Watch Trailer

Obi-Wan Kenobi [S01 : E02] Sinhala Subtitles | ලෙයාව බේරාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරසි]

Obi-Wan Kenobi [S01 : E02] Sinhala Subtitles එහෙනම් මම අද Obi-Wan Kenobi සීරිස් එකේ දෙවෙනි කොටසට උපසිරසි අරගෙන ආවා. කලින් කොටසෙදි අපි සවික්සන්නෝ නැතහොත් ඉන්ක්විසිටර්ලා කියන්නේ කවුද කියලා බලාගන්න පුලුවන් වුනා. එයාලාගේ ප්‍රධානම අරමුණ තමා ඉතුරු වෙලා ඉන්න ජෙඩායිවරු සියල්ලම මරලා දාන එක. මෙයාලා එක්ක හැප්…

Obi-Wan Kenobi Sinhala Subtitles

එහෙනම් මම අද Obi-Wan Kenobi සීරිස් එකේ දෙවෙනි කොටසට උපසිරසි අරගෙන ආවා. කලින් කොටසෙදි අපි සවික්සන්නෝ නැතහොත් ඉන්ක්විසිටර්ලා කියන්නේ කවුද කියලා බලාගන්න පුලුවන් වුනා. එයාලාගේ ප්‍රධානම අරමුණ තමා ඉතුරු වෙලා ඉන්න ජෙඩායිවරු සියල්ලම මරලා දාන එක. මෙයාලා එක්ක හැප්පෙන එකත් ලේසි පහසු දෙයක් නෙමෙයි මොකද මෙයාලා බලයේ අදුරුපැතිකඩ හොදින් ප්‍රගුණ කරපු අය. ඒවගේම අපිට බලාගන්න පුලුවන් වුනා සමූහාණ්ඩුවේ හා ජෙඩායි නිඛායේ බිදවැටීමෙන් පස්සේ ඕබි වන් ට තමන්ගේ ජීවිතේ ගත කරන්න වෙලා තියෙන විදිහ ගැන.

තමන්ගේ නම බෙන් කියලා වෙනස් කරගෙන ටැටුයීන් වල කුලී සේවකයෙක් විදිහට ඕබි වන් ජීවත් වෙනවා. ඕබි වන් ටැටුයීන් වල රැදිලා ඉන්නේ ලූක් ස්කයිවෝකර් නිසා. මොකද ඕබි වාන්ට සැකයක් තියෙනවා කවදහරි අධිරාජ්‍යයේ හමුදාව ලූක්ව හොයාගෙන එයි කියලා. එහෙම දෙයක් උනොත් ලූක්ව ආරක්ශා කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන ඕබි වන් ටැටුයීන් වල හැංගිලා ඉන්නවා. ඒවගේම හරි වෙලාව ආවම ලූක්ව ජෙඩායි කෙනෙක් විදිහට පුහුණු කරවන්නත් ඕබි වන් බලාපොරොත්තු වෙනවා. ඔය අතරවාරයේදී තමා ලෙයා ඕගානා කුමාරි‍යගේ පැහැරගැනීම ගැන ඕබි වන්ට පණිවිඩයක් එවන්නේ. ඔතනින් තමා පලවෙනි එපිය ඉවර වෙන්නේ.

අද කොටස ගැන මම මුකුත් සදහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. එහෙනම් තුන්වෙනි කොටසින් අපි නැවත හමුවෙමු.

May The Force Be With You !

බලය ඔබ සමඟ වේවා !


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,079 downloadsDownload Obi-Wan-Kenobi-S01-E02.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

එල්. සී. දමැල්

Subtitles

2,079 downloadsDownload Subtitles18 KB

5 comments

  1. Anonymous

    අනේ පලවෙනි ඒපිය නැනේ

    1. Sanupa Ranmeth

      දීලා තියෙන්නේ සහෝ. සර්ච් කරලා, නැත්නම් "පසුගිය කතාංගය" බටන් එක උඩ ක්ලික් කරලා අරගන්න පුළුවන්.

  2. Buddhika Lakmal

    ..බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  3. Chamindu Udara

    අවුරුදු දෙකක් පරක්කුයි. ඒත් කමක් නෑ.

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P