සුබ දවසක් බයිස්කෝප්වාසී සියලු දෙනාටම. මේ අරගෙන ආවේ Obi-Wan Kenobi කතා මාලාවේ හතරවෙනි කතාංගයේ සිංහල උපසිරසි. පළවෙනි එපිසෝඩ් එක හිරාන් අයියාත්, දෙවෙනි හා තුන්වෙනි එපිසෝඩ් ලෂේන් අයියාත් ඔයාලට අරගෙන ආවා. ඉතින් හතරවෙනි සහ පස්වෙනි එපිසෝඩ් ඔයාලට අරගෙන එන වගකීම භාර වුණේ මට. හිරාන් අයියට ඒකට ස්තුති කරන්න ඕන…

සුබ දවසක් බයිස්කෝප්වාසී සියලු දෙනාටම. මේ අරගෙන ආවේ Obi-Wan Kenobi කතා මාලාවේ හතරවෙනි කතාංගයේ සිංහල උපසිරසි. පළවෙනි එපිසෝඩ් එක හිරාන් අයියාත්, දෙවෙනි හා තුන්වෙනි එපිසෝඩ් ලෂේන් අයියාත් ඔයාලට අරගෙන ආවා. ඉතින් හතරවෙනි සහ පස්වෙනි එපිසෝඩ් ඔයාලට අරගෙන එන වගකීම භාර වුණේ මට. හිරාන් අයියට ඒකට ස්තුති කරන්න ඕනේ.
තව දේවල් කියන්න කලින්, පොඩි පාපොච්චාරණයක්. ස්ටාර් වෝර්ස් ගැන සෑහෙන්න ප්‍රශංසා අහල තිබුණත් මේ ළඟකදී හිරාන් අයියා මේ සීරිස් එක කරන්න කතා කරනකල් එක ෆිල්ම් එකක්වත් මං බලලා තිබුණේ නෑ. දැනට වුණත් ඕබි-වන් කෙනෝබි සීරිස් එකට අමතරව මම බලලා තියෙන්නේ Episode I, II, III තුන විතරයි. ඉතින් ස්ටාර් වෝර්ස් විශ්වය ගැන මහ ලොකු දැනුමක් නැති බව කියන්න ඕනේ. ඒත් ඒක ඉක්මනින්ම වෙනස් කරගන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම්, අපි දැන් කලින් එපිසෝඩ් එකේ සිද්ධවුණු දේවල් ගැන බලමු.
පසුගිය කොටසින්…
දෙවෙනි එපිසෝඩ් එකේදී හාජා දුන්න ඛණ්ඩාංක අනුව මිඩ්-රිම් එකේ තියෙන ග්‍රහලෝකයකට ඕබි-වන් සහ ලෙයා ළඟා වුණා. එතනදී එයාලා ස්ට්‍රෝම්ටෲපර්ස්ලට අහුවෙන්න ගියත්, “ටාලා” නම් හාජාගේ යාළුවෙක් එයාව බේරගත්තා. එයා මෙයාලට කියලා දෙනවා “The Path” හෙවත් “මාවත” නමින් හඳුන්වන ජාලයක් ගැන. මේවා මන්දාකිණිය පුරාම විසිරුණු, ජෙඩයිවරුන්ට සහ සාමාන්‍ය මිනිසුන්ට ආරක්ෂිතව ඉන්න පුළුවන් නිවාස සමූහයක්. ඉතින් මේ “මාවත”ට පිං සිද්ධ වෙන්නේ ඕබි-වන්ට සහ ලෙයාට ආරක්ෂිතව ඉන්න ලැබෙනවා. එයාලගේ අදහස “මාවත” පාවිච්චි කරලා එහෙන් පැනගන්නයි.
ඒත් ඒ ටික කාලයකටයි; මොකද සවික්සන්නෝ මෙයාලව හොයාගෙන එනවා. ඒ විතරක් නම් මදෑ. ඇනිකින් ස්කයිවෝකර් හෙවත් ඩාර්ත් වේඩර් මෙයාලව හොයාගෙන එනවා. ඕබි-වන් සහ ඩාර්ත් වේඩර් අතර සටනකුත් අපට බලාගන්න ලැබුණ නේ. ඕබි-වන් අවුරුදු 10ක අත්දැකීම් නැතිකම සහ වයසට යාම නිසා දුර්වල වෙලා වගෙයි. මොකද ඩාර්ත් වේඩර් ලේසියෙන්ම සටන දිනුවා. එයාව මරන්න හදනකොට ටාලා තමයි එයාව බේරගත්තේ. එපිසෝඩ් එක අවසන් වුණේ ‘තෙවෙනි සහෝදරී’ ලෙයාව පැහැරගන්න තැනින්.
දැන් ලෙයාව හිරකරගෙන ඉන්නේ සවික්සන්නන්ගේ මූලස්ථානයෙයි. ඕබි-වන් තීරණය කරනවා ඒක ඇතුළට පැනලා එයාව බේරගන්න. ඉතින් ඇනිකින් එක්ක සටන් කරලා දුර්වල තත්වයකින් ඉන්න අතරේ මේක කරන්න එයාට පුළුවන් වෙයිද? බලලම හොයාගමු නේද. එහෙම නම්, හෙට පස්වෙනි එපිසෝඩ් එකෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. පීස් ✌️.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,622 downloadsDownload Obi-Wan-Kenobi-S01-E04-Sinhala-Subtitles.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
1 comment
රොයිලි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P