HELLO THERE ස්ටාර් වෝර්ස් ෆෑන්ස්ලටනම් මේ වචන දෙක ඇහුන ගමන් කවුද කියල ක්ෂණිකවම අඳුනගන්න පුලුවන්. රූපෙ නොදැක්කත් මේ වචන ඇහුන ගමන් ලෝක ගණනාවක සතුරන් බියෙන් වෙව්ලපු හැටි, ලෝක ගණනාවකට බලාපොරොත්තුව ලැබුන හැටි, කරදරයක වැටුන මිතුරන්ට සහනයක් ලැබුන හැටි අවුරුදු ගණනාවක ස්ටාර් වෝර්ස් ජර්නි එක ඇතුලේ ඔයාල දකින්න…

HELLO THERE
ස්ටාර් වෝර්ස් ෆෑන්ස්ලටනම් මේ වචන දෙක ඇහුන ගමන් කවුද කියල ක්ෂණිකවම අඳුනගන්න පුලුවන්. රූපෙ නොදැක්කත් මේ වචන ඇහුන ගමන් ලෝක ගණනාවක සතුරන් බියෙන් වෙව්ලපු හැටි, ලෝක ගණනාවකට බලාපොරොත්තුව ලැබුන හැටි, කරදරයක වැටුන මිතුරන්ට සහනයක් ලැබුන හැටි අවුරුදු ගණනාවක ස්ටාර් වෝර්ස් ජර්නි එක ඇතුලේ ඔයාල දකින්න ඇති. EPISODE IV වලින් පටන් ගෙන EPISODE I, II, III වලින් වගේම ක්ලෝන් වෝස්, රෙබෙල්ස් සීරිස් වගේම ගේම්ස්, නවල්ස් වලට වගේ දැවැන්ත ගමනක් ආපු චරිතයක් තමයි ඕබි වන්.
පදවාන් කෙනෙක්ගෙ ඉඳන් ජෙඩායි මාස්ටර් කෙනෙක් දක්වා ඇවිත් සියල්ල අතහැරල ගියපු ගමන අවසානයේ වීරයෙක් විදියට අවසන් ගමන යාම දක්වා අපිට ඕබි වන් එක්ක හරි අපූරු ගමනක් යන්න පුලුවන් උනා. එයාගෙ මාස්ටර්ට වෙච්ච පොරොන්දුව ඉටුකරන්න ලඟට ගත්ත ඇනීත් එක්ක – එහෙමත් නැත්නම් ඇනකින් ස්කයිවෝකර් එක්ක- සහෝදරයෝ විදියට මේ විශ්වය ඇතුලේ මහ විශාල ගමනක් ගියා. ඕබි වන් නම ඇහුනටත් වඩා ඕබි වන්-ඇනකින් දෙන්නගෙ නම එකට ඇහුනම ලෝක ගණනාවත් බයෙන් සලිත උනා. ලෝක ගණනාවක් බේරාගත්තා. THE CLONE WARS කියන්නෙ ඕබි වන් වගේම ඇනකින් ගේ මේ ජර්නි එක හරි අපූරු විදියට අපිට පෙන්නපු සීරිස් එකක්. ඇනීගේ වගේම ඕබි වන් ගේ නම දූර ඈත ඒ මන්දාකිණිය පුරාවටම විහිදිලා ගියා. මාස්ටර් සහ පදවාන් උනාට එයාල දෙන්නා එකකුස නොඉපදුනත් හදවතින් සහෝදරයෝ උනා. ඇනී අසෝකට දුන්නෙත් ඒ වගේම බැඳිමක්.
මං මේ ලිපිය ඇතුලෙ කෙනෝබි ගේ ඉතිහාසෙ කියන්න යන්නෙ නෑ. මොකද ඒ ඉතිහාසය කියවන එකත් වෙනමම ජර්නි එකක්. ඉතින් ඔයාල ඒ ජර්නි එක දැනගන්න ආසනම් හොයල බලන එක තමයි ඒ ජර්නි එක විඳින්න පුලුවන් අපූරුම විදිය.
මේ සීරිස් එක එනවා කිව්ව එක වගේම සුපුරුදු විදියට Ewan McGregor එකතු වෙකව කියල නිවේදනය කරපු දවසේ දැනුන සතුට දෙගුන තෙගුන උනේ ඩාර්ත් වේඩර් විදියට EPISODE III වලින් පස්සෙ අවුරුදු 17කට පස්සෙ Hayden Christensen එකතු වෙනවා කියල නිවේදනය කරාට පස්සේ. මොකද ඕබි වන් කිව්වම ඇනී නැතනම් ඩාර්ත් වේඩර් එතන ඉන්නම ඕනි නිසා. අපි අවුරුදු ගානක් ආදරේ කරපු චරිත දෙකට පණ දුන්න දෙන්නා ආපහු අපිට ලයිව් ඇක්ෂන් දකින්න ලැබුන එක විශ්වාස කරගන්නත් අමාරුයි වගේ. මොකද අපිට ක්‍රියේටර්ලා පොරොන්දු උනා මේ පාර අපිට මුස්තෆාර් වල ඩුවෝ එකට රිමැච් එකක් ආපහු මේ දෙන්නට දෙනවා කියල. පුරදු දෙන්න එක්ක දැවැන්ත ඩුවෝ එකක් ආපහු දක්න්න ලැබෙන එක මාරයි.
මුස්තෆාර් වලදි ඇනීව අතැරල ගියපු ඕබි වන් ගේ කතාව අපි ආසාවෙන් හිටියා දැනගන්න. මතකද මාස්ටර් යෝඩා කිව්වා ඕබි වන්ට එයාගේ පරණ මාස්ටර් ක්වයි ගොන් එක්ක සම්බන්ද වෙන හැටි කියල දෙනනම් කියල. ඩෙත් ස්ටාර් එක විනාශ කරන්න උදව් ඉල්ලන්න තරම් ඕබි වන්ව ලෙයා විශ්වාස කරේ ඇයි කියල හිතුවද. ඕබි වන් EPISODE IV දි ලුක් එක්ක R2-D2 උදව් ඉල්ලනකල් අවුරුදු ගානක් ටැටුයීන් වලම හැංගිලා හිට්ය කියල හිතනවද. නැ මිතුරනි. ඕබි වන් කියන්නෙ නිකම්ම ඉන්න කෙනෙක් නෙවෙයි. ලේ වලින්ම සටන්කාරයෙක්. එයාගේ ජර්නි එක අපි දන්න ජර්නි එකටත් වඩා දැවැන්ත ජර්නි එකක්. අපිට තවමත් දැකගන්න නොලැබුනු ජර්නි එකක එයා ගිහින් තියෙනවා.
It’s over Anakin. I have the high ground
මේ වචන ඇතුලෙ තිබුනු බිඳුනු බරසාරබව ඕබි වන්ට එදා දරාගන්න අමාරු උනා. තමනගේම සහෝදරයා විදියට හිටි ඇනකින් තමන්ගේම ජෙඩායි ඕඩර් එකට වගේම පද්මේට පවා එරෙහි වෙලා ඩාක්සයිඩ් එකට එකතු වීම ඕබි වන් හිතින් බිදෙව්වා. ඇනී යන්ග්ලින්ග්ගාව මරා දාන විදිය දැකපු ඕබිවන් එයාව නවත්තන්න තීරනය කරත් අනිතිම මෙහොත දක්වාම තමන්ගෙ සහෝදරයා-මිතුරා ව බේරගන්න උත්සහ කරා.
“you were my brother Anakin, I loved you,”
මේ වචන ඇතුලේ තිබුනු කලකිරිම අපිටත් දැනුනා. රසිකයෝ විදියට අපි අවරුදු ගානකට පස්සෙ එදා වගේම අදත් මෙි සිරිස් එකට එකතු වෙන්නේ මේ දෙන්නගේ ජර්නි එකේ තවත් කොටසක් දකින්නමයි.
විශේෂ ස්තූතිය සහ ලිපිය – තිසර Neo
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,877 downloadsDownload Obi-Wan-Kenobi-2022-S01-E01.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
18 comments
Sandaru Nimsara
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Thilinda Randeera
බලාගෙන හිටපු එකක්. දිගටම දෙන්න සහෝ... ❤
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Sci-fi Pissa
wow Supiri Bro THX.... Pahala tikath Karanna Shakthiya Lebewa...
Stranger Things S4
The Essex Serpent
Shining Girls
Star Trek: Strange New Worlds
Night Sky
Love, Death & Robots
The Man Who Fell to Earth
Doctor Who
Raised by Wolves S2
DMZ
Uploadspider
sub ekata thaks puluwannam stranger things ekata sub karannako
jeewa
සබ් එකට tnx සහො!
stranger things එකටත් සබ් ඉක්මනට දෙන්නො❣run
meka balnna mokak hari film ekak balala thiyenna one da
C3PO
starwars mul episodes 3 balanna one
Chamindu Udara
මේක සුපිරි TV series එකක්. මේකෙ දැනටමත් episodes 2 & 3 release වෙලා තියෙන්නෙ. ඒවටත් ඉක්මණින්ම sinhala subs ගේන්න.
Big Fan
Obi wan kenobi Ep 4 ekee sinhala sub oone
CHANDIMA LAHIRU
Clone wars ekatath sub denna sago....
Heshara
Sub ekata thanks. Next episode ekata yanna ba 404 error eka enawane.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Heshara
Episode 2 eke.sub eka ganna page eka load wenne nane. 404 error eka ewanawane
Dewadithya
Thanks for Sub!
Kitana
ko ithuru tika ?
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️