One Punch Man [ S03: E03] Sinhala Subtitles 2025 වසරේ fall season එකේ වඩාත් බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් වුනු, අවුරුදු 6 ක දිගු නිහැඬියාවකට පසු දිග හැරෙන One Punch Man Season 3 හි 3 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. සයිතමා, ජෙනොස් ප්‍රමුඛ වීරයන් කිහිපදෙනෙක් ගරෝ සමඟ සිද්ධ උනු සටනින් පස්සෙ ව…

2025 වසරේ fall season එකේ වඩාත් බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් වුනු, අවුරුදු 6 ක දිගු නිහැඬියාවකට පසු දිග හැරෙන One Punch Man Season 3 හි 3 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ.
සයිතමා, ජෙනොස් ප්‍රමුඛ වීරයන් කිහිපදෙනෙක් ගරෝ සමඟ සිද්ධ උනු සටනින් පස්සෙ විවේක ගනිමින් ඉන්න කොට ගරෝව සහ රාක්ෂයන්ගේ තිප්පොල හොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් සයිතමා පිටත් වෙලා යනවා. ඒ ගිය ගමන සයිතමා නතරවෙන්නෙ රෙස්ටුරන්ට් එකක. බඩගින්න නිවාගෙන ඉන්න කොට එතනට බ්ලිසාඩ් කියන වීරවරිය එනවා. එයා සයිතමාගෙ පස්සෙන් එන්නෙ සයිතමාව තමන්ගෙ පැත්ත හරව ගැනීමේ බලාපොරොත්තුව එක්කයි.
ඒ අතරෙදි රාක්ෂයන්ගෙ තිප්පොලෙන් එළියට ආපු ගරෝට සයිතමාව මුණ ගැහෙනවා. තවටමත් දෙන්නට දෙන්නා අඳුරන්නෙ නැති නිසා පොඩි බහින්බස් වීමකින් මේ පාරත් සයිතමාගෙ එක පහරකින් ගරෝ වැටෙනවා. ගරෝගේ පස්සෙන් ආපු රාක්ෂයන් දෙන්නාත් ගරෝගෙ මූණ ඉස්සරහටම ආවා. මේ දෙන්නගෙ අරමුණ තමයි සටනකින් ගරෝ රාක්ෂයන්ගෙ පැත්තට එන්න සුදුසුද කියල තීරණය කරන එක. ඒ සටනටත් ටිකෙන් ටික අඩිතාලම වැටෙනවා. ඒ සටන ගරෝ එක්ක සිද්ධ වෙන්නෙ කොහොමද? සටනින් දිනන්නෙ කවුද? මේ අතරෙ රාක්ෂයො රාක්ෂයො අතරත් අර්බුදයක් ඇති වෙනවා. ඒ මොකක්ද? ඒ වගේම සයිතමාව මුණගැහෙන්න අමුත්තෙකුත් එනවා. ඒ අමුත්තා කවුද? මේ කොටස බලන්නකො මොකද වෙන්නෙ කියලා. සුපුරුදු විදිහටම මේක අතට අත මුහුණට මුහුණ ගැටෙන, ලේ නෑවෙන සටන් සමගින් ත්‍රාසය, විනෝදය එකට අරන් එන කතාවක් වේවි.
ඒ වගේම මේ තුන්වෙනි කොටසත් එක්ක අඩු සයිස් එකකින් හොඳම කොලිටිය අරන් එන PSA වීඩියෝ පිටපත් නිකුත් වෙලා තියෙනවා. මෙතැන් පටන් සිංහල උපසිරැසිය නිර්මාණය වෙන්නෙ අන්න ඒ PSA වීඩියෝ පිටපතට ගැලපෙන විදිහටයි. කොටින්ම ඕනෑම වෙබ් පිටපතකට මේ උපසිරැසි ගැලපේවි. ඒ වගේම උපසිරැසිය එක්ක ජපන් බසින් කතාව නරඹන්න අමතක කරන්න එපා. උපසිරැසි ගැන ඔයාලගෙ අදහස් කියගෙන යන්නත් අමතක කරන්න එපා. ඉදිරි කොටස් වලින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name : Organism Limits
Released Date : 2025.10.26
IMDB Rating : 5.9

One Punch Man,One Punch Man [ S 03: E 03] Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
1,607 downloadsDownload One-Punch-Man-S03-E03-sinhala-subtitles.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


