One Punch Man [ S02: E07 & E08 ] Sinhala Subtitles කොහොමද කට්ටියටම!? එහෙනම් One Punch Man Season 2වල 7 සහ 8 කොටස්වල උපසිරසිත් මේ විදිහට ඔයාලගෙ අතට පත්කරනවා. කතාව දැන් කැරකීගෙන යන පැත්ත ගැන මොකද හිතෙන්නෙ? ගැම්මක් එක්කම ආතල්වලිනුත් අඩුවක් නෑ නේද… එහෙනම් කලින් මොකද උනේ කියල මතක් කරගෙනම අද කොටස් දෙක බල…

One Punch Man [ S02: E07 & E08 ] Sinhala Subtitles

කොහොමද කට්ටියටම!? එහෙනම් One Punch Man Season 2වල 7 සහ 8 කොටස්වල උපසිරසිත් මේ විදිහට ඔයාලගෙ අතට පත්කරනවා. කතාව දැන් කැරකීගෙන යන පැත්ත ගැන මොකද හිතෙන්නෙ? ගැම්මක් එක්කම ආතල්වලිනුත් අඩුවක් නෑ නේද… එහෙනම් කලින් මොකද උනේ කියල මතක් කරගෙනම අද කොටස් දෙක බලලා දාන්න.

පසුගිය මතකයන් –

මේ වෙනකොට ක්‍රමක්‍රමයෙන් අපේ අවධානය දිනාගන්න සමත්වෙලා තියෙන චරිතය තමයි “ගාරෝ.” නිකම්ම ගාරෝ නෙමෙයි, “හීරෝ හන්ටර් ගාරෝ” තමයි දැන් පොරට වැටිලා තියෙන නම වෙන්නෙ. මතක ඇතිනෙ මිනිහා “මෙටල් බැට්” එක්කත් වලියක් ඇඳගත්තා. දුක කියන්නෙ ගාරෝගෙන් මෙටල් බැට් දොඹෙන් යන්නම ගුටිකන එකනෙ… වාසනාව පෑදිලා මෙටල් බැට්ගෙ නංගි එතනට ආපු නිසා ගාරෝට අකමැත්තෙන් උනත් සටන අතාරින්න උනා. නිකමට හිතන්න. වෙන එකෙක් හිටියා නම් අර කෙල්ලටත් හොඳවැයින් පාරක් ගහලා ආයෙත් මෙටල් බැට් එක්ක වලිය ඇදගන්නවා. පොඩි කෙල්ලෙක් හින්දා පස්සගැහුවට ගාරෝ කියන්නෙ ආයෙ යකා වගේ පොරක්. ඒ වෙච්චි සිද්ධිය නිසා ගාරෝ කියන්නෙ ටිකක් අමුතුම රෙක්පෙක්ටබල් ඩයල් එකක් කියල ඔයාට හිතුනෙ නැද්ද…

අනිත් කාරණේ තමයි හැම නගරයකින්ම හිටිගමන්ම රාස්සයො මතුවෙලා ලොකු විනාසයන් කරමින් ඉදිරියට ඇදෙන එක. සාමාන්‍යයෙන් රාස්සයො මතුවෙන්නෙ එකා දෙන්නා. නමුත් මෙවර හමුදාවක්ම එළිබැහැලා. හීරෝ ඇසෝසියේෂන් එකට මේක දැන් ඉහළ ප්‍රතිරෝධයක් තියෙන පීඩනයක් වෙලා තියෙන්නෙ. ඔන්න ඒ අස්සෙ තවත් මාතෘකාවක් කරළියට ආවා. ඒ තමා “මොන්ස්ටර් ඇසෝසියේෂන්” නැතිනම් රාක්ෂයින්ගෙ සංවිධානය. පේනවනේ දැන්? රාස්සයො හරියට නිකන් එක්සත් වෙලා වගේ. කලින් කොටස අවසානය තෙක් බැලුව නම් ඔයා දකින්න ඇති මේක පිටිපස්සෙ ඉන්නෙ කවුද කියල. රාක්ෂයින්ගේ රජු, “ඔරොචි”ගෙ අණ පරිදියි මේ විනාසයන් වෙන්නෙ. මහා රාස්සයා; සෙන්ටිචෝරෝ හා සටනට Class S හීරෝ මෙටල් නයිට් පවා එකතු උනා. මේ රාස්සයින්ගෙ ඉලක්කය වෙන්නෙ හීරෝ ඇසෝසියේෂන් එකේ ඉහළ නිළයක් දරණ කෙනෙක් හෝ ඔහුගේ හෝ ඇයගෙ පවුලෙ කෙනෙක්ව පැහැරගන්න එක. සමහරවිට ඒ පැහැරගන්න කෙනාව ප්‍රාණැපේට තියාගෙන හීරෝ ඇසෝසියේෂන් එකට බලපෑම් කරන්න අදහසක් තියෙන නිසා වෙන්නත් පුලුවන්. කොහොමහරි නරින්කි කියන පොරගෙ පුතා, “වගන්මා” රාස්සයො පැහැරගෙන යනවා. දැන් හැමතැනම රාස්සයො කරන විනාසය වළක්වන්න සටනට දාලා තියෙන Class S Class A හීරෝලවත් අර වගන්මා කියන කොල්ලව බේරගන්න සටනට දාන්න තමා හීරෝ ඇසෝසියේෂන් එක හිතාගෙන ඉන්නෙ. ඒකෙ ඉන්නෙත් මහ රට ගොන්නු ටිකක්…

අනික තමයි සුපර් ෆයිට් තරඟාවලිය… අපේ සයිතමා දැන් චරන්කෝ විදිහට මේකට බැහැලා ඔක්කොම කණපිට ගහලා තියෙන්නෙ. සැක්කෝ කියන එකාට දුන්නා කනේපාරක් බිමට පතබෑවෙන්නම… කෙරුමා වගේ හිටපු අර බකුසන් කියන එකාට උඩින් ගිහින් පස් කන්නම ෂොට් එක දුන්නා… පව් ඈ… දැන් මේ තරඟය කොයි අතටද කැරකීගෙන යන්නෙ කියල තේරෙනවත් ඇති…

අනික තමා ජෙනොස් එහෙම සටපට ගලා රාස්සයො ටිකක් නිවන් යවනවා දකින්න ඇති. හැබැයි මොකෙක්හරි ලොකු එකෙක් ජෙනොස්ටත් හොඳවැයින් එකක් දුන්නා. අනික ඒ ආපු එකා මොකා උනත්, ඌ දැන් මේ සුපර් ෆයිට් තරඟාවලිය පැත්තට යනගමන් ඉන්නෙ… ඉතින් මේ පාර මේ එළිබැහැපු එකා මොකාද? සයිතමා කප් එක ගහයිද? මේ කොටස් දෙක බලලම ඒක දැනගන්න. හමුවෙමු 9 සහ 10 කොටස් තුළින්෴

“I became a hero for fun.”

 

 

One Punch Man,One Punch Man [ S 02: E 07 & E08] Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

3,027 downloadsDownload One-Punch-Man-AKA-Wanpanman-S02-E07-E08-Sinhala-Subtitles.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පවිත් විජේසූරිය

Subtitles

3,027 downloadsDownload Subtitles32 KB

5 comments

  1. Anonymous

    අනේ ඉතුරු ටිකත් ඉක්මනට ඔන

  2. Tharindu

    Supiri supiri. Thnaks

  3. sameera de silva

    sosou no frieren anime ekata sub dennako

  4. Akila Dilhara

    Thanks for Sub , Brother...

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P