One Punch Man [ S02: E05 & E06 ] Sinhala Subtitles කොහොමද හැමෝටම, One Punch Man Season 02 හි 05 සහ 06 කොටස්වල උපසිරසිත් මේ විදිහට බයිස්කෝප් වෙබ් අඩවියට එකතු කරනවා එහෙනම්. දැන් නම් කතාවෙ කුතුහලය සහ උද්වේගකරබව එන්න එන්නම වැඩි වෙනවා ඔයාලට පේනවා ඇති. අද කොටස් දෙක බලන්න කලින්, පෙර කතාංගයන් තුළ මොකද උනේ…

කොහොමද හැමෝටම, One Punch Man Season 02 හි 05 සහ 06 කොටස්වල උපසිරසිත් මේ විදිහට බයිස්කෝප් වෙබ් අඩවියට එකතු කරනවා එහෙනම්. දැන් නම් කතාවෙ කුතුහලය සහ උද්වේගකරබව එන්න එන්නම වැඩි වෙනවා ඔයාලට පේනවා ඇති. අද කොටස් දෙක බලන්න කලින්, පෙර කතාංගයන් තුළ මොකද උනේ කියල විපරමක් කරලා බලමු.
පසුගිය මතකයන් –
හීරෝ ඇසෝසියේෂන් එක තුළ තිබ්බ රැස්වීමට ඇවිල්ලා, ගාරෝ එතන හිටපු හැම කෙනාටම නෙළලා දානවා. මේ හේතුව නිසා දැන් ගාරෝ අත්‍යවශ්‍යම අපරාධකාරයෙක් ලෙස නම් කරලා හීරෝ ඇසෝසියේෂන් එකෙන් හොයනවා. ඒ විතරක් නෙමෙයි. ගාරො දැන් දකින දකින හැම හීරෝ කෙනෙක්ටමත් ඇප නැතිවෙන්න නෙළලා දානවා. Class A හීරෝලා වෙන ගෝල්ඩන් බෝල් සහ ස්ප්‍රින්ග් මුස්ටාෂියෝටත් කරපු දේ මතක ඇතිනෙ? ඒ විතරක් නෙමෙයි, ටෑන්ක් ටොප් සහෝදරයින්ගෙන් කෙනෙක් වෙන ටෑන්ක් ටොප් වෙජිටේරියන්ටත් ගාරෝ පහර දෙනවා. මේකට පළිගැනීමක් විදිහට ටෑන්ක් ටොප් වෙජිටේරියන් තමන්ගෙ අනිත් ටෑන්ක් ටොප් සහෝදරයින්වත් අරගෙන ගාරෝව හම්බවෙන්න එනවා. මෙතනදිත් සුපුරුදු විදිහටම ගාරෝ ගේම ඉල්ලන්න හදනකොට Class S හීරෝ කෙනෙක් වෙන ටෑන්ක් ටොප් මාස්ටර් සටනට එකතුවෙනවා. නමුත් ගාරෝ “සිල්වර්ෆෑන්” තමන්ට උගන්නපු සටන් ක්‍රමය වෙන “ෆිස්ට් ඔෆ් ෆ්ලෝවින් වෝටර්, ක්‍රෂින් රොක්” යොදාගෙන ටෑන්ක් ටොප් මාස්ටර් ඇතුළු සියලුම ටෑන්ක් ටොප් සහෝදරයින්ටත් දරුණු විදිහට පහර දෙනවා. ඒ විතරක් නෙමෙයි, මූමෙන් රයිඩර් සහ මේ සිද්ධිය වෙනකොට ඒ ළඟින් ගියපු චරන්කෝටත් ගාරෝ පහර දෙනවා. මේ හේතුව නිසා දැන් ගාරෝට “හීරෝ හන්ටර්” කියලා අලුත් නමකුත් වැටිලා තියෙනවා.
ගාරෝගෙ මේ ක්‍රියාකලාපය නිසා සිල්වර්ෆෑන් ඔහුගෙ වැඩිමල් සහෝදරයා වෙන බෝම්බ් සමඟ දැන් ගාරෝව දඩයම් කරන්න පිටත් වෙනවා. ගාරෝගෙන් පහර කාලා මේ වෙනකොට රෝහලේ ප්‍රතිකාර ගන්න මූමෙන් රයිඩර් සහ ටෑන්ක් ටොප් මාස්ටර්ව හම්බවෙන්න ඔන්න සයිතමා යනවා. එතනදි ටෑන්ක් ටොප් මාස්ටර්, ගාරෝ සටන් කරන විලාශය ගැන කියපු නිසා, සටන් කලාව කියන්නෙ මොනවගේ දෙයක්ද කියල දැනගන්න සයිතමාටත් උනන්දුවක් ඇතිවෙනවා. ඒ නිසා දැන් සයිතමා, චරන්කෝ විදිහට වෙස්වලාගෙන මික්ස් මාෂල් ආට් තරඟයකට ඇතුලත් වෙනවා. ඉතින් අපේ එකා කොහොමද මේ තරඟය කනපිට ගහන්නෙ කියල අද කොටස් දෙකෙන් අපිට බලාගන්න පුලුවන්.
ගාරෝ, හීරෝ ඇසෝසියේෂන් එකේ අධ්‍යක්ෂකවරයෙකුටත් පහර දීපු නිසා සියලුම අධ්‍යක්ෂකවරුන්ගෙ ආරක්ෂාවට දැන් Class S හීරෝලා යොදවන්න කියල යෝජනා කරලා. ඒ අනුව තමයි මෙටල් බැට් දැන් අධ්‍යක්ෂකවරයෙකුගෙ ආරක්ෂාවට ඉන්නෙ. ඒත් එක පාරම රාස්සයො තොගයක් මෙටල් බැට්ගෙ ඉස්සරහට කඩන්පාත් වෙනවා. සෙන්ටිකෝහායි, සෙන්ටිසෙන්පායී තමා මේ අතරින් ප්‍රධාන වෙන්නෙ. ඒ වගේම අවධානම් මට්ටම ඩ්‍රැගන් වෙන දැවැන්ත රාස්සයා, සෙන්ටිචෝරෝත් දැන් කඩන්පාත්වෙලා. ඒ අතරෙ ගාරෝත් දැන් මෙටල් බැට් එක්ක වලියක් ඇදගන්නයි ලෑස්තිය. එහෙනම් ඊළඟට මොකද වෙන්නෙ කියල මේ කොටස් දෙකෙන් බලාගන්න. හමුවෙමු 7 සහ 8 කොටස්වලින්෴
“I became a hero for fun.”

One Punch Man,One Punch Man [ S 02: E 05 & E06] Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,918 downloadsDownload One-Punch-Man-AKA-Wanpanman-S02-E05-E06-Sinhala-Subtitles.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
3 comments
Tharindu
Akila Dilhara
Thanks for Sub , Brother...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![One Punch Man AKA Wanpanman [S02: E05 & E06] Sinhala Subtitles | වීරයින්ට එදිරිව එක්සත් වූ රාක්ෂයින්! [සිංහල උපසිරසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/One-Punch-Man-S01.jpg)



Ammo maru maru
Sub aka danakan balan hitiye
Thanks sub denawata