Star Wars. ස්ටාර් වෝර්ස් කියන්නෙ 1977 ඉඳන් එන ජෝර්ජ් ලූකස් මහත්තය පටන් ගත්ත ස්පේස් ඔපෙරා එකක්. එදා ඉඳන් අද වෙනකල් එක එක කතාන්දර මේ යුනිවර්ස් එකේ නිර්මාණය උනා වගේම අනාගතයෙත් කියන්න පුලුවන් කතාන්දර අප්‍රමාණ ගාණක් මේ යුනිවර්ස් එකේ ඉතුරු වෙලා තියෙනවා. ස්ටාර් වෝර්ස් වල ලයිව් ඇක්ෂන් ෆිල්ම් ටික හැමෝම ද…

Star Wars. ස්ටාර් වෝර්ස් කියන්නෙ 1977 ඉඳන් එන ජෝර්ජ් ලූකස් මහත්තය පටන් ගත්ත ස්පේස් ඔපෙරා එකක්. එදා ඉඳන් අද වෙනකල් එක එක කතාන්දර මේ යුනිවර්ස් එකේ නිර්මාණය උනා වගේම අනාගතයෙත් කියන්න පුලුවන් කතාන්දර අප්‍රමාණ ගාණක් මේ යුනිවර්ස් එකේ ඉතුරු වෙලා තියෙනවා.
ස්ටාර් වෝර්ස් වල ලයිව් ඇක්ෂන් ෆිල්ම් ටික හැමෝම දන්නවනෙ. හැබැයි ඉතින් එතනින් මේ කතා නතර වෙන්නෙ නැ. ඇනිමේෂන් ෆිල්ම්, ඇනිමේෂන් සීරිස්, ලයිව් ඇක්ෂන් සීරිස්, ගේම්ස්, කොමික්ස්, ග්‍රැෆික්ස් නවල්ස් මේ යුනිවර්ස් එකට අයිතියි වගේම සමහරක් ඇරෙන්න බහුතරයක් ප්‍රධාන ටයිම්ලයින් එකට කැනොන් වෙනවා.
ෆිල්ම් වල තිබුනු සමහර සිද්දි ඉවර උනේ ඇනිමේෂන් සීරිස් වල. එක සීරිස් එකක තියෙන සමහර ස්ටෝරි ඉවර උනේ වෙනත්ම සීරිස් එකකදි. සමහර කොමික් වල තියෙන සිද්දි ඉවර වෙනනෙ ඇනිමේෂන් හෝ ලයිව් ඇක්ෂන් වලදි. ඉතින් මේ වගේ හැමදේම එකට කනෙක්ට් උන ලස්සන යුනිවර්ස් එකක් මේක.
ඉතින් මේ විදියට යද්දි අපි හැමෝම ආදරය කරන ඩේව් ෆිලෝනි මහත්තය නිර්මාණය කරනවා තවත් ලස්සන සීරිස් එකක්. මේක නමින් Tales Of The Jedi. විනාඩි 12-17 අතර එපිසෝඩ් 6කින් මේ සීරිස් එක සමන්විත උනා. ක්ලෝන් වෝර් සීරිස් එකට සම්බන්ද සීරිස් එකක් විදියට මේක නිර්මාණය උනා. ෆෑන් ෆේවරිට් Ahsoka මේ සීරිස් එකේ හයිලයිට් කැරැක්ටර් එක උනා.
ඒ සීරිස් එක සාර්තක උන නිසාම Tales නමින් සීරිස් තවත් නිර්මාණය කරන්න තීරණය උනා. පලවෙනි පාර ජෙඩායිලට චාන්ස් එක දුන්න නිසා ඊලඟ පාර විලන්ස්ලට චාන්ස් එක ලැබෙනවා. මේක නමින් Tales Of the Empire. මේක එපිසෝඩ් හයකින් සමන්විත උනා වගේම ස්ටෝරි දෙකකින් සමන්විත උනා. The Mandalorien S2 එකෙන් අඳුන්වල දීල Ahsoka සීරිස් එකේ ප්‍රධාන චරිතයක් උන Morgan Elsbeth ගේ අතීත කතාවක් වගේම Episode II වල ෆස්ට් ඇපියරන්ස් එක අරන් ක්ලෝන් වෝ වල එපිසෝඩ් ගනනාවක වගේම ග්‍රැෆික් නවල්ස්, ඕඩියෝ බුක් වල දැකගන්න ලැබුනු Barriss Offee ගේ කතාන්දරයක් දැකගන්න ලැබෙනවා.
තුන්වෙනි පාර ෆිලෝනි මහත්තය අපිට පෙන්නන්න විදි මට්මේ කතාන්දර දෙකක්. මේ තුන්වෙනි වතාවෙ නම තමයි Tales Of The Underworld. මේ වතාවේ අපිට හම්බවෙනනේ අසාජ් වෙන්ට්‍රස් වගේම ෆෑන් ෆේවරිට් විලන් කෙනෙක් උන කැඩ් බේන් ව.
අසාජ් වෙන්ට්‍රස්ට මේ යුනිවර්ස් එකේ ලස්සන බිලඩප් එකක් දුන්නා. ස්පෙෂලි කලෝන් වෝ වල ලස්සන ගමන් තිබුනා. ඒ වගේම 2015 දී ආපු Star Wars canon වලට අයිති Star Wars: Dark Disciple ග්‍රැෆික් නවල් එකේදී වෙන්ට්‍රස්ව මරා දැම්මා වගේම මේ සීරිස් එක එනකල් එයා මරණයෙන් ආපු හැටි හෙලි කරලා තිබුනේ නැහැ. ග්‍රැෆික් නවල් එකට අනුව කවුන්ට් ඩූකුගේ ෆෝර්ස් ලයිට්නින් වලින් ක්වින්ලන් වොස් ආරක්ෂා කිරීමට ඇය සිය ජීවිතය පූජා කරා. ඇයගේ දේහය ඇගේ නිජබිම වන ඩතොමීර් වල නයිට් සිස්ටර් තටාකයක තැන්පත් කරනවා. මේ සීරිස් එක පටන් ගන්නේ අන්න එතනින්.
ඒ වගේම දෙවෙනි ස්ටෝරිය වෙන කැඩ් බේන්ගේ ස්ටෝරිය නම් ෆෑන්ස්ලට තෑග්ගක්ම තමා. කැඩ් බේන් ෆෑන් ෆේවරිට් විලන් කෙනෙක් උන පාත් එක ලස්සනට පෙන්නුව වගේම මේ කතාන්දරය අනාගත තවත් ප්‍රොජෙක්ට් එකකින් ඉසසරහට ගලන් යයි කියලත් ඉඟි කරා.
ඔන්න එහෙනම් අද අරගෙන එන්නෙ සීරිස් එකෙ තුන්වන සීසන් එකට. ඒ තමා Tales Of Underworld. මේකටත් ඔන්න සුපුරුදු පරිදි මගෙ සපෝට් එකට අපේ හිතාදර තිසර සහෝ හිටියා. ඒ නිසාම ඔහුවත් මතක් නොකර කොහොමද. එහෙනම් හැරෙමු කතාව පැත්තට. ස්පොයිල් වෙයි කියලා හිතනවා නං, මෙතනින් එහාට ලිපිය කියවන්න එපා කියලත් ඔන්න කලින් ලිපියෙ වගේම මේකෙදිත් මතක් කරනවා.
අද කතාව ගැන කෙටියෙන්…,
මරණයෙන් අවදිවෙන අසාජ් වෙන්ට්‍රස් තම පෙර කල්-කිරියාවන් අමතක කර, ආරක්ෂකයෙක් ලෙස අලුත් ජීවිතයක් ගත කරමින් සිටිනවා. නොසිතූ අන්දමට එතැනට උදව් ඉල්ලමින් කොලු ගැටයෙක් පැමිණෙනවා. ස්ටෝම්ටෲපස්ලා විසින් මේ වනවිට කොලුවාව සොයන බවද ඇයට තේරුම් යනවා. තමන් ගෙවන අලුත් ජීවිතය එපා කරලූවක් මෙන් සිටින අසාජ් දෙවරක් නොහිතා වහාම ක්‍රියාත්මක වී එම කොලු ගැටයාට උදව් කරලීමට පෙරමුණ ගන්නවා. තරුණ සහ මහළු ජෙඩායිවරුන්ව ආරක්ෂාවට රැගෙන යන ස්ථානයක් තිබෙන බවත් එය ක්වින්ලන් වාස් සහ අනිත් අය එම ස්ථානය ගොඩනැඟූ බවත් කොලුවා විසින් අසාජ් හට පවසනවා. ඒ ඔස්සෙ ඇය කොලුවාව ආරක්ෂිතව පිටත් කරලීමට සහයෝගය දක්වනවා. ගමන අතරමඟ තමන් ඔහු සිතන අන්දමේ යහපත් කෙනෙකු නොවන බවත් රිපබ්ලික් එකට සහ ජෙඩායි නයිට්වරුන්ට එරෙහිව සිදුවූ යුද්ධයෙ තමන් අණ දෙන නිලධාරිනියක් බවත් අසාජ් එම කොලුවාට පවසනවා.
මොවුන් අතර බැඳීම තවත් ශක්තිමත් වෙයිද නැතිනම් පලුදු වෙයිද? මාර්ගය සොයාගැනීමට අසාජ් කොලුවා හට උදව් කරාවිද?
ඒවාට උත්තර දැනගන්න නං කතාව බලන්නම වෙනවා. එහෙනම් මීළඟ කතාවෙන් හමුවෙමු.
හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
209 downloadsDownload Star-Wars-Tales-of-the-Underworld-S01E01-02-03.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #2025
- #Benny Safdie
- #Editor's Pick
- #Empire
- #Ewan McGregor
- #Hayden Christensen
- #MaxxA
- #Moses Ingram
- #Offbeat
- #Rupert Friend
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Star Wars
- #Star Wars: Tales of the Underworld
- #subtitle
- #Sung Kang
- #Tales of Empire
- #Tales of Jedi
- #Tales of the Empire
- #Tales of the Jedi
- #රුක්ෂාන් ඛාන්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
0 comments
No comments yet.
Advertisement



