One Punch Man [ S03: E02] Sinhala Subtitles 2025 වසරේ fall season එකේ වඩාත් බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් වුනු, අවුරුදු 6 ක දිගු නිහැඬියාවකට පසු දිග හැරෙන One Punch Man Season 3 හි 2 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. පළවෙනි කොටසෙදි ඇරඹුනේ හරියටම Season 2 අවසාන වුනු තැනින්. ඒ කියන්නෙ ගරෝ සහ ස…

2025 වසරේ fall season එකේ වඩාත් බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් වුනු, අවුරුදු 6 ක දිගු නිහැඬියාවකට පසු දිග හැරෙන One Punch Man Season 3 හි 2 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ.
පළවෙනි කොටසෙදි ඇරඹුනේ හරියටම Season 2 අවසාන වුනු තැනින්. ඒ කියන්නෙ ගරෝ සහ සිල්වර්ෆැන්ග් අතර වුනු සටන මැදට රාක්ෂයො කඩා පැන්නායින් පස්සෙ වුනේ මොකද කියන තැනින් තමයි Season 3 ආරම්භ උනේ. සිල්වර්ෆැන්ග්, ජෙනොස් සයිතමාගේ කුලී කාමරයේ විවේක ගනිමින් ඉන්නකොට එතනදි බ්ලිසාඩ් කියන වීරවරිය එනවා. සයිතමාව තමන්ගෙ පැත්තට හරව ගන්න එක තමයි ඇයගෙ අරමුණ උනේ. ඒ අතරේ සටනින් දරුණු තුවාල ලබපු ගරෝ, රාක්ෂයන්ගේ සෙවණේ සුවය ලබමින් ඉන්නවා. එතනදි ගරෝව රාක්ෂයන්ගේ පැත්තට නම්ම ගන්න ගියොරො-ගියොරො කියන රාක්ෂයා ඉලක්කයක් ගරෝට ලබා දෙනවා. ඒත් ගරෝ තමන්ව හඳුන්වන්නෙ වීරයන්ගෙ දඩයක්කාරයා විදිහට.
ගරෝ රාක්ෂයන්ගෙන් වෙන් වීමේ බලාපොරොත්තුවෙන් පිට වෙනවා. ඒත් එහෙම ලේසියෙන් ගරෝට රාක්ෂයන්ගෙ දැහැනින් බේරෙන්න පුලුවන් වෙයිද? තවත් රාක්ෂයො දෙන්නෙක් ගරෝව නිරීක්ෂණය කරනවා. ගරෝ වීරයන්ගෙ දඩයක්කාරයා විදිහට ඉඳීවිද? නැත්නම් රාක්ෂයන්ගෙ පැත්තට හැරේවිද? මේ කොටස බලන්නකො මොකද වෙන්නෙ කියලා. සුපුරුදු විදිහටම මේක අතට අත මුහුණට මුහුණ ගැටෙන, ලේ නෑවෙන සටන් සමගින් ත්‍රාසය, විනෝදය එකට අරන් එන කතාවක් වේවි.
ඒ වගේම සිංහල උපසිරැසිය නිර්මාණය වෙන්නෙ One-Punch Man – S03 [1080p] (Weekly) කියන ටොරන්ට් පිටපතට ගැලපෙන විදිහටයි. කොටින්ම ඕනෑම වෙබ් පිටපතකට මේ උපසිරැසි ගැලපේවි. ඒ වගේම උපසිරැසිය එක්ක ජපන් බසින් කතාව නරඹන්න අමතක කරන්න එපා. උපසිරැසි ගැන ඔයාලගෙ අදහස් කියගෙන යන්නත් අමතක කරන්න එපා. ඉදිරි කොටස් වලින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name : Monster Traits
Released Date : 2025.10.19
IMDB Rating : 6.4

One Punch Man,One Punch Man [ S 03: E 02] Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
1,838 downloadsDownload One-Punch-Man-S03-E02-sinhala-subtitles.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
1 comment
Anonymous
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ikmanta sub denna puluwnd