් මේ සීරිස් එක ආසාවෙන් රසවිඳින්න ඇති කියලා මම හිතනවා. අද පෙර කොටසේ වුණ දේවල් ගැන මම කතා කරන්න හිතන්නේ නෑ, මෙතෙක් අදහස් දක්වගෙන ගිය හැමෝටම ස්තූතියි. මේ කතා…

Never Have I Ever Sinhala Subtitles

හොඳයි, පුරා කතාංගයන් 40ක් මේ කාලය පුරවටම දිගටම මම නොනවත්වා ඔයාලට අරගෙන ආවා. දැන් නම් මහන්සියි. ඔයාලා මේ වෙනකන් මේ සීරිස් එක ආසාවෙන් රසවිඳින්න ඇති කියලා මම හිතනවා. අද පෙර කොටසේ වුණ දේවල් ගැන මම කතා කරන්න හිතන්නේ නෑ, මෙතෙක් අදහස් දක්වගෙන ගිය හැමෝටම ස්තූතියි.

මේ කතා මාලාව ඔයාලා අතරට ගේන්න ලැබීම ගැන මට සතුටුයි. සීසන් හතරක් පුරාවට මම උපසිරැසි නිර්මාණය කරන්න ගොඩක් මහන්සි වුණා. මේ උපසිරැසි කරන එකට වඩා හපන් ලිපි ලියන එක. මම මගේ වෙන වැඩ වලට යොදාගන්න තිබ්බ කාලෙන් කොටසකුත් මේකට වෙන් කළා. ඒත් ඔයාලා මේක බලලා සතුටු වෙනවා දකිනකොට ඒ මහන්සිය අමතක වෙනවා.මම ඊළඟට තව ලස්සන කතා මාලා කීපයක් ඔයාලා වෙනුවෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒවගේම මේ කතා මාලාව ගැන කියනවා නම්, මේක ගොඩක් හොඳ කතාවක්. හිනා වෙන්නත් පුළුවන්, දුක හිතෙන තැනුත් තියනවා. ඉන්දියානු සංස්කෘතියත් පෙන්නලා තියනවා. දේවිගේ තාත්තා නැති වුණාම ඇති වුන දුක ගොඩක් හොඳට පෙන්නලා තියනවා.
ඇත්තටම කියනවා නම් මේ කතාව බලන්න වටිනවා. ‍යම් තැන් වල අඩුපාඩු තිබ්බත් මේක ගොඩක් හොඳ කතාවක්. මම මේක උපසිරැසි කරන්න ගත්ත තීරණය ගැන සතුටුයි. ඔයාලත් මේ කතාව බලලා සතුටු වෙයි කියලා මම හිතනවා. ඉස්සරහට තව හොඳ කතා මාලා ගේන්නම්. ඒවටත් මේ වගේම උපසිරැසි හදලා දෙන්නම්. මේ වැඩේට මට comment එකකින් උදව් කරපු හැමෝටම ස්තූතියි. මේක කියවන ඔයාලටත් ස්තූතියි.

S04E10 (හතරවන කොටසේ දහවන එපිසෝඩය)

අන්තිම කොටසෙදි දේවිලට යාළුවන්ගෙන් වෙන්වෙන්න වෙනවා. මොකද හැමෝම යන්නේ වෙන වෙන තැන්වලට. හැමෝම එකට ඉඳල කරපු දේවල් මතක් කරනවා. පාසල් ජීවිතේ අවසානය ළං වෙද්දි දේවි හිතනවා තමන්ගේ ඉස්කෝලේ ගමන, සම්බන්ධතා, සහ තමන් දියුණු වුණු හැටි ගැන. දේවි තාත්තගේ මරණෙන් පස්සේ තිබ්බ දුක දැන් අඩුයි. දැන් කෙල්ල ජීවිතේ ඉස්සරහට යන්න ලෑස්තියි. සීසන් එක ඉවර වෙන කොටස සමහර දේවල් අවසන් කරන ගමන් අලුත් පටන් ගැනීම් වලට මඟ පාදනවා. බලන අයට සෑහීමකට පත් වෙන්න පුළුවන්. ඊළඟට මොනවා වෙයිද කියලා බලන් ඉන්න හිතෙනවා.
මේ කොටස් ටිකෙන් පෙන්නන්නේ කෙනෙක් වැඩිහිටියෙක් වෙන විදිහ, සමාව දෙන එක, ඉස්සරහට යන එක වගේ දේවල්.

දේවිගේ පාසල් ජීවිතේ ලස්සනට ඉවර වෙයිද ? එහෙම නැතිවෙයිද ?

මුළු කතාවම ගත්තම තුන්වෙනි සහ හතරවෙනි සීසන් දෙකම හරිම ලස්සනයි. තුන්වෙනි සීසන් එකේදී දේවි තමන් ගැන හිතන විදිය වෙනස් කරගන්න උත්සාහ කරනවා. හතරවෙනි සීසන් එකේදී දේවි එයාගේ අනාගතේ ගැන හිතනවා.

ආදර කතා තිබුණත්, මේ කතාවේ තියෙන හොඳම දේ තමයි පවුලේ අය එක්ක තියෙන සම්බන්ධතා, දුක, සතුට, සහ ඉන්දියානු සංස්කෘතිය ගැන කතා කරන හැටි. දේවිගේ චරිතය වෙනස් වෙන හැටි අපිට හොඳට පේනවා. මේ කතාව පාසලේ යොවුන් කාලේ ගැන කියන හරිම ලස්සන කතාවක්.
දේවි මේ සීසන් එකේදී ගොඩක් වෙනස් වුණු චරිතයක් විදිහට තමයි අපිට පෙනෙන්නේ. කලින් සීසන් වල හිටපු අවුල් කරන, නොහිතා වැඩ කරන දේවි වෙනුවට, දැන් ඉන්නේ වගකීම් දන්න, පරිණත දේවි කෙනෙක්.

එයා පැක්ස්ටන් සහ බෙන් එක්ක තිබුණු සම්බන්ධතා වල ගැටළු විසඳන්න උත්සාහ කරනවා. ඒත් ඊටත් වඩා වැදගත් දෙයක් තමයි දේවි දැන් තමන් ගැන හොඳ අවබෝධයක් ඇතිව කටයුතු කරන එක. යාළුවන් එක්ක තිබුණු ප්‍රශ්න, අම්මා එක්ක තිබුණු දුරස්කම් – මේ හැම දෙයක්ම විසඳගන්න එයා උත්සාහ කරනවා.

ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්න යන එක දේවිගේ ලොකුම හීනයක්. ඒ හීනේ සැබෑ කරගන්න යන ගමනේදී එයාට තවත් බොහෝ දේවල් ඉගෙන ගන්න ලැබෙනවා…

අන්තිම එපිසෝඩ් එක ඔයාලට බලන්න තියෙන නිසා, ඒකේ සිද්ධ වෙන දේවල් ගැන මම කියන්නේ නෑ. ඒත් මේ සීසන් එක මුළුල්ලෙම දේවිගේ චරිතය ගොඩක් ලස්සනට පෙන්නුම් කරලා තියෙනවා. මේක ඇත්තටම හරිම සාර්ථක අවසානයක් කරා යන ගමනක්.

 


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

499 downloadsDownload Never-Have-I-Ever-S04E10.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Never Have I Ever Sinhala Subtitles

All BT1All BT1

Subtitles by

UD Shehan

Subtitles

499 downloadsDownload Subtitles25 KB

3 comments

  1. hasa

    thank you

  2. Sandaru Nimsara

    සීසන් 4 ටම තෑන්ක්ස් මචං❤️

  3. sanda

    Thank you sub ekata ! Lassana series ekak. harima asawen baluwe. Elangata Anne With E english series ekata sub dennako!