One Punch Man [ S02: E11 & E12] Sinhala Subtitles බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක් වේවා! එහෙනම් මේ සූදානම One Punch Man Season 2 අවසානය සනිටුහන් කරන්නයි. මේ උපසිරසි ලබාදෙන්නෙ මේ කතා සමයෙ අවසන් කොටස් දෙක වෙන 11 සහ 12 කොටස් දෙකට. දරුණු ප්‍රමාණයක් එක්ක හරි වචනය දුන්නා වගෙ එහෙනම් මේකටත් උපසිරසි…

One Punch Man [ S02: E11 & E12] Sinhala Subtitles

බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක් වේවා! එහෙනම් මේ සූදානම One Punch Man Season 2 අවසානය සනිටුහන් කරන්නයි. මේ උපසිරසි ලබාදෙන්නෙ මේ කතා සමයෙ අවසන් කොටස් දෙක වෙන 11 සහ 12 කොටස් දෙකට. දරුණු ප්‍රමාණයක් එක්ක හරි වචනය දුන්නා වගෙ එහෙනම් මේකටත් උපසිරසි ලබාදීලා අවසන් කරනවා ඔන්න. කීනොකී බොහොමයක් හේතු නිසයි මෙතරම් ප්‍රමාදයක් උනේ මේක. කොහොමහරි එහෙනම් වැඩේ අහවරක් කරලා දැම්මා. යමු පසුගිය මතකයන් වලට…

පසුගිය මතකයන් –

සුපර් ෆයිට් පිටියට කඩාවැදුණු ගෝකෙත්සු හා දරුණු සටනක තමයි සුයිරියු නියැලුනේ. නමුත් අවාසනාවන්ත විදිහට සුයිරියු දරුණු විදිහට තුවාල ලබනවා. කොරේපිටට මරේ කියන්නා වගේ මොන්ස්ටර් සෙල්ස් කාපු අර බකුසන් කියන එකාත් සුයිරියුට ඇප නැතිවෙන්නම නෙළනවා. මුකුත් කරකියාගන්න බැරුව අන්ත අසරණවෙලා ඉන්නකොට තමයි සුයිරියුගෙ ගැලවුම්කාරයා මෙතනට එන්නෙ. වෙන කවුරුත් නෙමෙයි, අපෙ සයිතමා. සයිතමා ඉතින් මෙතන යකා නටපු අර ගෝකෙත්සු කියන එකාටත් බකුසන් කියන එකාටත් බෙල්ල ගහලා යන්නම නෙළනවනෙ. සිරාවටම ඒක නම් ටිකක් හිරිගඩු පිපෙන සිදුවීමක් උනා මට. කොහොමහරි සයිතමා නිසා සෙල්ලක්කාර ජීවිතයක් ගතකරපු සුයිරියුත් පැහැදුනා කියල අපිට හිතන්න පුලුවන් ඒ වෙච්ච සංවාදය නිසා. අපේ එකා කොහෙ ගියත්, එතන නම තියලයි යන්නෙ. ඒ නිසාමයි සයිතමා මගෙ favorite ම ඇනිමේ චරිතයක් වෙන්නෙ.

ඊළඟ කාරණේ තමා මොන්ස්ටර් ඇසෝසියේෂන් එක. මෙතෙක් දියත් කරපු සියලුම ප්‍රහාරයන් උන් අරමුණු 3කට ලඝුකරලා කිව්වනෙ. ඒ තමා,

• පෘථිවිය මතුපිට විනාශයන් සිදුකරමින්, රාක්ෂයින්ගෙ බලය පෙන්වා මිනිසුන්ව තැතිගැන්වීම.

• හො‍ඳ හැකියාවක් තියෙන මිනිසුන් රාක්ෂයින් බවට පත් කිරීම.

• හීරෝ ඇසෝසියේෂන් එකට සමීප කෙනෙකුගෙ පවුලෙ සාමාජිකයෙක් පැහැර ගැනීම.

තුන්වෙනි කාරණය ගැන කිව්වොත්, ප්‍රාණැපකාරයෙක් ලබාගෙන උන් බලාපොරොත්තු වෙන්නෙ සියලුම හීරෝලා එක තැනකට එක්කාසු කරලා එකවර ප්‍රහාරයක් එල්ල කරන්න. එතකොට හීරෝලා අවම වෙන නිසා වැඩි ප්‍රතිරෝධයක් නැතුව උන්ට පෘථිවියෙ බලය අල්ලන්න හැකියාව ලැබෙන නිසා. දැන් හීරෝ ඇසෝසියේෂන් එක Class S හීරෝලා යොදවලා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන්නයි ලෑස්ති වෙන්නෙ. දවස් 3ක් ඇතුලත ඉන්න හීරෝලා එක්කහු කරන්, අර කොල්ලව බේරගන්න එන්න කියල තමා උන් කිව්වෙ.

මේ අතර වොච්ඩෝග් මෑන් එක්ක සටන් කරන්න ගිහිල්ලා ගාරෝ අම්බානෙකට ගුටිකාලා එනවනේ. යන අතරමඟ කින්ග්ට ගහන්න ගිහිල්ලා සයිතමාගෙනුත් හොඳ පයින්පාරක් කනවා. දැන් බැරිම තැන කොහෙද මඬුවකට රිංගලා වැතිරිලා ඉන්නවා. මේ අතරෙ තමයි ගාරෝව දඩයම් කරන්න හීරෝලා 8 දෙනෙක් ඉන්නෙ. ඒ Class A හීරෝ ඩෙත් ගැටොලින්ගෙ මූලිකත්වයෙන්. ඉතින් මොකද වෙන්නෙ කියල මේ අවසන් කොටස් දෙක බලලා දැනගන්න.

One Punch Man Season 03

දැන් කතාකරමු OPM Season 3 ගැන. 2019 දෙවෙනි සීසන් එක අවසන් වුන වෙලාවෙ ඉදලා ගොඩක් අය Season 3 ගැන හොඳ ආරංචියක් එයි කියල තමයි බලාගෙන හිටියෙ. මේ අතරෙ තමයි One Punch Man මන්ගා එකෙ Next Level art work එකක් තියෙන මන්ගා පැනල් ටිකක් එළියට එන්නෙ. ඒවා දැකපු අය හිතුවෙ මේවා නම් මේ කපේට ඇනිමේට් කරන්න හම්බෙන්නෙ නෑ කියල. කොහොමින්හරි තත්වය ඔහොම තියෙනකොට One Punch Man Season 3 එන බවට ඔන්න තොරතුරක් ලැබෙනවා. නිකන් නෙමෙයි… key visual එකක් එක්කම. පහළ තියෙන්නෙ ඒක තමා.

රූපේ දැක්කාම පේනවනෙ season 3වල වලිය යන්නෙ කා අතරද කියල. හැබැයි මේ තොරතුර එළියට එනකොට තිබ්බ ලොකුම ප්‍රශ්නය තමා කොයි ස්ටුඩියො එකද season 3 කරන්නෙ කියන එක. මොකද අර ආපු next level මන්ගා පැනල් ටික ආයෙ සුපිරියටම කරන්න ඕනෙ නිසා. මන්ගා එකට සාධාරණයක් කරන්නෙ නැතුව නිර්මාණය වෙච්ච ඇනිමේවලට රසිකයින්ගෙන් නම් අප්‍රසාදය තමා එල්ල වෙන්නෙ. ඉතින් හැමෝම බයවුණේ ගැම්මට දීගෙන ආපු One Punch Man එකත් බොකවෙලා යයි කියල. හැබැයි වටින් ගොඩින් ආරංචි ආවා Mappa ස්ටුඩියෝව One Punch Man කරන්න භාරගත්තා කියල. ඒ පාර තමා කට්ටියට තිබ්බ hype එකත් උපරිමේටම ආවෙ. පස්සෙ Mappa ස්ටුඩියෝවම නිවේදනය කරනවා තමා One Punch Man කරන්නෙ නෑ කියල.

ඉතින් යම් කාලයක් යනකම් One Punch Man Season 3 සම්බන්ධයෙන් කිසිම තොරතුරක් ආවේ නෑ. හැමෝම හිතුවෙ මේක cancel වෙලා කියල. ඔය අතරෙදි තමයි පසුගිය පෙබරවාරි 29 වැනිදා One Punch Man Season 3 දැන් නිෂ්පාදන කටයුතුවල තියෙනවා කියල තහවුරු වෙන්නෙ. මේ නිවේදනය එක්ක පොඩි teaser වීඩීයො එකකුත් අන්තර්ජාලයට එකතු වෙනවා. තව අලුත්ම key visual එකකුත්… පහළ තියෙන්නෙ ඒක තමා.

ඒ වගේම වඩාත් වැදගත්ම තොරතුර වෙන season 3 කරන ස්ටුඩියො එක මොකක්ද කියලත් ඔන්න හෙළි කරනවා. ඉතින් OPM Season 2 කරපු J.C. STAFF කියන ස්ටුඩියො එකම තමා season 3 නිර්මාණය කරන්නෙ. හිතමු වැඩේ එයාලා හොඳට ගොඩදායි කියල. මේ ලිපිය ලියන මොහොත වෙනකොටත් නිකුත් වෙන දිනයක් ගැන සදහනක් නෑ. නමුත් ඒ දවස වැඩි ඈතක නෙමෙයි කියල විස්වාසයි. ☺️ එහෙනම් season 3 ආපු දවසකත් මෙහෙමම උපසිරසි ලබා දෙන්නම්. එතකන්… ✌️

“I became a hero for fun.”

 

 

One Punch Man,One Punch Man [ S 02: E 09 & E10] Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,760 downloadsDownload One-Punch-Man-S-02-E-11-12-.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,760 downloadsDownload Subtitles26 KB

6 comments

  1. Sineth

    daíkal balan hitiye ela ela good luck

  2. Sameera

    Thank you sub ekata. ONE PUNCH MAN SPECIALS episode vagayak thinava evaiyith sub denna puluvanda

  3. Akila Dilhara

    Thanks Brother Sub එකට Finael Sub සෙට් එක එනකල්මයි බලන් හිටියෙ ...

  4. Nimry

    Sub එකට thanx , vinland saga anime series එකටත් සිංහල sub ගේන්නකෝ, ගොඩ කාලෙක ඉඳන් බලන් එන්නේ

    1. Pavith Wijesooriya

      ඒකට සබ් දෙනවා.

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.