Watch Trailer

Noragami [S01 : E01 & E02] Sinhala Subtitles | මම දෙවියෙක් [සිංහල උපසිරසි]

Noragami Season 01 Sinhala Subtitles ලංකාවෙ ඇනිමේ රසිකයො වෙනුවෙන් තවත් සුපිරිම ඇනිමේ එකක් අරගෙන ආවා. කතාව ගැන කියනවා නම් [Noragami – මේකෙ අදහස තමයි “යන එනමක් නැති දෙවියා” කියන එක. …ඉතින් ප්‍රධාන වශයෙන් කියන්න ඕනෙ මේක Animated කරන්නෙ ඇනිමේ අතර Big 03 [One piece, Bleach, Naruto] කියන තුනෙන් දෙකක්ම නි…

Noragami Season 01 Sinhala Subtitles

ලංකාවෙ ඇනිමේ රසිකයො වෙනුවෙන් තවත් සුපිරිම ඇනිමේ එකක් අරගෙන ආවා. කතාව ගැන කියනවා නම් [Noragami – මේකෙ අදහස තමයි “යන එනමක් නැති දෙවියා” කියන එක.

…ඉතින් ප්‍රධාන වශයෙන් කියන්න ඕනෙ මේක Animated කරන්නෙ ඇනිමේ අතර Big 03 කියන තුනෙන් දෙකක්ම නිශ්පාදන කරපු studio Bones කියන සුප්‍රසිද්ධ ඇනිමේ නිශ්පාදන සමාගම. ඒ නිසා මේකෙ Animation ගැන නම් කට්ටියට වදවෙන්න කිසිම හේතුවක් නැහැ. මේක රිලීස් වෙන්නෙ 2014. January. 5 .

මේ ඇනිමේ එකේ Character design එක කරලා තියෙන්නෙ Toshihiro Kawatomo. මම නම් personally මේකෙ ආසම Character design වලට. දැනට කතා සමයන් දෙකක් නිකුත්වෙලා තියෙනවා වගේම දෙකටම ගොඩක් හොඳයි මට්ටමේ රසික ආකර්ෂණයක් ලැබිලා තියෙනවා.

IMB දර්ශකයෙ 77%ක අගයක් මේකට ලැබිලා තියෙනවා. එහෙනම් වැඩි කතා ඕනෙ නැහැ. කතාවෙ අන්තර්ගතය ගැන අනිවාර්යෙන්ම කියන්න ඕනෙ දේවල් කීපයක් තියෙනවා.

මේකෙ ප්‍රධාන චරිතය වෙන්නෙ Yato [යාටෝ] මේක ජපන් උච්චාරණය එක්ක කියවෙන්නෙ [යාතෝ] කියලා. යාටෝ කියන්නෙ කතාවෙ අර්ථයෙන්ම ඉන්න හිටින්න තැනක් නැති පහත් මට්ටමේ දෙවියෙක්. මෙයාගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නෙ අනතුරක් නිසා හියොරි කියන ගැහැණු ළමයව මෙයාට මුණගැහුණට පස්සෙ. ඔයාලට කුතුහලයෙන් කතාව බලන්න ඕනෙ නිසා මං වැඩි විස්තර කියන්න යන්නෙ නැහැ. ඉතින් මේ ලෝකෙ ජීවියො කොටස් කීපයක් ඉන්නවා. එයාලා තමයි Gods – දෙවියන්, Humans – මනුස්සයො, Regalia – රෙගාලියා ජපන් උච්චාරණය (ශින්කි), ඊට අමතරව Phantom – අවතාර. මෙයාලගෙන් මනුස්සයො ඇරෙන්න අනිත් හැමෝම far Shore (දුරස්ථ ආත්මයන්) ඒ කියන්නෙ මෙයාලාට ස්ථීර ශරීරයක් නැහැ. රෙගාලියා ගැන කිව්වොත් මෙයාලා දෙවියන්ට ආයුධ සේවය කරන පුලුවන් ආත්ම වලට දෙවියෙක්ට පුලුවන් මෙයාලාට නමක් දීලා සේවකයෙක් විදිහට ආපහු ජීවිතය දෙන්න පුළුවන් හැබැයි මෙයාලා නිකම්ම Spirit (මළවුන්) විතරයි. Phantom ගැන කියනවා නම් ආත්ම අනුභව කරන්න පුළුවන් භයානක ජීවියො කොටසක්. කතාව ගලාගෙන යන විදිය කියනවා නම් යාටෝ දෙවියගෙ බලාපොරොත්තුව තමයි කවදහරි ප්‍රසිද්ධ දෙවියෙක් වෙලා එයාටම කියලා දේවාලයක් හදාගන්න එක. එයා ඉතින් යෙන් 5ක් වගේ බොහොම අඩු මුදලකට තමයි මිනිස්සුන්ගෙ ප්‍රර්තනා ඉශ්ට කරනෙ. හියොරි ගැන කියනවා නම් යාටෝව හම්බවෙනකල් සාමාන්‍ය පාසල් ශිෂ්‍යයෙක්.

සැලකිය යුතුයි – නිරුවත් දර්ශන ඇතුළත් නිසා තනියම බලන්න

එහෙනම් Ongoing යද්දි සබ් කරපු ඇනිමේ වලට අමතරව මේ මම පෞද්ගලිකව අරගෙන එන තුන්වෙනි ඇනිමේ සීරීස් එක. එහෙනම් කට්ටිය කතාව බලලා හොඳ නරකත් කියාගෙන යන්න කියන ගමන් මම සමුගන්නවා ✌️

ලංකන් weebs වෙනුවෙන් – සඳක මලීෂ

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

411 downloadsDownload Noragami-S01-E01-E02-Sinhala-Subtitles.zip25 KB

width=

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Noragami Season 01 Sinhala Subtitles

All BT1

Next BT1

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

411 downloadsDownload Subtitles25 KB

3 comments

  1. kavinda gamage

    බොහොම ස්තුතියි ලස්සන කථාවක් වගේ අනිවාර්යයෙන්ම බලනවා .

  2. Sandaru Nimsara

    Thanks❤️

  3. podda

    Supiyiyak thamai. Sub ekata thankss!!!!!!!!!!!!